• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home CID

කෙළින් කටින් ඉන්න බැරිව ලොහාන් හිරගෙවල්වලට පැන නටපු නාඩගම ‘මව්රට’ හොයාගත්තා! ලණුව කඩා ගත් හරකෙක් ගැන අනුරපුර මහනාහිමියන්ගෙන් පැමිණිල්ලකුත් ඇවිත්! CID SPECIAL

September 21, 2021
in CID, Exclusive
Reading Time: 5 mins read
A A
මම හොරකම් නැවැත්තුවා! මට මඩ ගහන කුමන්ත්‍රණය වංචනික බන්ධනාගාර නිලධාරීන්ගේ වැඩක්!
Share on WhatsAppShare on Facebook

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු අමාත්‍ය ධූර බෙදා වෙන්කෙරන්නේ හරි අපූරු ක්‍රමයකටය. මැටි, බතික්, මැණික්, සීනි, පොල්, ආදී වශයෙන් ඉතිහාසයේ පෙර නොවූ විරූ අමාත්‍යාංශ බිහිවූ අතර ඒවාට විශේෂිත වූ ඇමැතිවරුන්ද පත්කරනු ලැබීය.

ඒ අතර මැණික් කර්මාන්තය ආශ්‍රිත කටයුතු සඳහා පත්කෙරෙන්නේ ලොහාන් රත්වත්තේවය. කීර්තිමත් දේශපාලන පවුලකට උරුමකම් කියන ඔහු චන්ද්‍රිකා ආණ්ඩුව පැවැති සමයේදී රාජ්‍ය ආරක්ෂක ඇමැති ධුරය දැරූ ජෙනරල් අනුරුද්ධ රත්වත්තේගේ වැඩිමහල් පුතාය. චන්ද්‍රිකා ජනාධිපතිනියගේ සමීප ඥාතීත්වයක්ද ඇති ලොහාන් රත්වත්තේට ලැබෙන පළමු ඇමැතිකම වන්නේ එයයි.

රාජ්‍ය ඇමැතිකමක් වන මැණික් ඇමැති ධූරයෙන් ඔද වැඩුණු ලොහාන් රත්වත්තේ මාස කිහිපයකට පෙර දිනක මහා රෑ ජාමේ සිය හිතවතුන් සහ හිතවතියන් කිහිප දෙනෙක් සමග කොට කලිසමකින් සැරසී අනුරාධපුර පූජා භූමියට ඇතුළු වීමට උත්සාහ ගන්නේ රුවන්මැලි සෑ මළුවට යන්නටය. රුවන්මැලි මහා සෑ අධිපති හිමියන් එහි ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන්ට දැනුම්දී ඇත්තේ කවුරුන් පැමිණියත් රාත්‍රී මැදියම පසුවූ’පසු මළුවට ඇතුළුවීමට ඉඩ නොදෙන ලෙසය. අටමස්ථානයේ රාජකාරි කරන පොලිස් නිලදරුවන් කිසි විටෙකත් ඒ හිමිවරුන්ගේ අණට ඉහළින් යන්නේ නැත. ඒ අනුව රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ ඇතුළු පිරිසට එදා රුවන්මැලි සෑ මළුවට පය තබන්නට ඉඩක් නොවීය.

එදා මහා රෑ නායක හිමියන් අවදිකරමින් පොලිස් නිලධාරීන් උන්වහන්සේට ඒ ගැන පැමිණිලි කරන්නේ බීමත්ව කෙළින් කටින් ඉන්නටත් බැරිව සිටි රත්වත්තේ අමාත්‍යවරයාගෙන් තමන්ට තර්ජන එල්ලවූ’බව කියමිනි.

පසුදින උදෑසනම රටේ ඉහළම තැනට ඇමතුමක් ගන්නා උන්වහන්සේ දැනුම් දෙන්නේ, ‘ඔබතුමාගේ ගාලේ හරකෙක් ඊයේ රෑ ලණුව කඩාගෙන මේ පැත්තට ඇවිත් තිබ්බා. බැඳල තියන්න ඕනේ හරක් බැඳලම තිබ්බොත් හොදයි…’ යැයි කියාය.

අනතුරුව එවකට උතුරුමැද පළාත භාරව සිටි පොලිස් ප්‍රධානියාව කැඳවා උන්වහන්සේ දැනුම් දෙන්නේ කිසිදු හේතුවක් මත රුවන්මැලි සෑයේ ආරක්ෂාවට යොදවා සිටින නිලධාරියකුට ස්ථාන මාරුවීමක් ලබා නොදෙන ලෙසය.

මේ සිදුවීමෙන් සතියක් දෙකක් ඉක්ම ගියේ නැත. බන්ධනාගාර රාජ්‍ය ඇමැති ධුරය දරමින් සිටි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේගෙන් එම ඇමැති ධුරය ගැළවිණි. ඇයට කොවිඩ් රාජ්‍ය ඇමැති ධුරය ලැබෙන විට බන්ධනාගාරය භාර කරන්නේ ලොහාන් රත්වත්තේටය. ඒ, ඔහු ඒ වන විට දරමින් සිටි මැණික් ඇමැති ධුරයට අමතරවය.
ඒ වන විට මහර බන්ධනාගාරයේ ඇතිවුණු ගැටුමක් හා වෙඩිතැබීමක් හේතුවෙන් රැඳවූවන් කිහිප දෙනෙක් මියගොස් සැලකිය යුතු පිරිසක් තුවාල ලබා සිටියේය. බන්ධනාගාර ඇමැති ධුරයේ ලොහාන් රත්වත්තේ වැඩ භාරගත් වහාම අතගසන්නේ ඒ සිදුවීම සම්බන්ධයෙනි. ඔහු පවසන්නේ කිසිදු රැඳවූවෙක් වෙඩිතැබීමෙන් මියගොස් නැති බවකි. රැඳවූවන් අතර ඇතිවූ’පහරදීම් සහ කපාකොටා ගැනීම්වලින් එම මරණ සිදුව ඇති බවත් ඔහු කීවේය. බන්ධනාගාරයේ නිලධාරීන් කර ඇත්තේ ගැටුම පාලනය කිරීමට අහසට වෙඩි තැබීමක් පමණි. එසේම මියගිය රැඳවියන් සියලු දෙනාම කොවිඩ් ආසාදිතයන් බවද ඔහු පවසන්නට විය. ඒ අනුව එම මරණ සියල්ලක්ම සූදානම් කරන්නට වූයේ ආදාහනය සඳහාය.

එදා ඇමැතිවරයා එසේ කීවද එම සිදුවීම ගැන විමර්ශන පැවැත්වීමට පත්කර තිබුණු රහස් පොලිස් නිලධාරීන්ට අනුව නම් වෙඩිතැබීම සිදුව තිබුණේ සංවිධානාත්මකවය. සිරකරුවන් මියගොස් සිටියේ බන්ධනාගාරය පැත්තෙන් තැබූ වෙඩි වැදීමෙනි. මේ ගැන සිරකරුවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානයක් අධිකරණයට කරුණු දක්වමින් විධිමත් පශ්චාත් මරණ පරීක්ෂණයක් ඉල්ලා සිටියේය. බන්ධනාගාර ඇමතිවරයා කීවේ අලි බොරුවක් යැයි තහවුරු වන්නේ ඒ අනුව පැවැත්වූ’පශ්චාත් මරණ පරීක්ෂණයෙනි.

කෙසේ වෙතත් එදා මහා ලොකුවට ලෝකෙටම පේන්නට මහර බන්ධනාගාරයේ වෙඩිතැබීම ගැන රහස් පොලීසිය යොදවා විමර්ශනයක් කළද මෙතෙක් ඒ විමර්ශනයෙන් හෙළිවූ’පුද්ගලයන්ට දඬුවමක් හිමිවූ බවක් නම් පෙනෙන්නට නැත. ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමැතිවරයා බන්ධනාගාර පද්ධතිය හදන්නට මේ කාලය පුරාම කැපවීමකින් කටයුතු කරන බවක් නම් රට කරවන උදවියට දැනෙන්නට ඇත. ඒ නිසාම ඔහුට උසස්වීමක් දෙන්නට යන බවට වූ තහවුරු නොවූ කතාබහක්ද පසුගිය කාලයේ පැවතුණි. ඒ, සරත් වීරසේකරගෙන් පොලීසිය ගළවා ඔහුට දෙන්නට යන බවටය. ඒ තොරතුරේ ඇත්ත නැත්ත අදටත් තහවුරු නොවූවත් පොලීසියේ ලොකු ලොක්කන් නම් ඒ ගැන ආරංචිය ලද මොහොතේ සිට ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමැතිවරයා කෙරෙහි වෙනදාට වඩා ළෙන්ගතුකමක් බය පක්ෂපාතකමක් දක්වන්නට වූ’බව පොලීසිය තුළ ප්‍රසිද්ධ රහසකි.

ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමැතිවරයා සම්බන්ධයෙන් කරළියේ ජරමර ඇතිවන දෙවැනි ජවනිකාව සිදුවන්නේ පසුගිය 06 වැනිදාය. එදාත් ඔහු සිය මිතුරන් දෙතුන් දෙනෙක් සහ රූප සුන්දරියක් සමග වැලිකඩ බන්ධනාගාරයට එන්නේ කොට කලිසමක් හැඳගෙනය. අනුරාධපුර රුවන්මැලි සෑ මළුවට යන්නට ඔහු ආවේත් මේ විදියටමය. නිලධාරීන් නම් කියන්නේ එදත් මෙදත් ඔහුගේ මුවින් මත්පැන් ගඳ වහනය වූ බවකි. ඔහු වැනෙමින් සිටින බවක්ද දර්ශනය වූ’බව ඒ නිලධාරීහු කියති.

බේස්ලයින් මාවතෙන් පිවිස වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ගේට්ටුව අසල රාජ්‍ය ඇමැති ලොහාන් පැමිණි වාහනය නතර කරන තුරුම බන්ධනාගාරයේ කිසිවකුත් ඔහු ඒ මොහොත් පැමිණෙන බවක් දැන නොසිටියේය. ලොහාන් ගමන්ගත් සුඛෝපභෝගී රථය නතර කෙරන්නේ වැලිකඩ බන්ධනාගරය ඉදිරිපිටය. අඳුර වැටෙමින් ඇති මොහොතක පැමිණි ඔහු බන්ධනාගාර නිලධාරීන්ට දැනුම් දෙන්නේ තමාගේ මිතුරන්ට එල්ලුම් ගහ බලන්න උවමනා බැවින් එතැනට රැගෙන යන ලෙසටය. සාමාන්‍ය පුරවැසියකු වෙනුවෙන් නම් මෙවන් ඉල්ලීමකට ලැබෙන ප්‍රතිචාරය බැහැ යැයි වූවත් තමාගේ රාජ්‍ය ඇමැතිවරයාට පිටුපාන්නට කිසිදු නිලධාරියකුට හයියක් නොවීය. ඒ, රාජ්‍ය ඇමැතිවරයා සමග පැමිණ සිටි රූප රාජිනිය හැරුණු කොටය. ඒ, එල්ලුම් ගහ ඇති ස්ථානයට යායුතු වන්නේ පිරිමි සිරකරුවන් රඳවා සිටින ඉසව්ව පසුකර ගෙන වූ’බැවින් රූප රාජිනිය ඒ මොහොත් හැඳි ඇදුම් දීර්ඝ කාලයක් සිරගතව සිටිමින් කාන්තා රුවක් නොදුටු සිරකරුවන් ඇය දැක කළහකාරී වනු ඇතැයි අනුමාන කරමිනි. එසේම ඇයට සිරකරුවන්ගෙන් කරදරයක් වනු ඇතැයිද නිලධාරීන් බියටද පත්විය. රාජ්‍ය ඇමැති ලොහාන්ගෙන් ඊට එතරම් යහපත් ප්‍රතිචාරයක් නොවූවත් අවසානයේදී ඇය මඟ නතරවන්නට තීරණය කිරීම හේතුවෙන් ලොහාන් සිය මිතුරන් සමග එල්ලුම් ගහ බලන්නට ගිය බව බන්ධනාගාරය පැත්තෙන් ලැබෙන තොරතුරුවලන් කියැවෙයි.

ඒ කතාවත් එසේ නිමාවිය. තුන්වැනි ජවනිකාවට මුලපිරෙන්නේ ඉකුත් 12 වැනිදාය. සුපුරුදු මිතුරු මිතුරියන් සමග එදා ලොහොන් රත්වත්තේ රාජ්‍ය ඇමැතිවරයා සුපුරුදු ලෙස කොට කලිසමකින් සැරසී අනුරාධපුරයට ගියේ යැයි කියන්නේ හෙලිකොප්ටරයක නැගීය. එහෙත් ගුවන් හමුදාව හෝ ගුවන් සේවා අධිකාරිය ඒ කියන වේලාවේ හෙලිකොප්ටරයත් ගුවන් ගතවූ බවක් නම් තහවුරු කරන්නේ නැත. ඒ, රාත්‍රී කාලයක ඒ ගමන සිදුවූ’බව කියන බැවිණි. රෑ හෝ දවල් හෙලිකොප්ටරයකින් හෝ වෙනත් ක්‍රමයකින් ඔහු ඇතුළු පිරිස එදා අනුරාධපුරයට ගොස් සිටියේය.

එතැන් සිට කතාව කියන්නේ දෙමළ ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්ම්බලම්ය.

‘12 වැනිදා හැන්දෑවේ බන්ධනාගාරයට නියම කරලා තියෙන ස්ටේට් මිනිස්ටර් අනුරාධපුර බන්ධනාගාරෙට ගිහිල්ලා එහේ හිටපු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට අරගෙන ඉන්න දෙමළ සිරකරුවන්ව කැඳවලා, විශේෂයෙන්ම දෙන්නෙක්ව දණගස්සලා ඒ ඇමැතිවරයාගේ ආරක්ෂාවට තිබුණු පිස්තෝලය අරගෙන ඔළුවටත්, ඇඟටත් එල්ල කරලා ඔහුව විනාඩියකින් මරලා දන්න පුළුවන් කියලා කියලා තියෙනවා. ටිකක් බලන්න, අද හියුමන් රයිට්ස් කවුන්සිල් එකේ PTA ගැන විශාල විවාදයක් යනවා. දැන් අර PTA එක යටතේ අත්අඩංගුවට අරගෙන ඉන්න දේශපාලන සිරකරුවන්ව තමයි ඇමැතිවරයා ගිහිල්ලා තර්ජනය කරලා තියෙන්නේ…’ යනුවෙනි.

මේ කතාවේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් මෙය එළියට එන්නේ වැලිකඩට ගොස් ඔහු නැටූ’නාඩගම නම්ගම් නොමැතිව මාධ්‍ය මගින් ඉකුත් 14 වැනිදා වාර්තා කිරීමත් සමගිනි. ඒත් එක්කම එතෙක් සැඟව තිබුණු අනුරාධපුරයේ සිදුවීම ගැන විපක්ෂයේ දේශපාලනඥයන් මාධ්‍ය ඉදිරියට පැමිණ කියන්නට ගත්තේය.

ඊට පසුදිනද මාධ්‍යවල ලොහාන් රත්වත්තේගේ නම සහිතව අනුරාධපුර බන්ධනාගරයේ සිදුවීම වාර්තා කර තිබුණේය.

ගජේන්ද්‍ර පොන්නම්බලම් ඇතුළු දෙමළ ජාතික මන්ත්‍රීවරු ඒ සිදුවීමට එරෙහිව හඬ නගන්නට ගත්තේ ඒත් එක්කමය. ඒ හඬ ජාත්‍යන්තරය වෙතම ඇදී ගියේ ජිනීවා මානව හිමිකම් කොමිසමේද එය මාතෘකාවක් බවට පත්කරවමිනි. ඒත් එක්කම රටේ ගෞරවය ජාත්‍යන්තර අපවාදවලින් බේරාගැනීමට කළ යුතු එකම විකල්පය ලෙස බලධාරීන් තොරාගන්නේ ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමැති ධූරයෙන් ඉවත් කිරීමය. ඒ බව ලොහාන්ට දැනුම් දෙන්නේ ඉතාලියේ සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂය. ඒ, කන පුපුරු ගාන්නට හොඳවායින් දෙක තුනක්ද දෙසාබාමිනි. පැය කිහිපයක් ගියේ නැත. ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වන බවට ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළේය. ඒ, මාධ්‍ය වාර්තා කිහිපයක් හේතුවෙන් රජය අපහසුතාවට පත්වන බවක් කියමිනි. ඒ අතර හැරෙන තැපෑලෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ වගකීම භාරගනිමින් ලොහාන් රත්වත්තේ මහතා ජනාධිපතිවරයාට යොමුකළ ලිපිය භාරගත් බවය.

කෙසේ වෙතත් ලොහොන් රත්වත්තේ විසින් ජනාධිපතිවරයාට යොමුකළ ලිපියේ කිසිදු තැනක වගකීම භාරගත් බවක් නම් සඳහන් කර නැත. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පවා එදින සවස හදිසියේම මාධ්‍ය හමුවක් පවත්වමින් මාධ්‍ය වාර්තාවල සඳහන්ව තිබූ කිසිවක් සිදු නොවූ’ බවද කියන්නට විය.

කවුරුන් මෙහිදී ඇත්ත කියන්නේදැයි යන්න පිළිබඳ ඇත්තේ උභතෝකොටික ගැටලුවකි. විපක්ෂයේ දේශපාලනඥයන් නම් හඬ නගන්නේ ලොහාන් රත්වත්තේව මේ මොහොතේ අත්අඩංගුවට ගතයුතු බවකි. ඒ, සිරකරුවන්ගේ හිසට පිස්තෝල එල්ලකර මරණීය තර්ජනයන් කර ඇති බැවිණි. කෙසේ වෙතත් ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රාජ්‍ය ඇමැතිකමෙන් ඉවත්වුවද, මැණික් ඇමැතිකමෙන් ඉවත්ව නැති බැවින් ඔහු තවමත් රාජ්‍ය ඇමැතිවරයෙකි.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

පෝට් සිටිය ගැන ජනපති කුවේට් අගමැති එක්ක කතා කරයි!

Next Post

ශ්‍රීලනිප මන්ත්‍රිනිය කොරෝනාවෙන් මරුට!

MORE NEWS

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!
Exclusive

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.