රාත්‍රියේදී ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට සහ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් සදහා ආරාධනා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කොට ඇත.Sri Lanka Latest News
මෙම භෝජන සංග්‍රහයට මැතිඇමැතිවරුන්ට පමණක් නොව ඔවුන්ගේ බිරින්දෑවරුන්ටද ආරාධනා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කොට තිබේ.
ඊයේ දින සහ අද දින ජනාධිපති ලේකම් කාර්යාලය මගින් මෙම දැනුම්දීම සිදුකොට ඇති බව වාර්තා වේ.
මීට අමතරව ඊයේ සවස පැවැති ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ආරම්භයේදීත්, රැස්වීම අවසන් වීමට සුලු මොහොතක් තබාත් ජනාධිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් යළි මතක් කිරීමක් කොට ඇති බවද දැනගන්නට ඇත.










