මෙවර සමූපාකාර ඡන්ද විමසීමේදී මොරටුව ප්‍රාදේශිකය ජය ගැනීමට සජබය සමත්වුවද කඩුවෙල සමූපාකාරයේ ආසන 100ම ජයග්‍රහණය කිරීමට මාලිමාව සමත්ව ඇත.Sri Lanka Latest News
මෙහිදී කඩුවෙල ප්‍රාදේශික 28න් 22කම සජබ නාමයෝජනා ප්‍රතික්ෂේප වීම විශේෂ සිදුවීමකි.
කඩුවෙල සජබ ආසන සංවිධායකවරිය ලෙස කටයුතු කරන්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියය.
ඒ අනුව අද දිනයේදී කඩුවෙල ප්‍රාදේශීය නායකයන් සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා හමුවී මේ සම්බන්ධයෙන් විශාල පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව පැවසේ.
එමෙන්ම ඉදිරියේදී පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමටද ප්‍රාදේශීය නායකයන් තීන්දු කර ඇති බව පැවසේ.
පක්ෂ නායකයා සහ පක්ෂ මහලේකම් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ගනු ලබන තින්දු මත පක්ෂය සමග තවදුරටත් කටයුතු කරන්නේද යන්න සම්බන්ධයෙන් තීන්දු කරන බවද එම ප්‍රාදේශීය නියෝජිතයෝ පවසති.











