රජයේ රෝහල් සඳහා ඖෂධ ඇනවුම් කිරීමේ, බෙදාහැරීමේ සහ තොග පවත්වා ගැනීමට අදාළ මෘදුකාංගයේ බිඳවැටීමක් හේතුවෙන් දැනට සති දෙකක පමණ කාලයක් පුරා ඖෂධ හිඟයක් ඇතිව තිබෙන බව වාර්තා වෙනවා. (Sri Lanka Latest News)
සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ වන ඖෂධ සැපයීම් අංශය (Medical Supplies Division – MSD) වෙතින් රට පුරාම රජයේ රෝහල් වෙත ඖෂධ සැපයීම් පිළිබඳ වාර්තා පවත්වා ගනිමින් අවශ්‍ය හිඟ ඖෂධ ඇනවුම් කිරීම සඳහා මෙතෙක් කලක් භාවිත කර තිබුණේ pronto නැමති මෘදුකාංග පද්ධතියකි.
පසුගිය පළමුවැනිදා සිට ඒ වෙනුවට හදුන්වා දුන් swastha මෘදුකාංගය මේ වන විටත් නිසි පරිදි ක්‍රියා නොකරන බවයි රෝහල් ඖෂධවේදීන් පවසන්නේ.
ඒ හේතුව මත රජයේ රෝහල් සඳහා අවශ්‍ය කෙරෙන ඖෂධ ඇනවුම් කිරීමට නොහැකි බව ඔවුන් පවසනවා.
අපි කලින් වැඩ කරපු සිස්ටම් එකේ අවුලක් තිබුණේ නැහැ. ඒ වෙනුවට තමයි මේ අලුත් සිස්ටම් එක ගෙනාවේ. දැන් මේක වැඩකරන්නේ නැහැ. නිවැරදිව තොග පෙන්නන්නේ නැහැ. සමහර තැන්වල ඖෂධ තිබියදී හිඟයක් පෙන්නනවා. තවත් තැනක හිඟ ඖෂධ ඇනවුම් කළාට පස්සේ තොග පවතින බව පෙන්නනවා. මේක අවුලක්…
අලුත් සිස්ටම් එක නිසා මේ මාසේ පළමු වෙනිදා ඉඳන් පරණ සිසිටම් එකෙන් අයින් කළා. එදා ඉඳන්ම මේ අලුත් සිසිටම් එක අවුල්. දැන් අපිට ඖෂධ ඇනවුම් කරන්න එපා කියනවා. රෝහල්වල කෘත්‍රිම ඖෂධ හිඟයක් ඇතිවෙලා. රෝහල්වල බෙහෙත් අඩුවුනහම MSD එකෙන් වෙනදා වගේ ඕඩර් කරන්න බැහැ. කරන්න විදිහක් නැහැ. ඒ නිසා MSD ගබඩාවේ තොග තිබුණත් රෝහල්වල ඖෂධ හිඟයි. ඔය මෙට්ෆෝමින් වගේ ඖෂධයක්වත් සමහර රෝහල්වල නැහැ. ලෙඩා ඩොක්ටගෙන් තුණ්ඩුව අරගෙන අපේ ෆාමසියට ආවහම බෙහෙත් නැහැ. ඒ ගමන ඩොක්ටර් කරන්නේ පිටින් ගන්න ලියලා දෙන එක. සති දෙකක් ගිහිල්ලත් මේ අයට තාමත් බැරි වුණා මේ සිස්ටම් එක හදාගන්න… යැයි මේ පිළිබඳ අදහස් දක්වන රජයේ රෝහල්වල ඖෂධවේදීන් පවසනවා.
A5 News Sri Lanka










