දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන මේ වන විට ඇප මත මුදාහැර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන්ට අදාළ විමර්ශන කටයුතු අවසන් කර ඇතැයි අල්ලස් කොමිසම අද (13) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
අදාල නඩුකරය කැඳවූ අවස්ථාවේදී ඇපමත මුදාහැර සිටින සැකකාර ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු පිරිස අධිකරණය හමුවේ පෙනී සිටියා.
එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර විමර්ශන ගොනු අල්ලස් කොමිෂන් සභාව වෙත යොමු කර තිබෙන බවත් එම කටයුතුවල ප්‍රගතිය දැනුම්දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල යළි ජුලි මස 10 වනදා කැඳවන ලෙස නියම කළා..










