ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S. Dzhagaryan මහතා සමඟ හදිසි හමුවක් අද (13) දහවල් අමාත්‍යංශයේ දී පැවැත්විණි. ඒ මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඉන්ධන සැපයුම් ජාල බිඳවැටීමට විසඳුමක් ලෙස රුසියානු තෙල් මිල දී ගැනීමට අවසර දෙමින් පනවා තිබූ සම්බාධක ඉවත් කිරීමත් සමඟයි.Sri Lanka Latest News
ඒ අනුව ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට තවත් එක් පියවරක් ලෙස රුසියානු ඉන්ධන ලබා ගැනීම පිළිබඳව රුසියානු තානාපති Levan S. Dzhagaryan මහතා සමඟ සාකච්ඡා කළෙමු.
ශ්‍රී ලංකාවේ මෙම ඉල්ලීම වහාම රුසියානු රජයට දැන්වීමට තානාපතිවරයා එකඟතාව පළ කළේය. එමෙන්ම අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණය කරමින් මීට අවශ්‍ය කටයුතු සම්පාදනය කර දෙන බවට ද ඒ මහතා පොරොන්දු විය.
මෙම සාකච්ඡාව අතරතුර තානාපතිවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවක රුසියාවේ සහාය හිමිවන බවයි.
මෙම හමුවට මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා සහ අමාත්‍යංශ ලේකම්වරුන් මෙන්ම නිලධාරීහු ද එක්ව සිටියහ.










