ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩායම නියෝජනය කරන මන්ත්‍රීවරුන් 41 දෙනාගෙන් කිහිප දෙනකු අද දිනයේද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසී සාකච්ජා පවත්වා ඇති බව දැනගන්නට ඇත.
එහිදී සාකච්ජා කළ කරුණු මෙතෙක් අනාවරණය වී නැතත් අන්තර්වාර පාලනයක් සම්බන්ධයෙන් සාකච්ජා වී ඇති බවක් වාර්තා වේ.
කෙසේවෙතත් මාධ්‍ය මගින් කරුණු විමසීම වළක්වා ගැනීම සදහා මෙසේ මෙම කණ්ඩායම හොර රහසේම ජනාධිපතිවරයා මුණ ගැසී ඇති බවද දැනගන්නට ඇත.








