රට ඇතුළේ මහත්හ ආන්දෝලනයකට තුඩු දුන් සහශ්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය’ හෙවත් MCC සමාලෝචනය කිරීමේ කමිටුවේ අවසන් වාර්තාව අද (24) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදෙන ලදී.
හෙට (25) දිනයේ දී මෙම කමිටු වාර්තාව ජනාධිපතිවරයාට භාරදීමට නියමිත අතර, නිර්දේශ ද සහිත මෙම කමිටු වාර්තාව අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරියේ දී කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතය.
මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් ‘සහශ්‍රක අභියෝගතා සමායතන යෝජනාවලිය සමාලෝචනය කිරීමේ කමිටුව’ ක්‍රියාත්මක වූ අතර MCC ගිවිසුම සම්බන්ධයෙන් මාස 06ක කාලයක් අධ්‍යයනයක නිරත වූ අතර එහිදී විවිධ ක්ෂේත්‍රයන්හි අදහස් හා යෝජනා ද සැළකිල්ලට ගනු ලැබීය.
ඉන් අනතුරුව සිදු කරන ලද දීර්ඝ අධ්‍යයනයකින් පසුව එම කමිටුව විසින් නිර්දේශ සහිත වාර්තාව සකස් කර ඇත.










