• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මැතිඇමැතිවරුන්ට තානාපතිවරුන් හමුවීම වළක්වමින් අනුර හදිසියේම චක්‍රලේඛයක් ගැහුවේ ඇයි? ජවිපෙ මූලස්ථානයේ මහරෑ වනතුරු රැස්වීම් පිට රැස්වීම්! සාකච්ඡා උණුසුම්! I Sri Lanka Latest News

January 13, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
අනුර රාජ්‍යතාන්ත්‍රිකයන් 5 දෙනෙක් පත් කරයි! රටේ කීර්ති නාමය ආරක්ෂා කරගෙන වැඩ කරන විදිහ ගැනත් උපදෙස් දෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයාගේ නියමයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් මැති ඇමැතිවරුන්ට, රාජ්‍ය නිලධාරීන්ට විවිධ උපදෙස් සහිත චක්‍රලේඛ නිකුත් කිරීම සාමාන්‍ය සිරිතය. නමුත් පසුගිය සතියේ ජනාධිපති ලේකම් කාර්යාලය මගින් මැති ඇමැතිවරුන් ඉලක්ක කොට චක්‍රලේඛයක් නිකුත් වූ අතර, සාමාන්‍යයෙන් එය මෑත කාලයේ දැකගන්නට නොලැබුණු ආකාරයේ චක්‍රලේඛයක් බව බොහෝ දෙනාගේ අදහස විය. මක්නිසාද යත්, එම චක්‍රලේඛයෙන් කියැවුණේ මැති ඇමැතිවරු, ආණ්ඩුකාරවරුන් මෙන්ම ආණ්ඩුවේ ප්‍රධානීන් විදේශ දූත පිරිස් හමුවීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයන්ය. එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ මින් ඉදිරියට කිසිදු මැති ඇමැතිවරයෙකුට හෝ ආණ්ඩුකාරවරයකුට ඍජුවම විදේශ දූත පිරිස්, තානාපතිවරුන් ආදීන් හමුවීම වළක්වා තිබීමය. එසේ මැති ඇමැතිවරුන්ට, ආණ්ඩුකාරවරුන්ට විදෙස් දූත මණ්ඩල හමුවීමට අවශ්‍ය නම් ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන අංශය හරහා පූර්ව අවසරයක් ලබාගත යුතු බවද එම චක්‍රලේඛයේ සඳහන්ව තිබිණි. පිටු 11කින් සමන්විත මෙම චක්‍රලේඛය පුරාම සඳහන්ව තිබුණේ එවැනි විදෙස් දූත මණ්ඩල හමුවීමේදී මැති ඇමැතිවරුන් විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයන්ය. මෙවැනි අවස්ථාවක ජනාධිපති ලේකම් කාර්යාලය මගින් මෙවැනි ආකාරයේ චක්‍රලේඛයක් හදිසියේම නිකුත් කළේ කුමන හේතුවක් නිසාද යන්න සම්බන්ධයෙන් පසුගිය සතිය වනවිට බොහෝ දෙනාට ප්‍රශ්නයක් මතුව තිබිණ. Sri Lanka Latest News

හරිනිගේ සිද්ධිය

මීට සති දෙකකට ඉහතදී ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප, අගමැතිනි හරිනි අමරසූරිය සහ චීන තානාපති කී ෂෙන් හොන්ග් මහතා අතර සිදුවූ හමුවක් පිළිබඳ තොරතුරු වාර්තා කළෙමු. එහිදී අප කියා සිටියේ චීනය මගින් මෙරට සිසුන්ට නොමිලේ ලබාදුන් නිල ඇඳුම් කන්ටේනරයක් විවෘත කිරීමේ අවස්ථාවට චීන තානාපතිවරයා විසින් අගමැතිනියට ආරාධනා කොට තිබූ බවත්, ප්‍රොටොකෝල් ගැටලුවක් මුල්කොට ගෙන අගමැතිවරිය ඊට සහභාගි නොවීමට තීරණය කොට තිබූ බවත්ය. නමුත් චීන තානාපතිවරයාගේ දැඩි ඉල්ලීම මත අවසානයේදී අගමැතිවරිය නිල ඇඳුම් ලබාදීමේ නිල උත්සවයට සහභාගි වීමට පියවර ගත්තාය. නමුත් අගමැතිවරිය එම උත්සවයට සහභාගි වූයේ පැයක් ප්‍රමාද වීමෙන් අනතුරුවය. එය හිතාමතා කළ එකක්ද, අධික රාකාරී නිසා කළ එකක්ද යන්න පිළිබඳ තොරතුරු නැතත්, චීන තානාපතිවරයා නියමිත වේලාවට උත්සවයට පැමිණ අගමැතිවරියගේ ප්‍රමාදය හේතුවෙන් ඔහුද පිටව ගොස්, පැයකට පසු යළිත් උත්සවයට සහභාගි වූ ආකාරයක් දැකගන්නට තිබිණි.

කෙසේ වෙතත් මෙම උත්සවයේදී තවත් අර්බුදයක්ද පැනනැගී තිබිණි. ඒ, අගමැතිවරිය නිල ඇඳුම් ලබාදීම සම්බන්ධයෙන් සිය ස්තුතිය පුදකරමින් කරනු ලැබූ කතාවේදීය. මෙහිදී අගමැතිවරිය ‘මහජන චීන සමූහාණ්ඩුව‘ට ස්තුති කරනවා වෙනුවට නොදැනුවත්ව හෝ ස්තුති කර තිබුණේ ‘චීන ජනරජය’ යන වචනය යොදාගෙනය. සාමාන්‍යයෙන් ‘චීන ජනරජය‘ යනුවෙන් ව්‍යවහාර වන්නේ මේ වනවිට චීනය සමග ගැටුමකට මැදිව සිටින තායිවානයටය. ඒ අනුව දැනුවත්ව හෝ නොදැනුවත්ව අගමැතිවරිය ස්තුති කොට තිබුණේ චීනයේ එදිරිවාදී රාජ්‍යයක් වන තායිවානටය.

ගනුදෙනු කළේ තුන්දෙනයි

සාමාන්‍යයෙන් පසුගිය කාලසීමාවේදී විදෙස් දූත මණ්ඩල තානාපතිවරුන් සමග ඍජුව කටයුතු කරනු දැකගන්නට ලැබුණේ ජනාධිපතිවරයාත්, අගමැතිවරියත්, විදේශ ඇමැති විජිත හේරත් යන අයය. පසුගිය මාස තුන පුරාම රටටම දැකගන්නට ලැබුණේ මේ තිදෙනා පමණක් විදෙස් තානාපතිවරුන් ඇතුළු දූත මණ්ඩල හමුවන ආකාරයය. ඒ හැරුණු විට ආණ්ඩුවේ වෙනත් මැති ඇමැතිවරුන් ගොස් විදේශ තානාපතිවරුන් මුණගැසුණාද යන්න පිළිබඳ වැඩිදුර තොරතුරු වාර්තා වූයේ නැත. එම නිසා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මෙම හදිසි චක්‍රලේඛය කවුරු ඉලක්ක කර ඉදිරිපත් කරනු ලැබූ එකක්ද යන්න පිළිබඳව මේ වනවිට තානාපති ක්ෂේත්‍රයේ විශාල වශයෙන් කතාබහට ලක්වන කරුණක් බවට පත්ව ඇති ආකාරයක් දැකගන්නට තිබේ.

මහින්දගේ කාලෙත් වුණා

කෙසේ වෙතත් මෙම සිදුවීමට සම්බන්ධයක් නොමැති වුවද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදීද මෙවැනිම ආකාරයේ තහනමක් මැති ඇමැතිවරුන්ට පැනවිණි. එය සිදුවූයේ මහින්දගේ ජනාධිපති ධුර සමයේ දෙවැනි වාරයේ අවසාන භාගයේදීය. ඒ වනවිට ශ්‍රීලනිපයේ මහලේකම්වරයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්දගේ ආණ්ඩුවේ සිටියේ සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරමින්ය. ඒ, මෛත්‍රීට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් නොකිරීම හේතුකොට ගෙන ආණ්ඩුව ඇතුළේ මහින්ද සහ මෛත්‍රී අතර සීතල යුද්ධයක් ගොඩනැගෙමින් තිබුණු කාලවකවානුවක් විය. ඒ කාලයේදී ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය ලෙස කටයුතු කළේ මිෂෙල් ජේ. සිසන්ය. ඇය සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාලව මුණගැසීමට දෙවතාවක් පැමිණ ඔහු සමග දීර්ඝ සාකච්ඡා පැවැත්වීමට එකල කටයුතු කොට තිබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස මෛත්‍රීපාලව ඇමෙරිකාවෙන් හොඳම සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස නම්කරමින් සම්මානයක්ද දෙනු ලැබීය. එය මෛත්‍රීගේ දේශපාලන ගමනට විශාල ශක්තියක් ගෙන දුන් එකක් විය. එවක අප වෙත තිබූ තොරතුරු අනුව මෛත්‍රිපාල සම්බන්ධයෙන් යම් සැකයක් මහින්දට පැනනැගී තිබුණේද මෙම සිදුවීමෙන් අනතුරුවය. ඒ, බටහිර රටවල් විසින් මෛත්‍රීව මෙහෙයවීමට පටන්ගෙන ඇද්ද යන්න කියාය.

කෙසේ වෙතත් මෛත්‍රී මහින්දත් සමග එකට ආප්ප කා ඊට පසු දින ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට තීරණය කිරීමෙන් පසු මහින්දව මුණගැසීමට ඔහුගේ සමීපතම හිතවතුන් කිහිප දෙනකු අරලියගහ මන්දිරයට ගොස් තිබිණි. එහිදී මෛත්‍රී සම්බන්ධයෙන් කළ විමසීමේදී මහින්ද කියා සිටියේ, ‘මෙතන සම්පූර්ණයෙන්ම ගැහුවේ ඇමෙරිකන් ගේම් එකක්’ යැයි කියාය. ඊට පසුවද මහින්ද නිතරම පාහේ මෛත්‍රී සම්බන්ධයෙන් විමසීමේදී එම පිළිතුරම ලබාදීමට කටයුතු කොට තිබිණි. නමුත් අද සිදුවුණාක් මෙන් එකල මැති ඇමැතිවරුන්ට තානාපතිවරුන් හමුවිය නොහැකි බවට තහංචි පැනවීමක් මහින්ද සිදු කළේ නැත. නමුත්, එම සිදුවීමෙන් පසු ආණ්ඩුවේ විවිධ අංශ මගින් මැති ඇමැතිවරුන් යන එන තැන්, ඔවුන් හමුවන විදෙස් දූතයන් පිළිබඳ ඉතා රහසිගතව සොයා බැලීමට පියවර ගෙන තිබිණි.

ඒ අනුව, වර්තමානයේදී මෙවැනි තහංචියක් ඇමැතිවරුන්ට පනවා ඇත්තේ කුමන කරුණක් මතදැයි කියා පැහැදිලි නැතත් යම් සිදුවීමක් සිදුව ඇති බව නම් මේ සිදුවීම හරහා හොඳටම පැහැදිලිය.

පැලවත්තේ දීර්ඝ සාකච්ඡා

මීට අමතරව පසුගිය දින කීපය පුරාම පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේ ඉතා දීර්ඝ දේශපාලන සාකච්ඡා පැවැත්වී ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. මේ වනවිට ආණ්ඩුව ඇතුළේ මතුව ඇති දේශපාලන කරුණු කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැවැත්වී ඇති මෙම ඇතැම් හමු මධ්‍යම රාත්‍රිය දක්වාම ඇදීගොස් ඇති බවද දැනගන්නට ඇත. මෙහිදී යම් යම් සිදුවීම්වලදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සහ යම් යම් දේශපාලන සිදුවීම් හැසිරවිය යුතු ආකාරය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගෙන ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. පසුගිය සතියේ ජානාධිපති කාර්යාලයෙන් නිකුත් වූ විශේෂ චක්‍රලේඛය සහ මෙම දේශපාලන සාකච්ඡා අතර සම්බන්ධතාවක් ඇද්ද නැද්ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු නැතත්, මේ හරහා මොනයම් හෝ සිදුවීම් පෙළක් ආණ්ඩුව ඇතුළේ සිදුවෙමින් පවතින බවක් නම් පැහැදිලිවම දැකගන්නට පුළුවන. එමෙන්ම පවතින තත්ත්වය යටතේ මෙවැනි චක්‍රලේඛ ප්‍රායෝගිකද නැද්ද යන්න පිළිබඳවද බොහෝ දෙනා තුළ ගැටලුවක් මතුව ඇති බවක්ද දැකගන්නට පුළුවන.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

උඩුරාවණ ඇවිත් වසර 2යි! මහනුවර මහ පිරිතක් ඇරඹෙයි! I Sri Lanka Latest News

Next Post

අද රෑ අනුර චීනෙට යනවා! I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Load More
ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

වත්මන් මාලිමා ආණ්ඩුව බලයට පත්වූ දින සිට අසල්වැසි ඉන්දියාව සමග පවත්වාගෙන ගියේ ඉතා යහපත් සබඳතාවකි. බලයට පත්වූ වහාම ජනාධිපතිවරයා මුලින්ම...

Read more
ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.