කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට ආණ්ඩුවට සහාය ලබා දීමෙන් ඉවත් වී ස්වාධීන වන බවත් දැනුම් දී තිබිය දී ඒ මහතා රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දීම විශේෂත්වයකි.
එම රාජ්‍ය ඇමති ධුරය දැරු ශෂීන්ද‍්‍ර රාජපක්‍ෂ මහතා ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මෙම දිවුරුම් දීම සිදු කර ඇත.










