• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Tuesday, March 21, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home CID

කෙළින් කටින් ඉන්න බැරිව ලොහාන් හිරගෙවල්වලට පැන නටපු නාඩගම ‘මව්රට’ හොයාගත්තා! ලණුව කඩා ගත් හරකෙක් ගැන අනුරපුර මහනාහිමියන්ගෙන් පැමිණිල්ලකුත් ඇවිත්! CID SPECIAL

September 21, 2021
in CID, Exclusive
Reading Time: 5 mins read
A A
මම හොරකම් නැවැත්තුවා! මට මඩ ගහන කුමන්ත්‍රණය වංචනික බන්ධනාගාර නිලධාරීන්ගේ වැඩක්!
892
SHARES
2.8k
VIEWS
Share on FacebookShare on Twitter

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු අමාත්‍ය ධූර බෙදා වෙන්කෙරන්නේ හරි අපූරු ක්‍රමයකටය. මැටි, බතික්, මැණික්, සීනි, පොල්, ආදී වශයෙන් ඉතිහාසයේ පෙර නොවූ විරූ අමාත්‍යාංශ බිහිවූ අතර ඒවාට විශේෂිත වූ ඇමැතිවරුන්ද පත්කරනු ලැබීය.

ඒ අතර මැණික් කර්මාන්තය ආශ්‍රිත කටයුතු සඳහා පත්කෙරෙන්නේ ලොහාන් රත්වත්තේවය. කීර්තිමත් දේශපාලන පවුලකට උරුමකම් කියන ඔහු චන්ද්‍රිකා ආණ්ඩුව පැවැති සමයේදී රාජ්‍ය ආරක්ෂක ඇමැති ධුරය දැරූ ජෙනරල් අනුරුද්ධ රත්වත්තේගේ වැඩිමහල් පුතාය. චන්ද්‍රිකා ජනාධිපතිනියගේ සමීප ඥාතීත්වයක්ද ඇති ලොහාන් රත්වත්තේට ලැබෙන පළමු ඇමැතිකම වන්නේ එයයි.

රාජ්‍ය ඇමැතිකමක් වන මැණික් ඇමැති ධූරයෙන් ඔද වැඩුණු ලොහාන් රත්වත්තේ මාස කිහිපයකට පෙර දිනක මහා රෑ ජාමේ සිය හිතවතුන් සහ හිතවතියන් කිහිප දෙනෙක් සමග කොට කලිසමකින් සැරසී අනුරාධපුර පූජා භූමියට ඇතුළු වීමට උත්සාහ ගන්නේ රුවන්මැලි සෑ මළුවට යන්නටය. රුවන්මැලි මහා සෑ අධිපති හිමියන් එහි ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන්ට දැනුම්දී ඇත්තේ කවුරුන් පැමිණියත් රාත්‍රී මැදියම පසුවූ’පසු මළුවට ඇතුළුවීමට ඉඩ නොදෙන ලෙසය. අටමස්ථානයේ රාජකාරි කරන පොලිස් නිලදරුවන් කිසි විටෙකත් ඒ හිමිවරුන්ගේ අණට ඉහළින් යන්නේ නැත. ඒ අනුව රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ ඇතුළු පිරිසට එදා රුවන්මැලි සෑ මළුවට පය තබන්නට ඉඩක් නොවීය.

එදා මහා රෑ නායක හිමියන් අවදිකරමින් පොලිස් නිලධාරීන් උන්වහන්සේට ඒ ගැන පැමිණිලි කරන්නේ බීමත්ව කෙළින් කටින් ඉන්නටත් බැරිව සිටි රත්වත්තේ අමාත්‍යවරයාගෙන් තමන්ට තර්ජන එල්ලවූ’බව කියමිනි.

පසුදින උදෑසනම රටේ ඉහළම තැනට ඇමතුමක් ගන්නා උන්වහන්සේ දැනුම් දෙන්නේ, ‘ඔබතුමාගේ ගාලේ හරකෙක් ඊයේ රෑ ලණුව කඩාගෙන මේ පැත්තට ඇවිත් තිබ්බා. බැඳල තියන්න ඕනේ හරක් බැඳලම තිබ්බොත් හොදයි…’ යැයි කියාය.

අනතුරුව එවකට උතුරුමැද පළාත භාරව සිටි පොලිස් ප්‍රධානියාව කැඳවා උන්වහන්සේ දැනුම් දෙන්නේ කිසිදු හේතුවක් මත රුවන්මැලි සෑයේ ආරක්ෂාවට යොදවා සිටින නිලධාරියකුට ස්ථාන මාරුවීමක් ලබා නොදෙන ලෙසය.

මේ සිදුවීමෙන් සතියක් දෙකක් ඉක්ම ගියේ නැත. බන්ධනාගාර රාජ්‍ය ඇමැති ධුරය දරමින් සිටි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේගෙන් එම ඇමැති ධුරය ගැළවිණි. ඇයට කොවිඩ් රාජ්‍ය ඇමැති ධුරය ලැබෙන විට බන්ධනාගාරය භාර කරන්නේ ලොහාන් රත්වත්තේටය. ඒ, ඔහු ඒ වන විට දරමින් සිටි මැණික් ඇමැති ධුරයට අමතරවය.
ඒ වන විට මහර බන්ධනාගාරයේ ඇතිවුණු ගැටුමක් හා වෙඩිතැබීමක් හේතුවෙන් රැඳවූවන් කිහිප දෙනෙක් මියගොස් සැලකිය යුතු පිරිසක් තුවාල ලබා සිටියේය. බන්ධනාගාර ඇමැති ධුරයේ ලොහාන් රත්වත්තේ වැඩ භාරගත් වහාම අතගසන්නේ ඒ සිදුවීම සම්බන්ධයෙනි. ඔහු පවසන්නේ කිසිදු රැඳවූවෙක් වෙඩිතැබීමෙන් මියගොස් නැති බවකි. රැඳවූවන් අතර ඇතිවූ’පහරදීම් සහ කපාකොටා ගැනීම්වලින් එම මරණ සිදුව ඇති බවත් ඔහු කීවේය. බන්ධනාගාරයේ නිලධාරීන් කර ඇත්තේ ගැටුම පාලනය කිරීමට අහසට වෙඩි තැබීමක් පමණි. එසේම මියගිය රැඳවියන් සියලු දෙනාම කොවිඩ් ආසාදිතයන් බවද ඔහු පවසන්නට විය. ඒ අනුව එම මරණ සියල්ලක්ම සූදානම් කරන්නට වූයේ ආදාහනය සඳහාය.

එදා ඇමැතිවරයා එසේ කීවද එම සිදුවීම ගැන විමර්ශන පැවැත්වීමට පත්කර තිබුණු රහස් පොලිස් නිලධාරීන්ට අනුව නම් වෙඩිතැබීම සිදුව තිබුණේ සංවිධානාත්මකවය. සිරකරුවන් මියගොස් සිටියේ බන්ධනාගාරය පැත්තෙන් තැබූ වෙඩි වැදීමෙනි. මේ ගැන සිරකරුවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානයක් අධිකරණයට කරුණු දක්වමින් විධිමත් පශ්චාත් මරණ පරීක්ෂණයක් ඉල්ලා සිටියේය. බන්ධනාගාර ඇමතිවරයා කීවේ අලි බොරුවක් යැයි තහවුරු වන්නේ ඒ අනුව පැවැත්වූ’පශ්චාත් මරණ පරීක්ෂණයෙනි.

කෙසේ වෙතත් එදා මහා ලොකුවට ලෝකෙටම පේන්නට මහර බන්ධනාගාරයේ වෙඩිතැබීම ගැන රහස් පොලීසිය යොදවා විමර්ශනයක් කළද මෙතෙක් ඒ විමර්ශනයෙන් හෙළිවූ’පුද්ගලයන්ට දඬුවමක් හිමිවූ බවක් නම් පෙනෙන්නට නැත. ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමැතිවරයා බන්ධනාගාර පද්ධතිය හදන්නට මේ කාලය පුරාම කැපවීමකින් කටයුතු කරන බවක් නම් රට කරවන උදවියට දැනෙන්නට ඇත. ඒ නිසාම ඔහුට උසස්වීමක් දෙන්නට යන බවට වූ තහවුරු නොවූ කතාබහක්ද පසුගිය කාලයේ පැවතුණි. ඒ, සරත් වීරසේකරගෙන් පොලීසිය ගළවා ඔහුට දෙන්නට යන බවටය. ඒ තොරතුරේ ඇත්ත නැත්ත අදටත් තහවුරු නොවූවත් පොලීසියේ ලොකු ලොක්කන් නම් ඒ ගැන ආරංචිය ලද මොහොතේ සිට ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමැතිවරයා කෙරෙහි වෙනදාට වඩා ළෙන්ගතුකමක් බය පක්ෂපාතකමක් දක්වන්නට වූ’බව පොලීසිය තුළ ප්‍රසිද්ධ රහසකි.

ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමැතිවරයා සම්බන්ධයෙන් කරළියේ ජරමර ඇතිවන දෙවැනි ජවනිකාව සිදුවන්නේ පසුගිය 06 වැනිදාය. එදාත් ඔහු සිය මිතුරන් දෙතුන් දෙනෙක් සහ රූප සුන්දරියක් සමග වැලිකඩ බන්ධනාගාරයට එන්නේ කොට කලිසමක් හැඳගෙනය. අනුරාධපුර රුවන්මැලි සෑ මළුවට යන්නට ඔහු ආවේත් මේ විදියටමය. නිලධාරීන් නම් කියන්නේ එදත් මෙදත් ඔහුගේ මුවින් මත්පැන් ගඳ වහනය වූ බවකි. ඔහු වැනෙමින් සිටින බවක්ද දර්ශනය වූ’බව ඒ නිලධාරීහු කියති.

බේස්ලයින් මාවතෙන් පිවිස වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ගේට්ටුව අසල රාජ්‍ය ඇමැති ලොහාන් පැමිණි වාහනය නතර කරන තුරුම බන්ධනාගාරයේ කිසිවකුත් ඔහු ඒ මොහොත් පැමිණෙන බවක් දැන නොසිටියේය. ලොහාන් ගමන්ගත් සුඛෝපභෝගී රථය නතර කෙරන්නේ වැලිකඩ බන්ධනාගරය ඉදිරිපිටය. අඳුර වැටෙමින් ඇති මොහොතක පැමිණි ඔහු බන්ධනාගාර නිලධාරීන්ට දැනුම් දෙන්නේ තමාගේ මිතුරන්ට එල්ලුම් ගහ බලන්න උවමනා බැවින් එතැනට රැගෙන යන ලෙසටය. සාමාන්‍ය පුරවැසියකු වෙනුවෙන් නම් මෙවන් ඉල්ලීමකට ලැබෙන ප්‍රතිචාරය බැහැ යැයි වූවත් තමාගේ රාජ්‍ය ඇමැතිවරයාට පිටුපාන්නට කිසිදු නිලධාරියකුට හයියක් නොවීය. ඒ, රාජ්‍ය ඇමැතිවරයා සමග පැමිණ සිටි රූප රාජිනිය හැරුණු කොටය. ඒ, එල්ලුම් ගහ ඇති ස්ථානයට යායුතු වන්නේ පිරිමි සිරකරුවන් රඳවා සිටින ඉසව්ව පසුකර ගෙන වූ’බැවින් රූප රාජිනිය ඒ මොහොත් හැඳි ඇදුම් දීර්ඝ කාලයක් සිරගතව සිටිමින් කාන්තා රුවක් නොදුටු සිරකරුවන් ඇය දැක කළහකාරී වනු ඇතැයි අනුමාන කරමිනි. එසේම ඇයට සිරකරුවන්ගෙන් කරදරයක් වනු ඇතැයිද නිලධාරීන් බියටද පත්විය. රාජ්‍ය ඇමැති ලොහාන්ගෙන් ඊට එතරම් යහපත් ප්‍රතිචාරයක් නොවූවත් අවසානයේදී ඇය මඟ නතරවන්නට තීරණය කිරීම හේතුවෙන් ලොහාන් සිය මිතුරන් සමග එල්ලුම් ගහ බලන්නට ගිය බව බන්ධනාගාරය පැත්තෙන් ලැබෙන තොරතුරුවලන් කියැවෙයි.

ඒ කතාවත් එසේ නිමාවිය. තුන්වැනි ජවනිකාවට මුලපිරෙන්නේ ඉකුත් 12 වැනිදාය. සුපුරුදු මිතුරු මිතුරියන් සමග එදා ලොහොන් රත්වත්තේ රාජ්‍ය ඇමැතිවරයා සුපුරුදු ලෙස කොට කලිසමකින් සැරසී අනුරාධපුරයට ගියේ යැයි කියන්නේ හෙලිකොප්ටරයක නැගීය. එහෙත් ගුවන් හමුදාව හෝ ගුවන් සේවා අධිකාරිය ඒ කියන වේලාවේ හෙලිකොප්ටරයත් ගුවන් ගතවූ බවක් නම් තහවුරු කරන්නේ නැත. ඒ, රාත්‍රී කාලයක ඒ ගමන සිදුවූ’බව කියන බැවිණි. රෑ හෝ දවල් හෙලිකොප්ටරයකින් හෝ වෙනත් ක්‍රමයකින් ඔහු ඇතුළු පිරිස එදා අනුරාධපුරයට ගොස් සිටියේය.

එතැන් සිට කතාව කියන්නේ දෙමළ ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්ම්බලම්ය.

‘12 වැනිදා හැන්දෑවේ බන්ධනාගාරයට නියම කරලා තියෙන ස්ටේට් මිනිස්ටර් අනුරාධපුර බන්ධනාගාරෙට ගිහිල්ලා එහේ හිටපු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට අරගෙන ඉන්න දෙමළ සිරකරුවන්ව කැඳවලා, විශේෂයෙන්ම දෙන්නෙක්ව දණගස්සලා ඒ ඇමැතිවරයාගේ ආරක්ෂාවට තිබුණු පිස්තෝලය අරගෙන ඔළුවටත්, ඇඟටත් එල්ල කරලා ඔහුව විනාඩියකින් මරලා දන්න පුළුවන් කියලා කියලා තියෙනවා. ටිකක් බලන්න, අද හියුමන් රයිට්ස් කවුන්සිල් එකේ PTA ගැන විශාල විවාදයක් යනවා. දැන් අර PTA එක යටතේ අත්අඩංගුවට අරගෙන ඉන්න දේශපාලන සිරකරුවන්ව තමයි ඇමැතිවරයා ගිහිල්ලා තර්ජනය කරලා තියෙන්නේ…’ යනුවෙනි.

මේ කතාවේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් මෙය එළියට එන්නේ වැලිකඩට ගොස් ඔහු නැටූ’නාඩගම නම්ගම් නොමැතිව මාධ්‍ය මගින් ඉකුත් 14 වැනිදා වාර්තා කිරීමත් සමගිනි. ඒත් එක්කම එතෙක් සැඟව තිබුණු අනුරාධපුරයේ සිදුවීම ගැන විපක්ෂයේ දේශපාලනඥයන් මාධ්‍ය ඉදිරියට පැමිණ කියන්නට ගත්තේය.

ඊට පසුදිනද මාධ්‍යවල ලොහාන් රත්වත්තේගේ නම සහිතව අනුරාධපුර බන්ධනාගරයේ සිදුවීම වාර්තා කර තිබුණේය.

ගජේන්ද්‍ර පොන්නම්බලම් ඇතුළු දෙමළ ජාතික මන්ත්‍රීවරු ඒ සිදුවීමට එරෙහිව හඬ නගන්නට ගත්තේ ඒත් එක්කමය. ඒ හඬ ජාත්‍යන්තරය වෙතම ඇදී ගියේ ජිනීවා මානව හිමිකම් කොමිසමේද එය මාතෘකාවක් බවට පත්කරවමිනි. ඒත් එක්කම රටේ ගෞරවය ජාත්‍යන්තර අපවාදවලින් බේරාගැනීමට කළ යුතු එකම විකල්පය ලෙස බලධාරීන් තොරාගන්නේ ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමැති ධූරයෙන් ඉවත් කිරීමය. ඒ බව ලොහාන්ට දැනුම් දෙන්නේ ඉතාලියේ සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂය. ඒ, කන පුපුරු ගාන්නට හොඳවායින් දෙක තුනක්ද දෙසාබාමිනි. පැය කිහිපයක් ගියේ නැත. ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වන බවට ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළේය. ඒ, මාධ්‍ය වාර්තා කිහිපයක් හේතුවෙන් රජය අපහසුතාවට පත්වන බවක් කියමිනි. ඒ අතර හැරෙන තැපෑලෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ වගකීම භාරගනිමින් ලොහාන් රත්වත්තේ මහතා ජනාධිපතිවරයාට යොමුකළ ලිපිය භාරගත් බවය.

කෙසේ වෙතත් ලොහොන් රත්වත්තේ විසින් ජනාධිපතිවරයාට යොමුකළ ලිපියේ කිසිදු තැනක වගකීම භාරගත් බවක් නම් සඳහන් කර නැත. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පවා එදින සවස හදිසියේම මාධ්‍ය හමුවක් පවත්වමින් මාධ්‍ය වාර්තාවල සඳහන්ව තිබූ කිසිවක් සිදු නොවූ’ බවද කියන්නට විය.

කවුරුන් මෙහිදී ඇත්ත කියන්නේදැයි යන්න පිළිබඳ ඇත්තේ උභතෝකොටික ගැටලුවකි. විපක්ෂයේ දේශපාලනඥයන් නම් හඬ නගන්නේ ලොහාන් රත්වත්තේව මේ මොහොතේ අත්අඩංගුවට ගතයුතු බවකි. ඒ, සිරකරුවන්ගේ හිසට පිස්තෝල එල්ලකර මරණීය තර්ජනයන් කර ඇති බැවිණි. කෙසේ වෙතත් ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රාජ්‍ය ඇමැතිකමෙන් ඉවත්වුවද, මැණික් ඇමැතිකමෙන් ඉවත්ව නැති බැවින් ඔහු තවමත් රාජ්‍ය ඇමැතිවරයෙකි.

රුවන් වෙඩිවර්ධන

Share357Tweet223SendShare89
Previous Post

පෝට් සිටිය ගැන ජනපති කුවේට් අගමැති එක්ක කතා කරයි!

Next Post

ශ්‍රීලනිප මන්ත්‍රිනිය කොරෝනාවෙන් මරුට!

MORE NEWS

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ගැන හර්ෂ මහා හෙළිදරව්වක් කරයි! කෝටි ගණන් ගෙවලා පත්තරවල දැන්වීම් දානවා! සුපිරි මත්පැන් දීලා පාටි දාන්න කෝටි ගණන් වියදම් කරනවා! හැබැයි ජනතාවට සහනයක් වන සුවසැරියට ගෙවන්න රක්ෂණ සංස්ථාවට සල්ලි නෑ! එහෙම වෙන්නෙ කොහොමද? (VIDEO)
Exclusive

කෝප් එකේදි එළියට ආපු රක්ෂණ සංස්ථාවේ ‌බිලියන ගණන් ගැහිලි ගැන අපි කලින් එකක් හෙළිකළා! ඒ පාර අපි කිව්වේ ලොක්කන්ගේ පඩි රහසක් කියලා! මෙන්න දෙවැනි එක! මේ පාර කියන්නේ විදෙස් ශ්‍රමිකයන් රක්ෂණය කරද්දි හොර පාරෙන් ගහපු කෝටි ගාණක ගැහිල්ලක් ගැන! ලිපිගොනුත් නෑ! අහද්දි ලොක්කන්ට කටඋත්තරත් නෑ! ඊළඟ වංචාවත් හෙට අනිද්දම එළියට දානවා! VIDEO

March 21, 2023
මහ මොළකරු… ආරක්ෂක ලේකම්… පොලිස්පති… දේශබන්දු… දඩයම සහ ජවිපෙ! (VIDEO)
Exclusive

හම්බන්තොට වරාය විකුණපු වෙලාවෙත් රනිලුයි මලිකුයි මේ වගේම උජාරුවෙන් පෙන්නුවා! අදත් ඒ වගේම කොන්දේසිවලට යට වෙලා බදු බර වැඩි කරලා රාජ්‍ය ආයතන විකුණලා ණය අරන් උජාරුවෙන් කතා කරනවා! ලැජ්ජයි! IMF ගැන ජවිපෙ මතය! VIDEO

March 21, 2023
ස්ථාවර නියෝග 21යි 2  යටතේ මේ පාර්ලිමේන්තුව ඇතුළේ පිටස්තර කෙනෙකුට කතා කරන්න බෑ! වහාම කතානායකතුමා එයාව එළියට දාන්න! කව්ද අද පාර්ලිමේන්තුවට ආපු පිටස්තරයා? සභාව උණුසුම්! (VIDEO)
Exclusive

කවදාවත් IMF යන්නේ නෑ කියපු පොහොට්ටු අය අද වීරයෝ වෙලා! කෝටි ගාණක IMF ණයක් අරන් පුදුම චූන් විල්ලක් චූන් වෙලා! VIDEO

March 21, 2023
සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!
Exclusive

සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!

March 21, 2023
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)
Exclusive

අද උදේම පාර්ලිමේන්තුව උණුසුම් වෙයි! ආණ්ඩුව ගෙනා ගැසට් එකට සජිත් ඡන්දයක් ඉල්ලයි! අණ්ඩුවත් සජිත්ගේ යෝජනාවට පක්ෂව අත උස්සයි! ආණ්ඩුවේ ගැසට් එක පරාද වෙයි! සජිත් නීති සිසුන්ට සාධාරණය ඉටු කරයි! VIDEO

March 21, 2023
ඡන්දෙට සල්ලි නෑ කියලා මම කිව්වේ නෑ! මුදල් අමාත්‍යංශ ලේකම් පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කමිටුවට අද දැනුම් දෙයි!
Exclusive

ඡන්දෙට සල්ලි නොදී මුදල් ලේකම් නඩු 2ක් දාගනී! එකක් සජබෙන්! අනෙක ජාජබෙන්! අද ෆයිල් කළා!

March 21, 2023
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ගැන හර්ෂ මහා හෙළිදරව්වක් කරයි! කෝටි ගණන් ගෙවලා පත්තරවල දැන්වීම් දානවා! සුපිරි මත්පැන් දීලා පාටි දාන්න කෝටි ගණන් වියදම් කරනවා! හැබැයි ජනතාවට සහනයක් වන සුවසැරියට ගෙවන්න රක්ෂණ සංස්ථාවට සල්ලි නෑ! එහෙම වෙන්නෙ කොහොමද? (VIDEO)
Exclusive

කෝප් එකේදි එළියට ආපු රක්ෂණ සංස්ථාවේ ‌බිලියන ගණන් ගැහිලි ගැන අපි කලින් එකක් හෙළිකළා! ඒ පාර අපි කිව්වේ ලොක්කන්ගේ පඩි රහසක් කියලා! මෙන්න දෙවැනි එක! මේ පාර කියන්නේ විදෙස් ශ්‍රමිකයන් රක්ෂණය කරද්දි හොර පාරෙන් ගහපු කෝටි ගාණක ගැහිල්ලක් ගැන! ලිපිගොනුත් නෑ! අහද්දි ලොක්කන්ට කටඋත්තරත් නෑ! ඊළඟ වංචාවත් හෙට අනිද්දම එළියට දානවා! VIDEO

March 21, 2023

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නිලධාරීන් පසුගිය දිනෙක කෝප් කමිටුව හමුවට කැදවා තිබුණු අතර එහිදී පසුගිය කාලයේදී සිදුව ඇතැයි කියන වංචා...

Read more
මහ මොළකරු… ආරක්ෂක ලේකම්… පොලිස්පති… දේශබන්දු… දඩයම සහ ජවිපෙ! (VIDEO)

හම්බන්තොට වරාය විකුණපු වෙලාවෙත් රනිලුයි මලිකුයි මේ වගේම උජාරුවෙන් පෙන්නුවා! අදත් ඒ වගේම කොන්දේසිවලට යට වෙලා බදු බර වැඩි කරලා රාජ්‍ය ආයතන විකුණලා ණය අරන් උජාරුවෙන් කතා කරනවා! ලැජ්ජයි! IMF ගැන ජවිපෙ මතය! VIDEO

March 21, 2023
ස්ථාවර නියෝග 21යි 2  යටතේ මේ පාර්ලිමේන්තුව ඇතුළේ පිටස්තර කෙනෙකුට කතා කරන්න බෑ! වහාම කතානායකතුමා එයාව එළියට දාන්න! කව්ද අද පාර්ලිමේන්තුවට ආපු පිටස්තරයා? සභාව උණුසුම්! (VIDEO)

කවදාවත් IMF යන්නේ නෑ කියපු පොහොට්ටු අය අද වීරයෝ වෙලා! කෝටි ගාණක IMF ණයක් අරන් පුදුම චූන් විල්ලක් චූන් වෙලා! VIDEO

March 21, 2023
සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!

සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!

March 21, 2023
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)

අද උදේම පාර්ලිමේන්තුව උණුසුම් වෙයි! ආණ්ඩුව ගෙනා ගැසට් එකට සජිත් ඡන්දයක් ඉල්ලයි! අණ්ඩුවත් සජිත්ගේ යෝජනාවට පක්ෂව අත උස්සයි! ආණ්ඩුවේ ගැසට් එක පරාද වෙයි! සජිත් නීති සිසුන්ට සාධාරණය ඉටු කරයි! VIDEO

March 21, 2023

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version