• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් මෝදි හමුවී සුබ පතයි! රාත්‍රී භෝජන සංග්‍රහයේදී මෝදි ළඟින්ම වාඩිවෙයි! PHOTOS I Sri Lanka Latest News

June 10, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

අඛණ්ඩව තුන්වන වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමූ අතර ඉන්දු – ශ්‍රි ලංකා සබඳතා සවිමත්ව ඉදිරියට ගෙන යාමට යළිත් නායකයෝ ප්‍රතිඥා දුන්හ.Sri Lanka Latest News

නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවය ඊයේ (09) පස්වරුවේ නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ඇරයුම පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එම අවස්ථාවට එක් විය.

බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා, නේපාල අගමැති පුෂ්ප කමල් දහාල්, මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු , සීෂෙල්ස් උප ජනාධිපති, මොරිෂියස් අගමැති මෙන්ම භූතාන අගමැතිවරයා ප්‍රමුඛ කලාපයේ රාජ්‍ය නායකයන් රැසක් ද දිවුරුම් දීමේ උත්සවයට එක්ව සිටි අතර කලාපයේ නායකයන්ගෙන් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමි වුයේ ඉහළ පිළිගැනීමකි.

ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කලාපයේ නායකයන් සමඟ සමූහ ඡායාරූපයකට ද එක් වූ අතර එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අසළම ස්ථානය වෙන් කර තිබීම ද විශේෂත්වයකි.

මේ අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් සංවිධානය කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයටද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රාජ්‍ය නායකයන් එක් වූහ.

දිවුරුම් දීමේ උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීම පිළිබඳ ඉන්දීය මාධ්‍ය මගින් සුවිශේෂී ප්‍රචාරයක් ලබා දී තිබූ අතර නවදිල්ලි අගනුවර ප්‍රධාන වට රවුම් ආශ්‍රිතව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සහ මෝදි අගමැතිවරයාගේ රුව සහිත පුවරු ප්‍රදර්ශනය කර තිබිණි.

මෙම උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ෂෙනුකා සෙනවිරත්න , රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න,ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්‍ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2024-06-10

SendShareShare
Previous Post

රනිල් ඉන්දියාවේදී බංග්ලාදේශ අගමැතිනි හසීනා-ඉන්දීය විදේශ ඇමැති ජයශංකර් හමුවෙයි! I Sri Lanka Latest News

Next Post

මහින්දානන්දත් එක්ක වෙච්ච ගැටුමේදී කකුල කඩාගත් පොහොට්ටු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂගේ ටිකට් කපයි! I Sri Lanka Latest News

MORE NEWS

සලේගේ නෝනා දැන් හරි ජනප්‍රියයි ! Sri Lanka Latest News
Exclusive

සලේගේ නෝනා දැන් හරි ජනප්‍රියයි ! Sri Lanka Latest News

සියල්ල අහිමි කරමින් බැඳීම් බිඳදමන සෙනසුරු ඔබගේ හැරවුම් ලක්ෂ්‍යයයි! Sri Lanka Latest News
Astrology

සියල්ල අහිමි කරමින් බැඳීම් බිඳදමන සෙනසුරු ඔබගේ හැරවුම් ලක්ෂ්‍යයයි! Sri Lanka Latest News

හැව්ලොක් සිටියෙන් ඇල්ලූ රත්තරන් T56ට පොලිසිය දුමින්දව අත්අඩංගුවට ගනී! දුමින්දගේ කෝකියා සියල්ල වමාරයි! I Sri Lanka Latest News
Exclusive

රත්තරන් තුවක්කුව දුමින්දට යළි පත්තු වෙයි! I Sri Lanka Latest News

රටේ බහුතර ජනතාවට ඡන්ද අවශ්‍ය නෑ කියා ජනාධිපති කියනවා! පක්ෂ ඔක්කොම එකතු වුණත් 50%ක් නෑ කියනවා! රනිල් නුවරඑළියේදී විනිසුරුවරුන් ඉදිරියේ කරපු කතාවට සජිත් එකින් එක ප්‍රහාර එල්ල කරයි! එතුමා රටේ අභිමානවත්ම පක්ෂය පොළොවටම සමතලා කළා! එක මන්ත්‍රී කෙනෙක්වත් නැතිව ජාතික ලයිස්තුවෙන් ආපු එතුමා ඡන්දවලට බයයි! දේශපාලන ගමනේ අන්තිම තැනට එතුමා ඇවිත් ඉන්නේ! ජනාධිපතිවරණය තියන්න අපි 50% අරගෙන පෙන්නන්නම්! අපි ජනමතයට බය නෑ!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සාකච්ඡාව පැය එකහමාරක්! සජිත්-රනිල් විශේෂ හමුවක්! I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

කසාගලගේ ගස් වගාවන් ගැන මහබැංකුව විමර්ශන පටන් ගනී! Sri Lanka Latest News

මල් පාරේ සුපිරි ගෙයක් ගත්ත විපක්ෂ දේශපාලනඥයා රටින් පනී! Sri Lanka Latest News
Exclusive

මල් පාරේ සුපිරි ගෙයක් ගත්ත විපක්ෂ දේශපාලනඥයා රටින් පනී! Sri Lanka Latest News

Load More
සලේගේ නෝනා දැන් හරි ජනප්‍රියයි ! Sri Lanka Latest News
Exclusive

සලේගේ නෝනා දැන් හරි ජනප්‍රියයි ! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ කලින් කලට විවිධ චරිත හිටි හැටියේම අතිශය ජනප්‍රිය වන ආකාරයක් දැකගැනීමට පුළුවන.Sri Lanka Latest News ඇතැම්...

Read more
රජ ගමනක ඇරඹුම! ග්‍රහ ලොව චණ්ඩියා සටන් බිමට එයි! මරු කැඳවන දින 40ක ග්‍රහ චලිතය! Sri Lanka Latest News

ඇස්වහ-කටවහ-සතුරු-උවදුරු මවන – ජීවිතයේ පතුලම පීරන ගුප්ත සෙවණැල්ල කේතු! Sri Lanka Latest News

සියල්ල අහිමි කරමින් බැඳීම් බිඳදමන සෙනසුරු ඔබගේ හැරවුම් ලක්ෂ්‍යයයි! Sri Lanka Latest News

සියල්ල අහිමි කරමින් බැඳීම් බිඳදමන සෙනසුරු ඔබගේ හැරවුම් ලක්ෂ්‍යයයි! Sri Lanka Latest News

හැව්ලොක් සිටියෙන් ඇල්ලූ රත්තරන් T56ට පොලිසිය දුමින්දව අත්අඩංගුවට ගනී! දුමින්දගේ කෝකියා සියල්ල වමාරයි! I Sri Lanka Latest News

රත්තරන් තුවක්කුව දුමින්දට යළි පත්තු වෙයි! I Sri Lanka Latest News

රටේ බහුතර ජනතාවට ඡන්ද අවශ්‍ය නෑ කියා ජනාධිපති කියනවා! පක්ෂ ඔක්කොම එකතු වුණත් 50%ක් නෑ කියනවා! රනිල් නුවරඑළියේදී විනිසුරුවරුන් ඉදිරියේ කරපු කතාවට සජිත් එකින් එක ප්‍රහාර එල්ල කරයි! එතුමා රටේ අභිමානවත්ම පක්ෂය පොළොවටම සමතලා කළා! එක මන්ත්‍රී කෙනෙක්වත් නැතිව ජාතික ලයිස්තුවෙන් ආපු එතුමා ඡන්දවලට බයයි! දේශපාලන ගමනේ අන්තිම තැනට එතුමා ඇවිත් ඉන්නේ! ජනාධිපතිවරණය තියන්න අපි 50% අරගෙන පෙන්නන්නම්! අපි ජනමතයට බය නෑ!  VIDEO I Sri Lanka Latest News

සාකච්ඡාව පැය එකහමාරක්! සජිත්-රනිල් විශේෂ හමුවක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.