මේ මොහොතේ රටට අවශ්‍ය වන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් නොව සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් බව මාර්තු 12 ව්‍යාපාරය පවසනවා.
එහි කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ ජනතාව මේවනවිට මුහුණ දෙමින් සිටින ආර්ථික හා සමාජයීය ගැටළු සඳහා කඩිනමින් විසඳුම් ලබාදීම සර්ව පාක්ෂික වැඩපිළිවෙළේ අරමුණ විය යුතු බවයි.










