වැල්ලවාය අධ්‍යාපන කලාපයට අයත් කුඩාඔය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරුවන් සහ දෙමාපියන් විද්‍යාලය ඉදිරිපිට මාරන්තික උපවාසයක නිරත වෙමින් සිටී.Sri Lanka Latest News
අද උදෑසන මෙම උපවාසය ආරම්භ ෙකාට තිබේ.
කුඩාඔය විද්‍යාලයේ ප්‍රාදේශීය අංශයට පසුගිය වසරේ දී එක ශ්‍රේණිය සදහා පාසල් දරුවන් බදවාගෙන ඇති අතර එම දරුවන් පාසලේ ඉගෙනුම ලබමින් සිටියේ දී පාසලේ ප්‍රාථමික අංශය වසා දැමීමට බලධාරීන් කටයුතු කරන බව දෙමාපියන් පවසති.
දරුවන් තිස් දෙදෙනකු ඉගෙනුම ලබන මෙම ප්‍රාථමික අංශයේ සිටි එකම ගුරුවරියද මේ වන විට පාසලෙන් ඉවත් කර ඇති අතර එම නිසා පාසල් දරුවන් ගෙ අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇත.
මෙම විද්‍යාලයේ ප්‍රාථමික අංශය වසා දැමුව හොත් මෙම දෙමාපියන් කිලෝමීටර් ගනනක් දුරට වෙනත් පාසලක් සොයා යෑමට සිදු වන බව දෙමාපියන් සදහන් කරයි.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු කරගෙන යාමට කුඩාඔය විද්‍යාලයේ ප්‍රාථමික අංශය නැවත ලබා දෙන ලෙස උපවාසයේ නිරත දෙමාපියන් සහ දරුවන් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර සිටී.