අධ්‍යයන කටයුතු සදහා නැවත පාසල් විවෘත කිරීමෙන් පසුව, ප‍්‍රාථමික ශ්‍රේණී සහ අනෙකුත් ශ්‍රේණීන් වලින් ආසාදිත පාසල් දරුවන් වාර්තා වීම ඉහළ යමින් තිබෙන බව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් උපුල් රෝහණ මහතා පවසා ඇතැයි ඬේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර සිටියි.
පාසල් දරුවන්ට අමතරව, ගුරුවරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල තුළින්ද ආසාදිතයන් වාර්තා වන බව ඔහු පවසයි.
කෙසේ වෙතත්, මේ දක්වා බරපතල රෝගියෙකු දරුවන් අතරෙන් වාර්තා වී නැති බවද ඔහු පවසා තිබේ.
ප‍්‍රජාව තුළ රෝගීන් සිටින බවත්, ඔවුන් රෝගීන් බව නොදන්නා බවත්, එවැනි පවුල්වල දරුවන් පාසල් වෙත පැමිණීමෙන් අනෙක් දරුවන්ටද වෛරසය ආසාදනය වන බවත් ඔහු පවසයි.
වසංගතය පාලනය සදහා ගත යුතු මූලික සෞඛ්‍යමය කි‍්‍රයාමාර්ග වන මුව ආවරණ පැළදීම සහ නිතර දෑත් සේදීම සදහා දරුවන් යොමු කළ යුතු බව ඔහුගේ අදහසයි.