ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය විදේශ ඇමැති සුබ්‍රමනියම් ජයශංකර් මහතා මඟින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙමළ ජාතික සංධානය වෙත විශේෂ පණිවිඩයක් යවා ඇතැයි දැන ගන්නට තිබේ.
ඊයේ සවස ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහ දෙමළ ජාතික සංධානයේ සමාජිකයන් අතර පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයාගේ මෙම විශේෂ පණිවුඩය ඉන්දීය විදේශ අමාත්‍යවරයා විසින් දෙමල සංධානය වෙත දැනුම් දී තිබේ.
දෙමල ජාතික සංධානය සහ ජනාධිපතිවරයා අතර පසුගියදා පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා විසින් පොරොන්දු වූ ඉල්ලීම් පහ තමා විසින් ස්ථීර වශයෙන් ඉටු කරන බවත් ඒ පිළිබදව තමා කෙරෙහි විශ්වාසය තබන ලෙසත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා මගින් දැනුම් දී ඇති විශේෂ පණිවුඩයයි.










