ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා එකඟ වූ කොන්දේසි මොනවා ද යන්න පාර්ලිමේන්තුවට හෙළිදරව් කළ යුතු බවත්,ජනමතයට එරෙහි ආණ්ඩුව මැතිවරණ කල් දැමීම හරහා දෙන පණිවිඩය බරපතළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පසුගියදා උද්ඝෝෂණ වලට එල්ල කළ ප්‍රහාර වලදී භාවිතා කළ කඳුළු ගෑස් වල ප්‍රමිතිය පිළිබඳවද ඒවායේ අන්තර්ගත යම් පිළිබඳවද අන්තර්ගත යම් පිළිබඳවද වහා රටට හෙලිදරව් කළ යුතු බව ද විපක්ෂ නායකතුමා පැවසීය.
27/2 යටතේ ප්‍රශ්නයක් යොමු කරමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.
රටේ ඇති වී තිබෙන වත්මන් තත්ත්වය හේතුවෙන් පහත සඳහන් ප්‍රශ්න ජාතික වැදගත්කමකින් යුතු ගැටලු වශයෙන් සලකා නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි.
- ශ්‍රී ලංකා රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ අත්සන් කර ඇති ගිවිසුම ක්‍රියාත්මක කරනු ලබන දිනය කුමක් ද?
- එම ගිවිසුම ප්‍රකාරව ප්‍රතිව්‍යුහගතකරණයට ලක්වන රාජ්‍ය ආයතන, රජයට අයත් සමාගම් මොනවාද?
- එම ගිවිසුමේ සඳහන් අනෙකුත් කොන්දේසි මොනවා ද? එම ගිවිසුම මෙම ගරු සභාවට මේ සතියේ දී ඉදිරිපත් කළ හැකි ද?
- ජනමතය නොමැති නිසා මැතිවරණ කල්දමන ආණ්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සහ අනෙකුත් පාර්ශව සමග එළඹෙන ගිවිසුම් සහ තීන්දු තීරණ වලට ජනතා ආශිර්වාදය ලබා ගන්නේ කෙසේ ද?
- නිසි කලට මැතිවරණ නොපවත්වන රටක් ප්රජාතන්ත්රවාදී රටක් වශයෙන් හඳුන්වන්නේ කෙසේ ද?
- මෙම වසර තුළ දී කිසිදු මැතිවරණයක් පැවැත්වීමට රජය කටයුතු නොකරන්නේ ද?
- නොඑසේනම්, දෙවන වරටත් දින නියම කෙරුණු පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මුදල් අමාත්‍යාංශය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත නිදහස් නොකිරීමට හේතු කවරේ ද?
- මුද්‍රණාලයාධිපති විසින් ඡන්ද පත්‍රිකා මුද්‍රණය වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව මගින් ඉල්ලා ඇති මුදල කොපමණ ද?
- එයින් කොපමණ මුදලක් මේ වනවිට මුද්‍රණාලය වෙත ලබා දී තිබේ ද? තව කොපමණ මුදලක් මුද්‍රණාලය වෙත ලබා දිය යුතුව තිබේ ද? එම මුදල කවදා වනවිට ලබා දිය යුතුව ඇත් ද?
- නව ආදායම් බදු පනත ක්‍රියාත්මක කිරීමත් සමඟ පසුගිය මාස 2 තුළ දී එයින් රජයට ලැබුණු ආදායම කොපමණ ද?
- පසුගිය කාලයේ දී වෘත්තිකයින් විසින් නව බදු පනත සම්බන්ධයෙන් යෝජනා කර ඇති සංශෝධනයන් මොනවා ද? එම සංශෝධන සිදු කිරීමට රජය එකඟ වන්නේ ද?
- නව ආදායම් බදු පනත සංශෝධනය කිරීමට රජය අපේක්ෂා කරනු ලබන්නේ නම් ඒ කෙබඳු ආකාරයට ද යන්න පැහැදිලි කරන්නේ ද?
- පසුගියදා කොළඹ විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළට පොලීසිය ඇතුළු වී සිසුන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගරු අධ්‍යාපන අමාත්‍යතුමා විසින් කැඳවනු ලැබූ වාර්තාව සහ ඒ අනුව ගන්නා ලද ක්‍රියාමාර්ගවල ප්‍රගතිය කවරේ ද?
- කොළඹ විශ්ව විද්‍යාල සිසුන්ට පහරදුන් හමුදාපති හෝ පොලිස්පති නොහඳුනන හමුදාවන් විසින් භාවිතා කරන නිල ඇඳුමකට සමාන ඇඳුම් ඇඳ සිටි පොලු රැගත් පිරිස කවු ද?
- එම නොහඳුනන කණ්ඩායමට අණ ලබා දුන්නේ කවු ද? මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන වල ප්‍රගතිය කවරේ ද?
- පසුගිය කාලය ඇතුළත දී උද්ඝෝෂණ විසුරුවා හැරීමට ආණ්ඩුව භාවිතා කළ කඳුළු ගෑස් හේතුවෙන් පුද්ගලයින් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්විය. ඊට හේතුව රසායනික විෂ වීමක් ද? නැතහොත් කල් ඉකුත් වූ කඳුළු ගෑස් භාවිතා කිරීමක් ද?
- 2022 මැයි මස 9 වැනි දින අරලියගහ මන්දිරය අසල,
2022 ජුලි 13 වැනි දින අග්‍රාමාත්‍ය කාර්යාලය අසල,
2023 පෙබරවාරි 26 වැනි දින ලිප්ටන් වටරවුම අසල සහ,
2023 මාර්තු 07 වැනි දින කොළඹ සරසවිය අසල
සිදු කරන ලද උද්ඝෝෂණ විසුරුවා හැරීම සඳහා භාවිතා කෙරුණු කඳුළු වායු උණ්ඩ (CS Shells) සහ කඳුළු වායු බෝම්බ (CS Grenade) වල නිෂ්පාදන අවුරුදු සහ කල් ඉකුත්වීමේ දින මොනවාද?
- එම උද්ඝෝෂණ සඳහා භාවිතා කළ කඳුළු වායු උණ්ඩ සහ කඳුළු වායු බෝම්බ ප්‍රමිතිය සහතික කිරීමට විධිමත් රසායනාගාර පරීක්ෂණයක් සිදු කොට තිබේ ද? එම පරීක්ෂණ වාර්තාව මෙම සභාවට ඉදිරිපත් කළ හැකි ද? නොඑසේ නම් ඒ මන්ද?
- අලුතින් තවත් කඳුළු වායු උණ්ඩ සහ කඳුළු වායු බෝම්බ 15,000ක් මිලදී ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබේ ද? ඒ සඳහා ඇස්තමේන්තු ගත මුදල කොපමණද?