• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාලකණ්ණි භූතයෝ දෙන්නෙක් නිසා ද්‍රෝහියෙක් වෙන්න එපා…! 1%ක්වත් නැති ඒකාබද්ධ (යක්) කල්ලිය හදාගෙන පිස්සු කෙළිනවා…! මම ආයේ රනිල් වෙනුවෙන් වචනයක් ලියන්නේ නෑ….! Good Bye සීයේ…! Sri Lanka Latest News

May 30, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
රනිල් ඉල්ලන්නේ නෑ කියන්නේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

​මචං, මම එජාපයේ. ඒක මට කාටවත් හැංගි හොරා කියන්න ඕනෑ එකක් නෙවෙයි. මගේ පරම්පරාව දිහා බැලුවොත්, රනිල් වික්‍රමසිංහගේ තාත්තා ලංකාවේ සමසමාජ ව්‍යාපාර අස්සේ දේශපාලනය කරන කාලේ ඉඳලම, ඉන් පසුවත් අපි පරම්පරාගතව පෙනීසිටියේ එක්සත් ජාතික පක්ෂයේ කොළපාට කොඩිය වෙනුවෙන්. රනිල් වික්‍රමසිංහ කියන නායකයා වෙනුවෙන් මම පෙනීසිටියේ පුද්ගල වන්දනාවකට වඩා, අපේ මහගෙදරට සහ ඒ මතවාදයට තිබුණු අසීමිත ආදරය නිසයි.Sri Lanka Latest News

​විශේෂයෙන්ම, රනිල් වික්‍රමසිංහ මහත්මයා රටේ ජනාධිපතිවරයා වෙලා ඉන්න කාලේ මම වැඩ කළේ ජනාධිපති මාධ්‍ය අංශයේ. ඔහුගේ ප්‍රතිරූපය ගොඩනගන්න, ඔහුගේ දේශපාලන සහ ආර්ථික දැක්ම රටට කියන්න, රාජ්‍ය යාන්ත්‍රණය ඇතුළේ ඉඳන් උපරිම ශක්තියක් දුන්න කෙනෙක් විදියට අද මට මේ ටික ලියන්න සිදුවෙලා තියෙන්නේ හදවතේ උපරිම කලකිරීමෙන් සහ දරාගත නොහැකි වේදනාවකින්.

​මතකද 2020 අවුරුද්ද? රනිල් වික්‍රමසිංහ කියන දේශපාලන දැවැන්තයා තමන්ගේ ජීවිතයේ දරුණුම පරාජය ලබලා, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පවා අහිමි වෙලා, දේශපාලනයෙන් අතුගෑවිලා යන්න ඔන්න මෙන්න තියෙද්දී ගෙදරටම වෙලා හුදෙකලා වෙච්ච කාලේ? රට පුරා තුනෙන් දෙකක අසීමිත බලයක් එක්ක රාජපක්ෂ භීෂණය රජ කරන කොට, අනෙක් පැත්තෙන් ජවිපෙ (මාලිමාවේ) රැල්ල රටම ගිලගන්න හදනකොට, එදා දේශපාලනිකව බින්දුවටම වැටිලා අසරණ වෙලා හිටපු රනිල් වික්‍රමසිංහව ආයෙත් කරළියට ගෙනල්ලා, ඔහුව දේශපාලනිකව උස්සලා ගන්න එදා මුළු රටේම හිටියේ අපි වගේ දෙතුන් දෙනෙක් විතරයි. එදා අපි සෝෂල් මීඩියා ඇතුළෙත්, සමාජය ඇතුළෙත් ගහගත්තේ මුළු රටම ඔහුට හිනාවෙද්දී. ​ඔහු අහම්බෙන් හෝ ජනාධිපති වුණාට පස්සේ, තමන්ගේ පුද්ගලික වාසිය සහ තනතුරු බලාගෙන අද සිරිකොත ඇතුළෙත්, ඔහුගේ ළඟත් රඟන බහුතරයක් උන් එදා හිටියේ කොහේද? උන් ඔක්කොම එදා හිටියේ රාජපක්ෂලාගේ ඔඩොක්කුවේ ලැගගෙන, රනිල්ට වඳින්න ආපු මිනිස්සුන්ට හිනාවෙවී. ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරියෙක් විදියට ඔය හැම එකාගේම නිරුවත මම ඇස් දෙකෙන් දැක්කා.

​ඒකටත් කමක් නැහැ සීයේ… ඔයාම තමයි අපිට දේශපාලන දෘෂ්ටිවාදයන් උගන්වද්දී කියලා තියෙන්නේ, වමත් එක්ක හවුලේ ආණ්ඩු හදලා කිසිම දවසක ලිබරල් ප්‍රගතිශීලී රටවල් නිර්මාණය කරන්න බැහැ කියලා. ඔයා ඒ යථාර්ථය හොඳටම දන්නවා. හැබැයි අද වෙනකොට වම කොච්චර අසමත්ද, උන් රට කොච්චර ප්‍රපාතයකටද ඇදලා දාන්නේ කියලා ඇස් පනාපිටම පෙනි පෙනිත්, තමන්ගේ වටේ ඉන්න භූතයෝ දෙන්නෙක්ගේ’ ලණු කාපු ඔයාට, සැබෑ කොළපාට දක්ෂිණාංශික ආණ්ඩුවක් හදන්න කිසිම වුවමනාවක් නැති බව ස්ථීරයි.

​අපි එදා ඔයා වෙනුවෙන් පෙනීසිටියේ රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයාට ඇති මලක් වගේ ආදරයකට නෙවෙයි, එක්සත් ජාතික පක්ෂයේ නායකයා විදියටයි. හැබැයි අද වෙනකොට අසමගි වෙලා, කෑලි කෑලිවලට කැඩිලා තියෙන තමන්ගේ මහගෙදර (යූ.ඇන්.පී. එක) ආයෙත් එකතු කරලා ශක්තිමත් කරනවා වෙනුවට, මෙච්චර දේශපාලන ඥානයක් තියෙන ඔයා කරන්නේ මොකක්ද? සමාජය ඇතුළේ 1%කවත් මහජන පදනමක් නැති, මිනිස්සු පිළිකුල් කරන ඒකාබද්ධ ‘යක්’ (කල්ලියක්) හරහා නාමල් රාජපක්ෂව ආයෙත් ෆෝම් කරන්න හදනවා. හැබැයි ලියාගන්න, එව්වා සැබෑ නොවන හුදෙක් හීන විතරයි.

​එම නිසා, අදින් ඇරැඹෙන මේ මොහොතේ සිට මම රනිල් වික්‍රමසිංහ නම් පුද්ගලයා වෙනුවෙන් කිසිදු වචනයක් ලියන්නේ නැත. මින් ඉදිරියට මගේ පෑන, මගේ ශ්‍රමය සහ මගේ දේශපාලන උපායමාර්ග ලියවෙන්නේ පරම්පරාගත එක්සත් ජාතික පක්ෂය සහ සැබෑ දක්ෂිණාංශික මතවාදය වෙනුවෙන් විතරයි.

​එක දෙයක් හොඳින් මතක තියාගන්න සීයේ… එදා ඔයාව ජනාධිපති පුටුවේ වාඩිකරවන්න අපි පපුව ඉස්සරහට දාලා සටන් වදිනකොට, අපේ පක්ෂයේ මුද්‍රාව තියෙන සිරිකොත මන්දිරය තිබ්බේ දූවිලි වැදිලා, වහලා දාලා. ඒ වගේම, ඔයා මේ කරන්න යන විනාශය නිසා ආයෙත් අවුරුදු දෙකකින් හෝ තුනකින් මේ රට දැවැන්ත ආර්ථික සහ සමාජයීය අර්බුදයකට ඇදලා දාන ‘වම-දකුණ අච්චාරු’ දේශපාලන දේදුන්නක් හැදෙන්න යනවා නම් ඒකට කීයටවත්, කිසිම ඉඩක් තියන්න මම සූදානම් නැහැ.

​ලංකා දේශපාලන ඉතිහාසයේ නොමැකෙන පුරාවෘත්තයක් (ලෙජන්ඩ්) විදියට ගෞරවනීයව සමුගන්න තිබ්බ ඔයා, ඔය වටකරගෙන ඉන්න කාලකණ්ණි භූතයෝ දෙන්නෙක් නිසා, අවසානයේ ඉතිහාසයේ කුණු කූඩයට ඇදවැටෙන්නේ ‘ජාතියේ සහ තමන්ගේම පක්ෂයේ ද්‍රෝහියා’ විදියටයි. ඒක අකුරක් නෑර ලියලා තියාගන්න.

මීට, ජනපති රනිල්ගේ මාධ්‍ය අංශයේ සිටි සී.එම්.

SendShareShare
Previous Post

රාජ්‍ය නායකයෙක් මාධ්‍ය ඉස්සරහට නෝනාව ගේන්නම ඕනෙද? Sri Lanka Latest News

Next Post

කාශ්මීර රාජධානියටත් මහා වැව් හදලා දීපු අපේ සුපිරි වාරිකරුවෝ! Sri Lanka Latest News

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.