සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ යුතු බවට අද පැවැති සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම තීරණය කොට ඇත.Sri Lanka Latest News
අද සවස පැවැති සජබ මන්තී කණ්ඩායම් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා වී ඇත.
එහිදී ඇතැම් මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාට පමණක් නොව සමස්ත ආණ්ඩුවටම එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ යුතු බවකි.
නමුත් අවසානයේදී මන්ත්‍රීවරුන් තීන්දු කොට ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව පමණක් විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමටය.










