ලොතරැයි ටිකට් පතක විකුණුම් මිල ජූලි 6 සිට රු. 40 දක්වා ඉහළ නංවන බව ජාතික ලොතරැයි මණ්ඩලය (NLB) සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය (DLB) පවසයි. Sri Lanka Latest News
ඒ අනුව දැනට පවතින ලොතරැයිපත් ආකර්ෂණීය පින්තූර, ත්‍යාග සහ ප්‍රවර්ධන වැඩසටහන් සමඟින් වෙළෙඳපොළට නිකුත් කරන බව ලොතරැයි මණ්ඩල ප්‍රකාශ කළේය.
මේ අතර ලොතරැයි අලෙවි නියෝජිතයන් චෝදනා කරන්නේ රජය මෙම මිලගණන් ඉහළ දැමීමට තීරණය කොට ඇත්තේ තම ජාලයෙන් කිසිදු විමසීමක් නොකර බවකි.
එම නිසා ඊට එරෙහිව ලොතරැයි අලෙවි නියෝජිතයන් දැඩි විරෝධයක් පළ කොට ඇත.
එමෙන්ම ත්‍යාග මුදල වැඩි කිරීමකින් තොරව සහ කොමිස් මුදල් වැඩි කිරීමකින් තොරව මෙසේ ලොතරැයි මිල ඉහළ දැමීමට විරෝධය පළ කරන බවද ඔවුහු සදහන් කර සිටිති.










