• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨා වරද්ද ගත්තෙත් කෘෂිකර්මය නිසා! අනුර වරද්ද ගන්න යන්නෙත් එතනින්ද? කෘෂිකර්මයේ තියෙන ප්‍රශ්න.. විසඳන්න ඕන තැන ප්‍රතිපත්තිය හදන්න ඕන හැටි.. ආණ්ඩුවක් ගන්න ඕන තීරණ.. එකින් එක පාර්ලිමේන්තුවේදී කියලා දෙයි! අහලා බලන්න සජිත් කෘෂිකර්මය හදන්න හදන හැටි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

March 13, 2025
in Exclusive
Reading Time: 15 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අප රටේ කෘෂිකර්මාන්තය දියුණු කිරීමට සහ ඒ සදහා නව වටිනාකමක් ලබා දීමේ අරමුණින් සුවිශේෂී යෝජනා කිහිපයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.Sri Lanka Latest News

ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් අවශ්‍යයි

අප රටේ ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවත් කාලයෙන් කාලයට වෙනස්වන ප්‍රතිපත්ති වෙනුවට ජාතික ප්‍රතිපත්තියක් ඇති කර ගොවිතැනේ නියැලෙන ප්‍රජාවට සහ ගොවිතැනට වටිනාකමක් ලබා දිය යුතු බවත් කෘෂිකර්මාන්තය අසාර්ථකයි එය පාඩු ලබන ක්‍රියාවක් කියා විවිධ පාර්ශ්ව කියමින් යන බවත් නව ලිබරල්වාදී සංකල්පවලට ඉදිරියට යාමට නොදී කෘෂිකර්මාන්තය ශක්තිමත් කරන්න ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත් ඒ තුළින් ගොවිතැනට සහ ගොවියාට නිසි ඇගයීමක් ගෞරවයක් වටිනාමක් ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නවෝත්පාදනය කෘෂිකර්මාන්තයට හදුන්වා දිය යුතුයි

ජාතික ප්‍රතිපත්තිය නොමැති වීම නිසා නිෂ්පාදන චක්‍රය සෑම අතින්ම අවුල් වී අකාර්යක්ෂම වී ඇති බවත් යෙදවුම් නිෂ්පාදන ක්‍රියාවලිය තාක්ෂණය අලෙවිය වෙළෙඳපොළ ආදී සෑම අවස්ථාවක් වෙනුවෙන්ම පැහැදිලි ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත් ඒ නිසාම ගොවියාට විරුද්ධ සමහර අන්තවාදී නවලිබරල්වාදී න්‍යායපත්‍ර ඉස්මතු වන බැවින් ගොවිතැනේ නිෂ්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම කළ යුතු බවත් ගොවිතැනේ නියැලෙන පිරිස් නවීකරණය නවෝත්පාදනය නව තාක්ෂණය නව වගා ක්‍රම වෙත යොමු කළ යුතු බවත් ඔවුන්ට අලුත් උපකරණ මෙන්ම නිෂ්පාදන ධාරිතාව වැඩි කරන සියලුම කරුණුවලට ශක්තියක් දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තරුණ තරුණියන් කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කර ගත යුතුයි

තරුණයන් කෘෂිකර්මාන්තයෙන් ඈත් වීම වළක්වා ගැනීමට සුහුරු කෘෂිකර්මාන්ත ක්‍රමවේද හරහා කාර්යක්ෂම කෘෂිකර්මාන්ත ක්‍රමවේද හරහා මෙය ශක්තිමත් කළ යුතු බවත් ආහාර සුරක්ෂිතභාව වෙනුවෙන් කෘෂිකර්මාන්තය අවශ්‍ය බවත් ඒ සදහා වන අලි මිනිස් ගැටුම වනසතුන් හා මිනිස් ගැටුම වැනි අභියෝග ජය ගත යුතු බවත් දැනට පවතින වගාහානි හා ජීවිත හානි වන්දි දේපල හානි වන්දි ගැන සෑහීමකට පත්විය නොහැකි බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

අලි මිනිස් ගැටුම අවම කරන්න ජාතික ඉඩම් සංවර්ධන සැලසුමක්

අලි මිනිස් ගැටුම අවම කරන්න නම් රටටම ගැලපෙන ඉඩම් පරිහරණ ජාතික සැලසුමක් අවශ්‍ය බවත් රක්ෂිත වනෝද්‍යාන අභයභූමි ජනපද බිහිවන තැන් ආදිය ගැන ඉඩම් පරිහරන ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් කෘත්‍රීම බුද්ධිය ජීපීඑස් ක්‍රමවේද මෙන්ම ප්‍රජා සහභාගීත්ව හරහා මේවා වැළැක්විය හැකි බවත් සමහර රටවල් අලි මිනිස් ගැටුම වළක්වන්න මීමැසි ජනපද ආරම්භ කරන බවත් ඊට අමතරව මිරිස් කොටු ආදිය ඉන්දියාව අප්‍රිකාව වැනි රටවල භාවිත කරන බවත් විදුලි වැට, පරිසර හිතකාමී අගල්වලට අමතරව තවත් ක්‍රම ඇති නිසා සාර්ථක ක්‍රම හරහා උගත් පාඩම් රැසක් ඉගෙනිය යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

නෙදර්ලන්තයෙන් පාඩම් ඉගෙන ගමු

නෙදර්ලන්තය හරිතාගාර ගොවිතැන නිර්වද්‍ය කෘෂිකර්මාන්තය වැනි පැති ගණනාවකින් ලෝකයේ කෘෂි නිෂ්පාදන අපනයනවලින් ඩොලර් බිලියන 115ක් වාර්ෂිකව සොයන බවත් ලෝකයේ කෘෂිකාර්මික ඉඩම්වලින් 0.1ක් තිබුණත් ලෝකයේ මුළු එළවළු අපනයනවලින් 20%කට වඩා නිෂ්පාදනය කරන බවත් මොවුන් පොදු කෘෂිකාර්මික ප්‍රතිපත්ති ඉඩම් ඒකාබද්ධ කිරීම් කිරි කෝටා පොහොර පනත් තාක්ෂණික නවෝත්පාදන තිරසර පිළිවෙත් අධ්‍යාපනය නව වෙළෙදපොළ ආදීය උපයෝගී කර ගෙන රටක් ලෙස පාඩම් ඉගෙන ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කෘෂි පර්යේෂණ දියුණු කළ යුතුයි

පර්යේෂණ ක්ෂේත්‍රයේ ද නව ප්‍රගතියක් ලබා ගත යුතු බවත් ඩ්‍රොන් ක්‍රමය යොදා ගත හැකි බවත් ඊට අමතරව ජීපීඑස් තාක්ෂණය නව උපකරණ ආදිය යොදා ගත හැකි බවත් අක්කරයක නිෂ්පාදන ධාරිතාව ගැන සිතිය යුතු බවත් ස්වාභාවික ආපදා නිසා සිදුවූ වගාහානි ගණනය කළ යුතු බවත් ඒ ආපදාවලින් වූ හානිවලට තවමත් වන්දි නොගෙවා ඇති බවත් වගා හානි යනු පිරිවැයක් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

සත්ත්ව සංගණනය කරනවා නම් හරියට කරන්න

කෘෂිකර්ම පශූසම්පත් අමාත්‍යාංශය හුදකලා කළ නොහැකි බවත් සත්ත්ව සංගණනයක් කරනවා නම් වනජීවී අමාත්‍යාංශයේ ද සහාය ලබා ගත යුතු බවත් මේ සංගණනයේ දුර්වලතා රැසක් ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයට වනජීවී සංගනනයක් කළ නොහැකි බවත් එය තවත් අමාත්‍යාංශ සමග ඒකාබද්ධ විය යුතු බවත් පසුගිය කාලයේ පැවැත්වූ සත්ත්ව සංගණන බොහෝ ඒවා අසාර්ථක බවත් සංගණනයක් කරනවා නම් නිසි ලෙස සිදුවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වී මිලදි ගන්න වෙන් කළ මුදල් ප්‍රමාණවත් නැහැ

අක්කරයකට වැයවන පිරිවැය යථාර්ථවාදී සත්‍යවාදී නොවන බවත් එය වායු සමීකරණය කළ කාමරවල සිට නිර්මාණය කළ සූත්‍රයක් බව විශේෂඥයන් පවසන බවත් මේ මිල සූත්‍ර ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රදේශයෙන් ප්‍රදේශයට මෙය වෙනස් බවත් මහකන්නයේ වී මිලදි ගන්න මිලියන 5000ක් වෙන් කළා යැයි පැවසූ බවත් යල කන්නයට වෙන් කළ මුදල් ගැන සදහනක් නොමැති බවත් මේ මුදලින් මිල දි ගත හැක්කේ මෙට්‍රික් ටොන් 40000ක් හෙවත් අස්වැන්නෙන් 1.3%ක් බවත් මේ හරහා යහපත් මිල පාලනයකට යා නොහැකි බවත් මෙය සාර්ථක වන්නට නම් අස්වැන්නෙන් 7-10%ක් අතර මිලදී ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වාරි ශිෂ්ඨාචාරය පුනරුත්ථාපනය කළ යුතුයි

අප රටේ විශාල වාරි කර්මාන්තයක් ඇති බවත් මෙහි තවත් අඩුපාඩු රැසක්ම ඇති බවත් එම නිසා නව වාරි කර්මාන්තයකට මුල පිරිය යුතු බවත් ඊට අමතරව පැරණි වාරි කර්මාන්ත පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළකට යා යුතු බවත් ග්‍රාමීය කුඩා වැවේ සිට එය ආරම්භ විය යුතු බවත් අප රටටත් පුංචි නෙදර්ලන්තයක් බවට පත්විය හැකි බවත් ඒ සදහා කෘෂිකර්මාන්තය විනාශ කිරීම නොව රැක ගැනීම සැමගේම යුතුකමක් බවත් ඒ හරහා අභිමානවත් අපනයන කේන්ද්‍රීය කෘෂිකර්මාන්ත රටක් බවට පත්විය හැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

සැකකරු ඇල්ලුවාට පස්සෙත් ස්ට්‍රයික් කිරීම පිළිගන්න බෑ! දැන්වත් නවත්වන්න! සෞඛ්‍ය ඇමැති දොස්තරවරුන්ට ටිකක් සැරටම කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

නාමල් ආණ්ඩුවට සපෝට් එකක් දෙන්න තීන්දු කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් අඩු කළා!
Exclusive

මේ මාසෙන් පස්සේ ආණ්ඩුව දුන් ඉන්ධන සහනාධාරය අවසන්! තෙල් මිල ළඟදීම ඉහළට? I Sri Lanka Latest News

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News
Exclusive

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News
Exclusive

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Exclusive

1999 පරාදයි! 2005 පරාදයි! 2024 තුන්වැනියා! වයස 80දි රනිල් ආයෙත් ජනාධිපති සටනට! Sri Lanka Latest News

Load More
තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

තව ටික දිනකින් විමල්ට සිදුවන්නේ ඇතුළට යාමට බවට අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අනාවැකියක් පළ කළේය.Sri Lanka Latest News

Read more
ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

තෙල් අඩු කළා!

මේ මාසෙන් පස්සේ ආණ්ඩුව දුන් ඉන්ධන සහනාධාරය අවසන්! තෙල් මිල ළඟදීම ඉහළට? I Sri Lanka Latest News

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.