යෝෂිත රාජපක්‍ෂ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පෞද්ගලික ආරක්ෂක මේජර් නෙවිල් වන්නිආරච්චි මහතා ප්‍රන කිරීමක් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද(16) කැඳවීමක් කර තිබුණි.Sri Lanka Latest News
කෙසේ නමුත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් එම දෙපාර්තමේන්තුවට පැමිණ සදහන් කර ඇත්තේ යෝෂිත රාජපක්‍ෂ මහතා මේවන විට විදෙස් සංචාරයක නිරතවන බවත් නෙවිල් වන්නිආරච්චි මහතා පෞද්ගලික සංචාරයක නිරතවන බැවින් අද දිනයේ පැමිණීමට අපහසු බවයි.
මුදල් විශුද්ධිකරණ පනත යටතේ සිදුකෙරෙන යම් පරීක්ෂණයකට අදාලව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඔවුන්ව මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීමක් සිදු කර තිබුණු බව වාර්තා වේ.










