• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනතාවට පොරොන්දු වුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කරනවා කියලා! දැන් අලුත් පනතක් ගේන්න මහජන අදහස් විමසන්න පටන් අරන්! පොරොන්දු කඩන්න එපා! වහාම ත්‍රස්ත පනත අහෝසි කරන්න! සිවිල් සංවිධානවලින් ආණ්ඩුවට ලිපියක්! I Sri Lanka Latest News

May 30, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
‘ඈ බොල මොන සංශෝධනද? කිව්වා වගේ ඕක අහෝසි කරපිය!’ VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, ව්‍යාපාර, නීතිඥයින්, පූජක පක්ෂය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින රැඳවියන් සහ ශාස්ත්‍රඥයින් 240 කට අධික සංඛ්‍යාවක් විසින් අත්සන් කරන ලද ප්‍රකාශනයක් මගින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අවලංගු කරන ලෙස අපි ඉල්ලා සිටින අතර , සහ ඒ වෙනුවට කිසිදු ත්‍රස්ත නීතියක් ගෙන නොඑන ලෙස ඉල්ලා සිටී, Sri Lanka Latest News

ඒ, දණ්ඩ නීති සංග්‍රහයේ දැනට පවතින “ත්‍රස්ත තර්ජනයක්” සම්බන්ධයෙන් භාවිතා කළ හැකි තවත් නීති 15 ක් උපුටා දක්වමින්. කමිටුවේ ගැටළු සහගත සංයුතිය සහ රාජ්‍යය විසින් සිදු කරන ලද ප්‍රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදය සඳහා වගවීම නොමැතිකම ද එය විවේචනය කරයි.

එම ප්‍රකාශනය පහත පළවේ.

2025 මැයි 29

ලේකම්

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය,

කොළඔ 10.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම – එය නව ත්‍රස්ත නීතියකින් ප්‍රතිස්ථාපනය නොකරන්න

1979 අංක 49 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සහ නව ත්‍රස්ත විරෝධී නීති හා සම්බන්ධ නිර්දේශ, අදහස් හෝ යෝජනා ඉදිරිපත් කිරීමට මහජනතාවට සති දෙකක ඉතා කෙටි කාලයක් ලබා දෙමින් 2025 මැයි 16 දින ලංකාදීප පුවත්පතේ පළ කරන ලද පුවත්පත් දැන්වීමට බලවත් සැලකිල්ලක් දක්වන ශ්‍රී ලාංකීය ජනතාව වශයෙන් අපි මෙසේ ප්‍රතිචාර දක්වන්නෙමු.

පළමුවෙන්ම, නව ත්‍රස්ත විරෝධී පනතක් කෙටුම්පත් කිරීමට රජය ගෙන ඇති තීරණය පිළිබඳව අපි අතිශයින් කළකිරීමට හා කනස්සල්ලට පත්ව සිටිමු. ජාතික ජන බලවේගය (භඡඡ) පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබා ගැනීමට පෙර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (ඡඕ) අවලංගු කරන බවට ශ්‍රී ලංකාවේ මහජනතාවට සහතික විය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි අසාමාන්‍ය හා පීඩාකාරී නීති මෙම රජය විසින් පවත්වා ගෙන නොයන බවට පැහැදිලි පොරොන්දුවක් දී තිබුණි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවශ්‍ය වීමේ ස්වභාවය පිළිබඳ විවිධ ප්‍රසිද්ධ ප්‍රකාශ, සහ නව ත්‍රස්ත විරෝධී නීතියක් පිළිබඳව සලකා බැලීම සඳහා කමිටුවක් පත් කිරීම, ජනතාවට දුන් පොරොන්දුව කඩ කිරීමකි. ජාතික ජන බලවේගය විසින් කුරිරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීම පිළිබඳව ලබා දුන් කොන්දේසි විරහිත පොරොන්දුව පිළිබඳව තීරණයක් ගැනීමට, දැන් එම පක්ෂය ආණ්ඩුවේ සිටින බැවින් පැකිළෙමින් සිටී.

තවද එම කමිටුවේ සංයුතිය මඟින් ශ්‍රී ලාංකික බහුතරවාදී පරිපාලන යාන්ත්‍රණය විසින් එවැනි නීති ක්‍රියාත්මක කරන ආකාරය සහ ජාතිවාදය විසින් උපයෝගි කරගන්නා ආකාරය පිළිබඳ නොදැනුවත්කම පෙන්නුම් කරන බව අපි තවදුරටත් ප්‍රකාශ කරමු. කමිටුව ප්‍රධාන අභිලාශයන් නියෝජනය නොකරයි– එයට බොහෝ දුරට රාජ්‍ය නිලධාරීන්, හමුදා සහ ආරක්ෂක අමාත්‍යංශයේ සේවක පිරිස් ඇතුළත් වන අතර, වින්දිතයින්/වින්දිත පවුල් හෝ දෙමළ හෝ මුස්ලිම් නියෝජනය ඇතුළත් නොවේ. එම නිසා, ජනතාවගේ, විශේෂයෙන් අපේ සමාජයේ වැඩියෙන්ම අවදානමට ලක්විය හැකි අයගේ හොඳම යහපත සඳහා වන දේ සලකා බලන ආයතනයක් ලෙස, ඉහත කමිටුවට ජනතාව හමුවේ නිත්‍යානුකූලභාවයක් නොමැත.

ඉතා දරුණු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මඟින් අසමානුපාතිකව දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන්ට පමණක් නොව, 88/89 අරගලය අතරතුර දකුණේ තරුණයින්ට ද, මෑතකාලීන ජනතා අරගලය අතරතුර ශිෂ්‍ය නායකයින්ට, සහ ශ්‍රීලංකාවේ විකල්ප/විරුද්ධවාදී දේශපාලන හඬවලට ද සිදු කරන ලද මිනිස් ජීවිත හා විභවයන් පුළුල් පරිමාණයෙන් විනාශ කිරීම බැරෑරුම් ලෙස සලකා බලන ලෙස අපි අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිමු. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීමෙන් උපදවන ලද දේශපාලන නොරිස්සීම සහ මෙම පීඩාකාරී නීතිය පවත්වාගෙන යාමෙන් අපගේ දේශපාලන සංස්කෘතියට සිදු වූ හානියට පිළියම් කළ නොහැකි ය. නිදහසින් පසු අනුප්‍රාප්තික රජයන් විසින් යොදා ගන්නා ලද රාජ්‍ය පීඩනය, රාජ්‍ය ප්‍රචණ්ඩත්වය සහ බෙදීම්කාරී අනන්‍යතා දේශපාලනයේ ඉතිහාසයෙන් ඉවත් වීමට කාලය පැමිණ ඇත. අපගේ අත්දැකීම වන්නේ, මෙම නීතිය භාවිතා කර ඇත්තේ රාජ්‍යයේ ඒකාධිපතිවාදී අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා පමණක් බවත්, කිසි විටෙකත් ජනතාවගේ අභිලාෂයන් සඳහා නොවන බවත් ය. ජනතාවගේ පරමාධිපත්‍යය ගැන මෙනෙහි කිරීමට, සිදු වූහානියට පිළියම් කිරීමට සහ මානව හිමිකම් මත පදනම් වූ නව දේශපාලන සංස්කෘතියක්, නිදහස සහ ගෞරවය මත පදනම් වූ ජනතාවට සැබෑ ආරක්ෂාවක් ගොඩනැගීමට ද කාලය පැමිණ ඇත.

1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (ඡඕ) යනු භයානක ත්‍රස්ත විරෝධී නීතියකි. එය ස්වභාවයෙන්ම අසාමාන්‍ය (පළමු අවස්ථාවේදීම අධිකරණ හෝ පාර්ලිමේන්තු අධීක්ෂණයකින් තොර) වන අතර, සාමාන්‍ය අපරාධ නීතිය සමග ස්ථිර ලෙසම අසාධාරණ ලෙස ක්‍රියාත්මක වේ. පොලිසියට ලබා දෙන පාපොච්චාරණ (බොහෝ විට වධ හිංසා පැමිණවීමෙන් ලබාගන්නා) පිළිගත හැකිවීමේ විධිවිධාන, පරිපාලනමය රඳවා තබාගැනීම් සහ ප්‍රකාශන තහනම් කිරීමට ජනාධිපතිට ඇති බලතලයන සියල්ලම ප්‍රජාතන්ත්‍රවාදී නීතියේ ආධිපත්‍යයට සහ මානව හිමිකම්වලට සපුරා පිළිකුල් සහගත වේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඇති අධික බලතල වසර 40 කට වැඩිකාලයක් තිස්සේ අනිසි ලෙස භාවිතා කර ඇති අතර, වින්දිතයින් සහ ඔවුන්ගේ පවුල් මෙම නීතිය යටතේ විනාශකාරී පෞද්ගලික ප්‍රතිවිපාකවලට මුහුණ දෙමින් සිටිති. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් පුළුල් ලෙස පිළිගත් සහ දිගුකාලීන දේශීය හා ජාත්‍යන්තර හෙළා දැකීමක් පවතී. 2015 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාව ඇතුළුව, ශ්‍රී ලංකාරජය ද මෙම නීතිය අවලංගු කිරීමට නැවත නැවතත් පොරොන්දු වී ඇත. 2022 දී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (්‍යඍක්‍ීඛ) ද ”‍ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්පූර්ණයෙන්මඅහෝසි කළ යුතු”‍ බවත් ”‍රටේ සාමාන්‍ය නීතිය යටතේ ත්‍රස්තවාදය විමර්ශනය කළ යුතු”‍ බවත් ඉල්ලා සිටියේ ය.

අනෙක් අතට, ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා නීති සහ ආයතන තිබේ. ත්‍රස්තවාදී වැරදි සම්බන්ධයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ අපරාධ නීති සංග්‍රහය අවම වශයෙන් නීති 15ක් මෙන්ම, දණ්ඩ නීති සංග්‍රහය යටතේ විවිධ විධිවිධාන ඇතුළත් වේ. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සම්මුතීන් ද අනුමත කර ඇති අතර, ඒවා ත්‍රස්ත විරෝධී නිශ්චිත නීති බවට සම්මත කර ඇත. ශ්‍රී ලංකාවට ජාතික බුද්ධි සේවයක්, ත්‍රස්ත විරෝධී විමර්ශන අංශයක් (ක්‍ඔIෘ) සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයක් (ත්‍Iඹ) ඇත. මෙම සාමාන්‍ය නීති පද්ධතිය, පූර්ණ අධිකරණ අධීක්ෂණයට යටත්ව, ‘ත්‍රස්තවාදී තර්ජනය’ කෙරෙහි ශ්‍රී ලංකා රාජ්‍යයේ ප්‍රතිචාරය සකස් කළ යුතු ය.

මෙම පසුබිම තුළ අපි පහත සඳහන් දෑ දැඩි ලෙස නිර්දේශ කරමු;

1. 1979 අංක 49 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතවහාම අවලංගු කිරීම, සහ වෙනත් අනුවාදයක් මත කටයුතු කරන කමිටුව හරහා උපක්‍රම ප්‍රමාද කිරීමට උත්සාහ නොකිරීම. රජය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතඅවලංගු කරන තෙක් එය යොදා ගැනීම පිළිබඳව තාවකාලික තහනමක් පැනවිය යුතු ය.

2. ‘ත්‍රස්තවාදය‘ සම්බන්ධ ගැටළු විසඳීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන ඇතුළුව පවතින අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය තුළ අවම වශයෙන් නීති 15ක් ඇත. එබැවින්, ත්‍රස්තවාදය පිළිබඳ විශේෂ නීතියක් සඳහා දැනට අවශ්‍යතාවයක් නොමැත.

3. සංචරණයේ නිදහස, රැස්වීම් පැවැත්වීම, රැස්වීමේහැකියාව, රැලියක් හෝ පෙළපාලියක් පැවැත්වීම හෝ ඕනෑමආකාරයක විරෝධතාවයක් මඟින් ඉල්ලීම් ඉදිරිපත් කිරීමසීමා කිරීමට පොලිසියට / විධායකයට බලය පවරන කිසිදුනීති පැනවීමක් සිදු නොකරන බවට සහතික විය යුතු ය. විවාදය සහ විසම්මුතිය ප්‍රජාතන්ත්‍රවාදයේ අත්‍යවශ්‍යලක්ෂණ වන අතර මෑත වසරවලදී, බොහෝ පීඩාකාරී නීතිමෙම මූලික අයිතිවාසිකම් ඛාදනය කර ඇත. ප්‍රජාතන්ත්‍රවාදීක්‍රම හරහා නිත්‍යානුකූල අභිලාෂයන් හඹා යන පුද්ගලයන්ටසහ ජනතාවන්ට ත්‍රස්ත නීති මගින් කිසිදු ආකාරයකින් බාධා නොකළ යුතු ය.

4. ජනාධිපති සමාවන්, සාක්ෂි නොමැති නම් චෝදනා ඉල්ලා අස්කර ගැනීම, හෝ පාපොච්චාරණ හරහා පමණක්/ප්‍රාථමික සාක්ෂි තිබේ නම් සහ තවමත් චෝදනා එල්ල වී නොමැති අය නිදහස් කිරීම ඇතුළු දේශපාලනමය හා නීතිමය මැදිහත්වීම් හරහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දැනට රඳවා සිටින සියලු‍ දෙනාටම යුක්තිය ඉටු කිරීම කඩිනම් කිරීමට පියවර ගන්න.

5. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන වරදකරුවන් නොවූ අයට පිළිගැනීම, සමාව අයැදීම, හානිපූරණය, ශාරීරික හා මානසික සෞඛ්‍ය රැකවරණය සහ ජීවනෝපායය සහාය ඇතුළුව රාජ්‍යය මඟින් වන්දි ලබා දීම සහතික කිරීම. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිට අත්අඩංගුවේ සිටියදී මියගිය අයගේ පවුල්වලට ද වන්දි ලබා දිය යුතුය.

SendShareShare
Previous Post

සෙවනගල ලොකු අර්බූදයක්! I Sri Lanka Latest News

Next Post

රේගුවෙන් පැන්නූ කන්ටේනර් 323 ගැන කරපු හෙළිදරව්වට දයාසිරිටයි ගම්මන්පිලටයි එරෙහිව CIDයට පැමිණිල්ලක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News
Exclusive

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News
Exclusive

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

Load More
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

ලංකාවේ දේශපාලනය කියන්නේ ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලකදී වුණත් ‘හොඳම විද්‍යා ප්‍රබන්ධ සහ හාස්‍යෝත්පාදක’ ගණයෙන් සම්මාන දිනාගත හැකි සුපිරිම නාට්‍යයකි. මේ...

Read more
අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.