මහනුවර ඓතිහාසික ශ්‍රී කතරගම දේවාලයේ බස්නායක නිළමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ මහතා එම ධූරයට පත්ව වසර දෙකක් සපිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවාසී සියලු ජනතාවට සෙත් පතා රාත්‍රි පිරිත් සජ්ජායනාවක් ඊයේ (12) රාත්‍රියේ එම දේවාල පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි.Sri Lanka Latest News
මල්වතු අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනූනායක හිමිපාණන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය විසින් පවත්වනු ලබන මෙම අිශීර්වාද පිරිත් දේශණාව ශ්‍රවණය කිරීම සඳහා මහනුවර සිව් දේවාලයන්හි බස්නායක නිළමේ වරුන්,පිටිසර දේවාල බස්නායක නිළමේ වරුන් දේවාලයේ දායක පිරිස මහනුවර නගරයේ වෙළෙඳ ප්‍රජාව ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු ප්‍රදේශයේ බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටිති.


කැන්ඩි ප්‍රයිම් නිව්ස්










