අලුත්ගම පොලිස් වසමට අයත් මුරගල්ල වෙරළ තීරයේ පිහිටි ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක් පිටුපස තිබී, ශරීරයෙන් වෙන් වූ මිනිස් හිස කොටසක් අද (23) උදෑසන පොලිසිය විසින් සොයාගෙන තිබේ. අලුත්ගම පොලිස් ස්ථානය වෙත ලැබුණු හදිසි දුරකථන ඇමතුමකට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂණ පවත්වා මෙම හිස කොටස සිය භාරයට ගෙන ඇත.Sri Lanka Latest News
මූලික පරීක්ෂණවලදී එය පිරිමි පුද්ගලයකුගේ හිස කොටසක් බවට හඳුනාගෙන ඇති අතර, සිරුරේ සෙසු කොටස් මෙතෙක් හමුවී නොමැත. මියගිය පුද්ගලයා කවුරුන්ද යන්න හෝ ඔහුගේ අනන්‍යතාවය පිළිබඳ කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මෙය කිසියම් අපරාධකරුවන් පිරිසක් විසින් සිදුකළ මනුෂ්‍ය ඝාතනයක්ද නැතහොත් මුහුදේ ගිලීමෙන් සිදු වූවක්ද යන්න සැකහැර දැනගැනීම සඳහා මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලීසිය සහ ඇඟිලි සලකුණු අංශයේ නිලධාරීන් එක්ව වැඩිදුර විමර්ශන සිදුකරයි.










