ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා කාන්තාවන් පිරිසක් සමග නර්තනයේ යෙදෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ.
එහිදී අවට සිටින පිරිස් මත්පැන් පානය කරන ආකාරයක්ද දැකගත හැකිය.
කෙසේවෙතත් මේ ආකාරයට කාන්තාවන් පිරිසක් සමග නර්තනයේ යෙදෙන සුනිල් හදුන්නෙත්ති මහතා පසුගිය දිනෙක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවෙසින් ආහාර ගෙන ඒම සම්බන්ධයෙන් දැඩි දෝෂාරෝපණයක් එල්ල කිරීමටද පියවර ගෙන තිබිණ.










