පාඩු ලබමින් පවතින හිල්ටන් හෝටලයට පත් කොට ඇති සභාපතිවරයා ඇතුලු නව අධ්‍යක්ෂ මණ්ඩලය පළමු අදියරේදීම සිය වරප්‍රසාද ඉහළ නංවා ගැනීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
එහි අධ්‍යක්ෂ මණ්ඩලය 17 දෙනකුගෙන් සමන්විත වන අතර ඊට ඇමැතිවරයකුගේ බෑනා කෙනකු, රාජ්‍ය අමාත්‍යවරයකුගේ පුතකු සහ 2015 ජනාධිපතිවරණයේදී මාධ්‍යයට පැමිණ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ ජ්‍යොතිර්වේදියකුගේ පුතකු ඇතුළත් කොට ඇති බව දැනගන්නට ඇත. හෙතෙම රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රබලයකු බවද වාර්තා වේ.
එමෙන්ම පත්වීම් ලැබූ පළමු අදියරේදීම මෙම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිතයන්ට ලබා දී ඇති 20%ක ආහාර කෝටාව 50% දක්වා ඉහළ නංවා ගැනීමට පියවර ගෙන ඇති බව පැවසේ. ඒ අනුව ඔවුන් සමග පැමිණෙන අමුත්තන් කොපමණ ආහාර ලබා ගත්තද ගෙවිය යුත්තේ අඩක් පමණක් බව දැනගන්නට ඇත.
මීට අමතරව මාසිකව එක් අධ්‍යක්ෂවරයකුට 35%ක ආහාර ප්‍රමාණයක් නොමිලේ ලබා ගත හැකි අතර එය 50% දක්වා ඉහළ නංවාලීමට පියවර ගෙන ඇති බවද දැනගන්නට තිබේ.
එසේම එක් රාජ්‍ය අමාත්‍යවරයකු හිල්ටන් හෝටලයේ දෙවන මහලේ පිහිටි සුපිරි පහසුකම්වලින් සමන්විත පරිශ්‍රයක්ම සිය පෞද්ගලික අවශ්‍යතා සදහා වෙන්කොටගෙන ඇති බව පැවසේ.
අමාත්‍යංශයේ රාජකාරීවලට අමතරව අමුත්තන් මුණගැසීම, ව්‍යාපාරික හමු පවා මෙම රාජ්‍ය අමාත්‍යවරයා මෙහි සංවිධාන කරමින් සිටින බව දැනගන්නට ඇත.










