දරුවන් පස් දෙනකු සමග දැඩි ආර්ථික දුෂ්කරතාවට මුහුණ පා සිටින පවුලක් පිළිබඳ අනුවේදනීය පුවතක් රිදීමාලියැද්ද කුඩාඔය ගම්මානයෙන් වාර්තා වුණා.
දරුවන් ජීවත් කරගැනීමට නොහැකි බවත්, ඔවුන් පාසල් යැවීම පවා මෙම ආර්ථික අපහසුතා හේතුවෙන් අඩාළ වී ඇති බවයි එම දරුවන්ගේ මවුපියන් මාධ්‍ය වෙත පවසා සිටියේ.