• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තමුසෙගෙ පිස්තෝලේ ගත්ත තැන අපිට වැඩක් නෑ! තමුසෙගෙ පිස්තෝලෙට අපි බයත් නෑ! හැත්තෑවේ මහා වැඩවර්ජනය පිස්තෝල පෙන්නලා කොතලාවල නවත්තපු හැටි! Sri Lanka Latest News

December 1, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
තමුසෙගෙ පිස්තෝලේ ගත්ත තැන අපිට වැඩක් නෑ! තමුසෙගෙ පිස්තෝලෙට අපි බයත් නෑ! හැත්තෑවේ මහා වැඩවර්ජනය පිස්තෝල පෙන්නලා කොතලාවල නවත්තපු හැටි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

58 වසරක මාධ්‍ය තෝතැන්නේ තවමත් සක්මන් කරමින් සිටින මා හට විවිධ අවස්ථාවලදී මාධ්‍ය තොරතුරු හඹා යෑමට විවිධ වෙස් ගැනීමට සිදුවූ අවස්ථාද නැතුවා නොවේ. ඒ, ජනතාව වෙනුවෙන් මිස දේශපාලන පිට කැසීම් නිසා නොවීම ගැන මම අදටත් සතුටු වෙමි. 1970 දශකයේ එවක පැවැති රජයට එරෙහිව ඉල්ලීම් ඉල්ලා සිදුවීමට ගිය දුම්රිය – බස් මහ වැඩවර්ජනයේදී පැය කීපයකට මා හට ලංගම සභාපති ජැක් කොතලාවලගේ පෞද්ගලික ලේකම්වරයකු ලෙස වෙස් ගෙන සභාපතිගේ කාමරයේ රැඳී සිටීමටද සිදුවිය. එදා බලයට පත්ව සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජය වැඩකරන ජනතාවගේ ජීවිත ගැටගසාගැනීමට කරන ලද ඉල්ලීමට කන් දීමට වඩා කන් නොදුන් අවස්ථා එමටය. එවැනි අවස්ථාවලදී ඔවුන්ට වෘත්තීය සමිතිවල පිහිට පැතීමට සිදුවූ අවස්ථාද බොහෝය. (Sri Lanka Latest News)

එවක පැවැති රජය වගා සංග්‍රාමයක් ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් සෑම සතියකම අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල බත් විකිණීම තහනම් විය. ඒ දවස් අල, බතල, මඤ්ඤොක්කාවලට පමණක් සීමා විය. ඒ අවස්ථාවේ වඩාත්ම අසරණ වූයේ පාසල් දරු දැරියන්ය. ජනතා ප්‍රශ්න වැඩිවත්ම රාජ්‍ය සේවකයන්ද සිය ඉල්ලීම් දිනාගැනීමට වැඩවර්ජන පසුපස පෙළගැසිණි. ඒ එක් අවස්ථාවකදී රජයට ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂ සහ වාමාංශික බලවේගය දුම්රිය සහ බස් මහා වැඩවර්ජනයකට සැලසුම් සකස් කරමින් සිටියේය. එදා දුම්රිය සහ බස් වැඩවර්ජනය ආරම්භ වූයේ නම් අද මෙන්ම පෞද්ගලික බස් රථ සේවාවක්ද නොවීය. එදා මෙරට ලංගම ඩිපෝ සියල්ල පාලනය වූයේ කොළඹ නාරාහේන්පිට මධ්‍යම ගමනාගමන මණ්ඩලයෙනි. එහි සභාපතිවරයාව සිටියේ ජැක් කොතලාවල මහතාය.

ඒ වනවිට වර්ජනය මෙහෙයවීමට සූදානම් වූ වෘත්තීය සමිති නායකයන් සිය ඉල්ලීම් ඉල්ලා රජයට කරන ලද බලපෑම් සියල්ල බිඳවැටී තිබිණී. අවසන් වශයෙන් සිදුකළ වෘත්තීය සමිති නායකයන්ගේ සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබුණේ ලංගම ප්‍රධාන කාර්යාලයේදී, ලංගම සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙනි. එදින දහවල් ලංගම සභාපතිවරයාගෙන් මා හට දුරකතන ඇමතුමක් ලැබිණි. ඉක්මනින් පැමිණ ඔහු හමුවන ලෙස එම ඇමතුමෙන් කියැවිණි. මම ඒ ගැන ගුලි (ගුණදාස ලියනගේ)ටද පවසා නාරාහේන්පිට ලංගම ප්‍රධාන කාර්යාලයට ගියෙමි. සාකච්ඡාව පැවැත්වීමට නියමිතව පැවැතියේ එදින සවස 2ටය. ඊට පෙර ලංගම සභාපතිවරයාගේ කාර්යාලයට මා යනවිට එහි සිටියේ සභාපතිවරයා පමණි. මා දුටු විගස ජැක් කීවේ ‘අද වෘත්තීය සමිති ලොක්කන් මාව හමුවෙන්න එනවා. ඊට කලින් මම ඔයාට දෙන මේ ෆයිල් ටික අරගෙන, මගේ කාමරයට ඇතුළු වෙන්න. මගේ මේසයට දකුණු පසින් ඉඳගෙන ෆයිල් බල බලා ඉන්න විදියට කතාවට සවන් දෙන්න. මම ඒ අයට දෙන උත්තර අහගෙන ඉන්න. ඒ අය මගෙන් ඔයා ගැන ඇහුවොත්, ඔයා මගේ පුද්ගලික ලේකම්වරයෙක් කියලා කියන්නම්. ඒ ගැන බය වෙන්න එපා….’ ජැක් කීවේය. ජැක්ගේ එම උපදෙස් අනුව මම කල්වේලා ඇතිව ඔහුගේ කාමරයට ගොස් සූදානමින් සිටියෙමි.

එදින සවස 1.45 පමණ වනවිට වර්ජනය මෙහෙයවන වෘත්තීය සමිති නායකයෝ පස් දෙනෙක් ජැක්ගේ කාමරය තුළට පැමිණියහ. ඒ අයව සුහදව පිළිගත් ජැක්, ඔවුන් සමග අතීත සූරිය මල් ව්‍යාපාරය පිළිබඳ දේශපාලන කතාබහක නිරත විය. ඒ අතර සිටි වෘත්තීය සමිති නායකයකු ඔවුන් අත තිබූ ලිපිගොනු කිහිපයක් විවෘත කර අදාළ යෝජනා ජැක් ඉදිරියේ තැබීය. ඒවායේ ඔවුන්ගේ වැටුප් ඇතුළු වෘත්තීය ගැටලු කිහිපයක් විය. අතීත දේශපාලන කතා කියමින් සිටි ජැක් එක් වරම මේසයේ ලාච්චුවක් විවෘත කර ඒ තුළ තිබූ විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝලයක් එළියට ගෙන මේසය මත තැබීය. එය දුටු මාද තරමක තැතිගැන්වීමකට ලක්වීමි. ජැක් මේසය මත තැබූයේ උණ්ඩ පහක් එකවර දැමිය හැකි රිවෝල්වරයකි. මෙම රිවෝල්වරය චෙකෝස්ලෝවැකියාවේ නිෂ්පාදිත එකක් බව පවසමින් එහි නිෂ්පාදිත වර්ෂයත්, ගෙන්වා ගත් ආකාරයටත්, බලපත්‍රයක් ලබාගත් ආකාරය ගැනත් කියමින් පිස්තෝලය ගැනම දිගටම ජැක් කතා කරන්නට විය.

‘මේ වගේ දේවල් මේ කාලයට ඔබින, අපිටම ගැළපෙන ආරක්ෂිත මෙවලමක් තමයි…’ යනුවෙන් ඒ ගැන යළි යළිත් කියමින් ජැක් කතාව දිග්ගස්සද්දී වෘත්තීය සමිති නායකයන්ට යකා ආවේශ විය. ඒ වනවිටත් වර්ජනය ගැන කිසිවක් කතා නොකිරීම ගැන කෝපයට පත්ව සිටි එම පිරිස, ජැක්ට කාමරය තුළදීම බැණවදිමින්, මහත් හඬින් ඔවුන් අසුන්ගෙන සිටි පුටු පස්සට තල්ලු කරමින් නැගී සිටියහ. ඔවුන් ජැක්ට බැණවදිමින් කීවේ ‘තමුසෙගෙ පිස්තෝලෙ ගත්ත තැන ගැන අහන්න නෙවෙයි අපි ආවේ. ඕවා කියලා අපේ වර්ජන කඩන්න තමුසෙට බෑ. හෙට උදේට තමුසෙට වෙන්නේ දුම්රියටයි, බස්රියටයි ජැක් තියන්න. තියාගන්නවා තමුසෙගෙ පිස්තෝලේ. ඔය බියවැද්දීමට අපි බය නෑ…’ යනුවෙන් කියමින් වෘත්තීය සමිති ලොක්කෝ ඔහුගේ කාමරයෙන් පිටව ගියේ දොරද මහ හඬින් වසාගෙනය.

ඔවුන් පිටව ගිය පසු ජැක් මා දෙසට හැරී කීවේ, ‘දැක්කා නේද ප්‍රශ්නෙ විසඳපු හැටි? හෙට උදේ වෙන දේත් බලාගෙන ඉඳලම පත්තරේට ලියන්න…’ කියලායි.
ජැක් සමග විරසක වී එළියට බැස ගිය වෘත්තීය සමිති නායකයන්ගේ සැලසුම වී තිබුණේද පසු දින අලුයම සිට ඒ මහා වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමය. එයටද ජැක් ප්‍රයෝගකාරී රහස් සැලසුමක් සූදානම් කර තිබිණි. වර්ජනයට සූදානම් වී සිටි දුම්රිය, බස්රිය දෙපිරිස අතරේ පසුපෙළ වෘත්තීය සමිති නායකයන්ව රහසේ සම්බන්ධ කරගත් ජැක්, ඔවුන්ට විවිධ වරප්‍රසාද ලබාදෙන බවට පොරොන්දු වී ඔවුන්ව තමන්ගේ පැත්තට නම්මවාගත්තේය. ඒ සමගම එම නම්මවාගත් පිරිසගේ සහායෙන් වර්ජනයට සූදානම්ව සිටි තවත් වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක්ද ජැක්ගේ බසට අවනත වී තිබිණි.

පසුදින අලුයම 3 සිට දුම්රිය තුනක් නළා හඬ නංවමින් පොල්ගහවෙල දෙසටත්, තවත් දුම්රිය දෙකක් මුහුදුබඩ මාර්ගයේත් ධාවනය කෙරිණි. ලංගමයට බස් රථ කිහිපයක්ද මගීන් නොමැතිව අලුයම සිටම කොළඹ අවට සහ පිට පළාත් කිහිපයකට ධාවනය කිරීමට ජැක් රහසේ පියවර ගෙන තිබිණි. අලුයම සිට දුම්රිය ධාවනය කරන බවට දුම්රිය නළා හඬින් සහ බස් රථ ධාවනය වන බවට වූ ආරංචිය වනවිට මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග වර්ජනයේ නිරත වී සිටි දුම්රිය සහ ලංගම සේවකයන් විශාල පිරිසක් නැවත සිය සේවා ස්ථාන වෙත පැමිණෙන්නට විය.

‘වැඩවර්ජනය බිඳවැටෙයි – ජැක්ගේ සැලසුම ඵලදරයි’ එදා ‘ලංකාදීප’ පුවත්පත එම සිදුවීම වාර්තා කර තිබුණේ එලෙසය.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

‘ටෘත් විත් මනූෂගේ මල්ලි’ උණුසුම් වෙයි! රට යවනවා කියලා සල්ලි අරන් පොල්ල තියපු කණ්ඩායමක් මනූෂගේ මල්ලිව පණපිටින් අල්ලගන්න චමුදිතගේ වැඩසටහනක් පටිගත කරමින් සිටි තැනට කඩාවදියි! Sri Lanka Latest News

Next Post

අලුත් ජපන් තානාපති විපක්ෂනායක සජිත් හමුවන්න ඇවිත්! රට වෙනුවෙන් සජිත් ජපානයෙන් කරපු ඉල්ලීම! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

Load More
නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වීමේදී සියලු දෙනාම පක්ෂ දෙකේ නායකයන්ට ගරු කරමින් අදහස් දැක්විය යුතු බව...

Read more
අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.