• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රීපාල CIDයට දුන් ප්‍රකාශයේ අතිසංවේදී කොටස් රැසක්! දුරකතන අංක රැසක් හෙළිකරලා! CCTV ගැනත් තොරතුරු කියලා! මහේස්ත්‍රාත්වරියත් මෛත්‍රිපාලගේ ප්‍රකාශය සුදුසු කාලයක් රහස්‍ය ලේඛනයක් ලෙස පවත්වා ගන්නා ලෙස නියම කරයි! VIDEO I Sri Lanka Latest News

April 5, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
උසාවි තීන්දුවට හිස නමා මෛත්‍රී පැජට් නිවසින් පිටවෙයි!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා ජනරජයේ සුරක්ෂිතභාවය පිළිබඳ අධිකරණයට සුවිශේෂී වගකීමක් ඇති බැවින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රකාශය ඇතුළත් බී වාර්තාව සුදුසු කාලයක් රහස්‍ය ලේඛනයක් ලෙස පවත්වා ගැනීමට සිදුවන බව මාළිගාකන්ද මහ‍ෙස්ත්‍රාත් ලෝචිනී අබේවික්‍රම මහත්මිය විවෘත අධිකරණයේ ප්‍රකාශ කළාය.Sri Lanka Latest News

ඒ පාස්කු ප්‍රහාරය සිදුකළේ කවුද යන්න තමා දන්නා බවට හිටපු ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් වූ නීති කෘත්‍ය කැඳවූ අවස්ථාවේදීය.

අදාළ නීති කෘත්‍ය අද කැඳවුණේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් තොරවය.

පාස්කු ප්‍රහාරය සිදුකළේ කවුරුන්ද යන්න තමා දන්නා බවත්, අධිකරණයෙන් නියෝගයක් දෙන්නේ නම් ඒ පිළිබඳ කරුණු හෙළි කිරීමට තමන් සූදානම් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 5කට අධික කාලයක් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගත්තේය.

එම ප්‍රකාශය මත පදනම්ව නීතිපති උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පසුගියදා කරුණු ගොනු කළේ ඒ අනුවය.

කෙසේවෙතත් හිටපු ජනාධිපතිවරයා සිය නීතිඥවරයා මාර්ගයෙන් ඊයේ අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින්, මෙම සිද්ධිය සම්බන්ධව සවිස්තරාත්මක ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇති බැවින් අධිකරණය ඉදිරියේ නැවත ප්‍රකාශයක් ලබාදිය නොහැකි බවට දැනුම් දුනි.

ඒ අනුව ඊට අදාළ නීති කෘත්‍ය මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නොමැතිවය.

නඩුව ආරම්භයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

”ස්වාමීනි, මෛත්‍රීපාල සිරිසේන මහතා දැනටමත් සිදුකර ඇති ප්‍රකාශයේ සත්‍ය, අසත්‍යතාව ගැන අපි පරීක්ෂණ සිදුකරමින් පවතිනවා. ලබාදුන් ප්‍රකාශයේදී සඳහන් කළ දුරකථන අංක සහ සීසීටීවී යන්ත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් පර්යේෂණ සාක්ෂි ලබාගැනීමට අවසර ඉල්ලා සිටිනවා. ස්වාමීනි, තොරතුර සහ තොරතුරුකරු පිළිබඳ විශේෂ අවධානයක් දී තිබෙනවා. ඒ කරුණු සනාථ කර වාර්තා කරන තුරු නීති කෘත්‍ය ඔබතුමිය සතුව තබාගන්න.”

අනතුරුව අගතියට පත් පාර්ශ්ව වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනිසීටි නීතිඥ රජිත ලක්මාල් මහතා කරුණු දැක්වීමක් සිදු කළේය.

”ස්වාමීනි, මේ පුද්ගලයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වගකිවයුතු අයෙක් බවට පත්වෙලා තවමත් වන්දි ගෙවමින් සිටින කෙනෙක්. ඔහු තමයි හදිසියේම ප්‍රකාශයක් කරලා කියන්නේ ‘මාව ඕන අධිකරණයකට කැඳවන්න, කැඳෙව්වාම මං ඒ විනිසුරුතුමන්ට කියන්නම්’ කියලා. පසුව ඔහු CIDයට ඇවිත් කියනවා අධිකරණයට ඇවිත් වැඩිමනක් කරුණු කියන්න තමන් සූදානම් කියලා. අධිකරණයට එන්න සූදානම් බව දැනුම්දීලා ඒ අතරතුර ස්ථාවරය වෙනස් කරලා.”

එහිදී මහෙස්ත්‍රාත්වරිය පෙරදින නඩු වාර්තාව උපුටා දක්වමින්, ”ඔහුට මහෙස්ත්‍රාත් හමුවේ ප්‍රකාශයක් ලබාදීමට තිබූ තදබල වුවමනාව නීතීඥ උපදෙස් මත ලබානොදීමට තීරණය කර ඇති බව ජනාධිපති නීතීඥ අනුජ ‍ප්‍රේමරත්න පැවසුවා.” යනුවෙන් අධිකරණය දැනුවත් කළේය.

යළිත් කරුණු දැක්වූ අගතියට පත් පාර්ශ්වය, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ක්‍රියාකලාපය දැඩි දෝෂදර්ශනයට ලක් කළේය.

”මේ පුද්ගලයා සැරින් සැරේ කරන ප්‍රකාශ තුළින් සමාජයේ ආන්දෝලනාත්මක තත්ත්වයන් ඇතිවෙනවා. එක්කෝ මේක අසත්‍ය ප්‍රකාශයක්, නැත්නම් දැනගෙන වසන් කරනවා. ස්වාමීනී, දණ්ඩ නීති සංග්‍රහයේ 11 වැනි පරිච්ඡේදය ප්‍රකාරව 199 වගන්තිය, වරදක් කර ඇති බව දැන දැනම හෝ ඒ බව විශ්වාස කිරීමට කරුණු තිබියදී එකී වරද පිළිබඳ දැනුම්දීමට නීතියෙන් බැඳී ඇතිව එය පැහැර හරිනු ලැබුවහොත් ඔහු මාස හයක කාලයක් දක්වා බන්ධනාගාරගත කිරීමක් කළ හැකියි.”

”එමෙන්ම ස්වාමීනි 200 වගන්තිය අනුව, වරදක් කර ඇති බව දැන දැනම හෝ ඒ බව විශ්වාස කිරීමට කරුණු තිබියදී, යමෙකු අසත්‍ය තොරතුරක් සපයනු ලැබුවහොත් අවුරුදු දෙක දක්වා කාලයකට බන්ධනාගාරගත කිරීමට නීතිමය ප්‍රතිපාදන පවතිනවා. ඒ අනුව ඔහු අසත්‍ය කියා ඇත්නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා.”

මෙහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනීසිටි නීතීඥ සංදීප් සූරියආරච්චි මහතා පැවසුවේ, තම සේවාදායකයා අධිකරණයට ප්‍රකාශ ලබානොදීම විමර්ශනයට බාධාවක් නොවන බවය.

අගතියට පත් පාර්ශ්වය, නඩුවට අදාළ නඩු වාර්තාව ලබාගැනීමට අවසර ඉල්ලා සිටියත් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචිනී අබේවික්‍රම මහත්මිය දැනුම් දුන්නේ, නඩුවේ බී වාර්තාව තුළ සිරිසේන මහතාගේ ප්‍රකාශයේ සංවේදී කොටස් අන්තර්ගත බැවින් ඒවා රහසිගතව තබාගන්නා ලෙස පැමිණිල්ල ඉල්ලා ඇති බවය.

ශ්‍රී ලංකා ජනරජයේ සුරක්ෂිතභාවය පිළිබඳ අධිකරණයට සුවිශේෂී වගකීමක් ඇති නිසා සුදුසු කාලයක් එය රහස්‍ය ලේඛනයක් ලෙස පවත්වා ගැනීමට සිදුවන අතර එහි සත්‍ය අසත්‍යභාවය සෙවිය යුතු බවත් මහ‍ෙස්ත්‍රාත්වරිය පැවසුවාය.

ඒ අනුව විමර්ශන කඩිනම් කරන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය නඩුව යළි මැයි මස 10 වනදා දක්වා කල් තැබුණි.

SendShareShare
Previous Post

මතකද පොලිසියේ කෙනෙක් නාරම්මලදී ලොරි රථ රියැදුරකුට නිරපරාදේ වෙඩි තියලා මැරුවා! ඒ රියැදුරුගෙ බිරිඳ ගොනු කළ පෙත්සමක් විභාගයට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරලා!  I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව ගේන්න යන විදුලිබල පනතේ අඩුපාඩු රැසක්! වහාම සංශෝධනය කරන්න! කබීර් ආණ්ඩුවට දැනුම් දෙයි! අදානිට ව්‍යාපෘති දීලා තියෙන්නේ ටෙන්ඩර් නැතිව! I Sri Lanka Latest News

MORE NEWS

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News
Exclusive

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

Load More
පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News
Heart

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

මේ දවස්වල ජනප්‍රිය ටෙලි සහ සිනමා නිළි නෙත්මි රොෂෙල් ගැන හැමෝම වගේ කතාබහ කරනවා. ඒ සුවිශේෂ කතාබහට හේතුපාඨ වෙලා තියෙන...

Read more
ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News

රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.