1996 මාර්තු 17 වැනිදා පාකිස්ථානයේ ලාහෝර් නුවර පැවති ලෝක කුසලාන තරගාවලියේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු හතකින් පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාව ඓතිහාසික ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් වුණා.Sri Lanka Latest News
එසේ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානය දිනාගෙන අදට වසර 30ක් සපිරෙනවා.
අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 242ක ඉලක්කයක් හඹා ගොස් පන්දු 22ක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය වාර්තා කළා.
මෙහිදී අරවින්ද ද සිල්වා නොදැවී ලකුණු 107ක් ලබාගත් අතර, පන්දු යැවීමේදී ලකුණු 42කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා.
මීට අමතරව ඉන්දියාව සමග පැවැති අවසන් පූර්ව තරගයේදී ලකුණු 1කට කඩුලු 2ක් බිද වැටී තිබියදී වේගවත් ලකුණු 66ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කරා ගෙන යාමට අවශ්‍ය ලකුණු පුවරුවක් සකස් කිරීමටත් අරවින්ද සමත් වුණා.










