තම කණ්ඩායමේ ඉලක්කය වන්නේ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ එලවීම මිස ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා එලවීම නොවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.
තමා ඇතුළු තම කණ්ඩායම ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ, විපක්ෂයේ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට සූදානම් වන බව පැවසූ වීරවංශ මහතා ඒ සමඟම ඉතා සුළු කාලයක් ඇතුළත ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ බහුතරය අහිමි වීමට තිබෙන ඉඩකඩ ගැනද හෙළිකළේය.
එසේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ බහුතරය අඩු වූ වහාම තමන්ගේ අරමුණ වී තිබෙන්නේ බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමට බලපෑම් කිරීම මිස ජනාධිපතිවරයා ඉවත් කිරීමට නොවන බව ප්‍රකාශ කර සිටියේය.










