ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස වසර ගණනාවක් තිස්සේ කටයුතු කරන ප්‍රකට රාජ්‍යතාන්ත්‍රිකයකු වන මහින්ද සමරසිංහ මහතා නුදුරේදීම එම තානාපති ධුරයෙන් ඉවත් වීමට තීරණය කොට ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
මෙහි ඇති විශේෂත්වය වන්නේ සිය ධුර කාලය අවසන් වීමට ප්‍රථම එම තනතුරෙන් ඉල්ලා අස්වීමට මහින්ද සමරසිංහ මහතා තීරණය කොට තිබීමය.
මහින්ද සමරසිංහ මහතා ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්වීම් ලැබුවේ 2021 වසරේ දෙසැම්බර් 06 වැනි දිනය. ඒ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදීය.
එම කාලයේදී කොරෝනා වසංගතයෙන් ශ්‍රී ලංකාව දැඩිව පීඩාවට පත්වෙද්දී ඊට අවශ්‍ය එන්නත් ලබාගැනීම සහ අනෙකුත් ඖෂධ ලබාගැනීම සඳහා ඇමෙරිකානු තානාපතිවරයා ලෙස මහින්ද සමරසිංහ මහතා විශාල වැඩකොටසක් සිදුකරනු ලැබීය.
එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවසන් කාලයේදී ශ්‍රී ලංකාවේ මතුවූ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඇමෙරිකාවෙන් විශාල ලෙස ආධාර ලබාගැනීමට මහින්ද සමරසිංහ මහතා සමත්ව තිබිණි.
මේ හේතුව මත ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පසුව ජනාධිපති ධුරයට පත් රනිල් වික්‍රමසිංහ මහතාත්, ඉන් අනතුරුව බලයට පත් අනුර කුමාර දිසානායක මහතාත් දිගටම මහින්ද සමරසිංහ මහතා තානාපති තනතුරේ තබාගැනීමට පියවර ගෙන තිබිණි.
එම කාලය ඇතුළත ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් පැනවූ තීරුබදු අනුපාතයන් අවම කරගැනීම සඳහා මහින්ද සමරසිංහ මහතා ඇමෙරිකාවේ සිට විශාල වැඩකොටසක් සිදුකර තිබිණි.
කෙසේ වෙතත් මේ වනවිට මහින්ද සමරසිංහ මහතා තීන්දු කොට ඇත්තේ සිය ධුර කාලය අවසන් වීමට ප්‍රථම සිය තානාපති ධුරයෙන් ඉල්ලා අස්වීමටය.
කෙසේ වෙතත් අපට ලැබී ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මෙම තොරතුර වාර්තා වීමත් සමග විපක්ෂයේ ප්‍රධාන පක්ෂ කිහිපයකින්ම දැනටමත් ඒ මහතාට ඉදිරි ආණ්ඩුවක විදේශ අමාත්‍ය ධුරය ලබාගැනීම සඳහා යෝජනා ඉදිරිපත්ව ඇති බවකි.
ඉකුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේදී විදේශ අමාත්‍ය ධුරය දැරූ ඒ මහතා, යුද ජයග්‍රහණය මුල් කරගෙන ජිනීවා මානව හිමිකම් කොමිසමට ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා එල්ලවූ අවස්ථාවේදී ඉතිහාසයේ පළමු වතාවට එය ඡන්ද විමසීමක් හරහා පරාජයට පත්කිරීමට කටයුතු කොට තිබීම විශේෂ සිදුවීමක් විය.










