ආණ්ඩුව විවේචනය කළ බවට චෝදනා එල්ල කරමින් සිවිල් ක්‍රියාකාරිකයකු වූ අනුරුද්ධ බණ්ඩාර මහතා මෝදර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අද සවස ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර ඔහුට නීති සහාය ලබා දීම සදහා නීතීඥ කණ්ඩායමක් එක්ව සිටින බවද දැනගන්නට ඇත.
මීට පෙර වාර්තා වී තිබුණේ අනුරුද්ධ බණ්ඩාර මහතා කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇති බවකි.










