• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලක්ෂ ගාණක් දරුවො ඉන්නෙ සුදහ ගින්දරේලු! මහ බැංකු වාර්තාව කියන්නෙ මේ ඇත්තද? I Sri Lanka Latest News

May 21, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාව කියන්නේ කන්න බොන්න තියෙන රටක්. කොස්, දෙල්, පොල්, ජම්බු, පේර, අඹ, රඹුටන් මේ හැම දේම අපේ වතුවල හැදෙනවා. සාමාන්‍යයෙන් කියනවා වියළි දණ්ඩකට වුණත් පණ එන්න පුළුවන් පොළොවක් තමයි අපට තියෙන්නේ කියලා.(Sri Lanka Latest News)

බැලූ තෙක්මානේ නිල්ල නිලන කෙත් යාය. ඈත කඳු මුදුන්වලින් නිපදවෙන දිය දහරා මේ කෙත් යාය පෝෂණය කරමින් ඒවා අතරින් ගලා යනවා. උතුරේ, දකුණේ, කන්ද උඩරට විවිධ භෝග වැවෙනවා. උතුරට අනන්‍ය වෙච්ච දේවල් නෙවෙයි දකුණට අනන්‍ය වෙන්නේ. දකුණට අනන්‍ය වෙච්ච දේවල් නෙවෙයි කන්ද උඩරටට අනන්‍ය වෙන්නේ. කන්ද උඩරට තියෙන්නේ සීතල පරිසරය. මේ සීතල පරිසරයේ කැරට්, බීට්, අර්තාපල්, තක්කාලි හැදෙනවා. එහා පැත්තේ ශුෂ්ක පරිසරයේ හැදෙනවා ලූනු, දුම්කොළ වගේ විශේෂ දේවල් කිහිපයක්. ඒ වගේම දෙලුම්, පේර වගේ දේවල් හැදෙනවා. පහත රටට ආවට පස්සේ වම්බටු, සියඹලා, කැකිරි, පිපිඤ්ඤා මේ හැම දේම හැදෙනවා.

මේ විදියට මහ පොළොව සරු කරන, මහ පොළොවෙන් අස්වනු දෙන, බත බුලතින් සාර වෙච්ච රටක මෙහෙම ලිපියක් ලියන්න වෙච්ච එක ගැන කනගාටුයි. සාමාන්‍යයෙන් ගෙදරක තියෙනවා කොස් ගහක්. කොස් ගහට අපි කියන්නේ බත් ගහ කියලා. කොස් ගහේ කොස් ගෙඩියක් තම්බලා කිරි හොද්දක් හදලා කරවල කෑල්ලක් බැදලා ගත්තට පස්සේ මිනිස්සුන්ගේ බඩ පුරවන්න කොස් ගෙඩියට පුළුවන්, අඩුම තරමේ වේල් දෙක තුනක්. කොස් පොඩි කාලේ පොලොස්. පොලොස් කියන්නේ කුකුළු මස්වලට වඩා රස, කුකුළු මස්වලට වඩා ගුණ දෙයක්. අපේ රටේ මිනිස්සු පොලොස් එක එක පන්නයට උයන්න දැනගෙන හිටියා. පොලොස්වල මුල් අවදිය පොලොස් පැහි. පොලොස් පැහිත් අපේ ගමේ මිනිස්සු හැදුවා. පොලොසුයි කොසුයි අතර අවස්ථාව කොස් මැල්ලුම්.

ඒ නිසා කන්න බොන්න නැති රටක් නෙවෙයි මේක. තව කියනවා නම් ඕනෙ තරම් දේවල් තියෙනවා. වටයක් දෙකක් කැරකිලා එනකොට අල පලා වර්ග හය හතක් ගෙදර අරගෙන එන්න පුළුවන්. ඉතින් එහෙම කන්න බොන්න පුළුවන් රටක මිනිස්සු ගැන මෙහෙම ලියන්න වෙන එක ගැන අපට ඇත්තටම දුකයි. මොකක්ද මේ ලියන්න හදන්නේ?

ලංකාවේ මිනිස්සුන්ට කන්න නැතිවෙලා. හිතාගන්න බැරි විදියට දරුවෝ බඩගින්නේ ඉන්නවා. ඒක ඉතාම ශෝචනීය ප්‍රවෘත්තියක්. එකක් තමයි අපේ රටේ වැඩපිළිවෙළක් නොතිබීම. අනෙක තමයි අපේ රටේ මිනිස්සුන්ට ආර්ථිකය ශක්තිමත්ව දරාගන්න බැරිවීම. ඒ දෙකම එකට ගැළපුණාට පස්සේ මිනිස්සුන්ට සුදහ ගින්දර හරියට දැනෙන්න පටන් අරගන්නවා. මහ බැංකු වාර්තාවට අනුව තමයි මේක කියන්නේ, ළමයි ලක්ෂ 14කට හරියට කන්න නෑ කියලා.

ඇත්තටම අපේ රටේ කොස් වගාවේ කොච්චර කොස් ගෙඩි ප්‍රමාණයක් තැන් තැන්වල ගස් යට වැටි වැටී යනවද. ලංකාවේ තියෙන බොහෝ පලතුරු නිසි ප්‍රමිතියකට පාවිච්චි කරන්නේ නෑ. විශේෂයෙන්ම දිවුල් වගේ පලතුරු විශාල වශයෙන් නාස්ති වෙලා යනවා. ඒ වගේම අඹ වගාව. මේ කාලේ අඹ ඕනෙ තරම් නාස්ති වෙනවා ගස් යට. ඒ වගේම ජම්බු කියන්නෙත් විශාල වශයෙන් අපතේ යන පලතුරක්.

ඒ වගේම ලංකාවේ එළවළු, පලා ටික ඉතා අනවශ්‍ය විදියට නාස්ති වෙලා යනවා. විශේෂයෙන්ම එළවළු වගාවෙදී එළවළු ප්‍රවාහනය කිරීමේ ගැටලු නිසා එළවළු තැළිලා පොඩිවෙලා විනාශ වෙන්නේ බොහෝ විට ගොවියාගේ සිට අවසාන ව්‍යාපාරිකයා දක්වා පැමිණෙන අතරතුරේදී. මේ අතරතුරේදී එළවළු ටික විනාශ වුණාම එළවළුවල මිල වැඩිවෙනවා.

ඒ වගේම පරිභෝජනයට අවශ්‍ය එළවළු ප්‍රමාණය අතරමග නාස්ති වෙලා යනවා. ආහාර සුරක්ෂිතතාවක් නැති වීම, නිවැරැදිව භෝග වගාකිරීමේ ක්‍රමවේදයක් නැතිවීම, බිමට ගැළපෙන භෝග වගා නොකිරීම, ඒ වගේම ඒවාට කෘමිනාශක හෝ වල්නාශක දීර්ඝකාලීනව යෙදීම නිසා මහපොළොවේ නයිට්‍රජන් සම්බන්ධව ඇතිවෙලා තියෙන ගැටලු මේ සියල්ලමත් එක්ක තමයි අපට අද මේ තත්ත්වයට පත්වෙන්න වෙලා තියෙන්නේ. දැන් අපි හැමෝම ඉන්නේ වියළි දණ්ඩකට වුණත් පණ එන්න පුළුවන් මහපොළොවට වස පොවලා විස කරවලා. ඒ පව තමයි අපට මේ පලදීලා තියෙන්නේ.

අපේ දරුවන්ට කන්න නැති දේශයක් නිර්මාණය වෙලා තියෙන්නේ එහෙම. තවමත් මේ රටේ මිනිස්සුන්ට ජීවිතේ දෙන්න පුළුවන් විදියට මේ මහපොළොව උත්සාහ කරනවා. ඒ නිසා මහපොළොව විතරක් උත්සාහ කරලා හරියන්නේ නෑ අපිත් උත්සාහ කරන්න සිද්ධ වෙනවා. මේ ව්‍යාපෘති හරියට දියත් විය යුතුයි. හරි වැඩපිළිවෙළක් නැත්නම් අපට හරි අමාරුයි එතැනින් එහාට අපේ ජීවිතය පවත්වාගෙන යන්න.

අපි දන්නවා බොහෝ වෙලාවට ශ්‍රී ලංකාවේ ළමයින් සම්බන්ධව නිසි වැඩපිළිවෙළ දියත් වෙනවා. වයස අවුරුදු 5 දක්වා දරුවන් පිළිබඳ නිසි ආරක්ෂාව ලබාදීමේ වැඩපිළිවෙළක් ලංකාවේ හරි ආකාරව තියෙනවා. ඔවුන් දරුවන්ව මාසෙන් මාසෙට, නැත්නම් අවශ්‍ය ප්‍රමාණයට බර කිරලා, ඔවුන්ව අධීක්ෂණය කරලා, රෝග පිළිබඳ පරීක්ෂා කරලා, ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීලා, නිවැරැදිව රැකබලා ගන්නවා. ඒ සඳහා පත්කරන ලද නිලධාරීන් ඉන්නවා.

සාමාන්‍යයෙන් අපි දන්නවා එක වසමකට නිලධාරීන් 08 දෙනෙක් විතර පත්කරලයි තියෙන්නේ. ඒ නිසා ඒ අයව නිවැරැදිව පාවිච්චි කරලා, ඒ අයගෙන් නිවැරැදිව ප්‍රයෝජන අරගෙන, ඒ අයට අවශ්‍ය නිවැරැදි උපදෙස් දීලා මේ රට ප්‍රමිතිගත කළොත් මේ දරුවෝ බඩගින්නේ මැරෙන්නේ නෑ. දරුවෝ ලක්ෂ 14ක් කියලා කියන්නේ සුළුපටු ප්‍රමාණයක් නෙවෙයි. දරුවෝ තමයි වැඩිහිටියෝ බවට පත්වෙන්නේ. ඒ වගේම ඔවුන් තමයි ආරක්ෂිත විය යුත්තේ. ඒ වගේම ඔවුන්ට තමයි කෑම බීම ටික ලැබෙන්න ඕනේ. ළමා මන්දපෝෂණය වගේ ප්‍රශ්නවලදී කොහොමත් රටකට උත්තර දෙන්න සිද්ධ වෙනවා අනාගත පරම්පරාවට.

ඒ නිසා ඒ ගැන කල්පනාවෙන් සිහිබුද්ධියෙන් වැඩකළ යුතුමයි. එහෙම නොවුණොත් වෙන්නේ අපිව ලෝකයේ දර්ශකවල තවදුරටත් පහළට යන එක. එහෙම පහළට ගියාම ආයෙත් අපේ පරණ පුරුදු තැන හදාගන්න බැරිවෙනවා. සාමාන්‍යයෙන් මේ රට සංවර්ධනය වෙමින් පවතින රටක් විදියට අවුරුදු ගානක් තිස්සේ තියෙන්නේ. මේකට වගකියන්න ඕනේ මේ රටේ පාලකයෝ. මොකද ඒගොල්ලෝ කවදාවත් බඩගින්නේ ඉන්නේ නෑ. දළ ජාතික නිෂ්පාදිතයෙන්, ඒකපුද්ගල ආදායමෙන් විශාල ප්‍රමාණයක් ඔවුන් ඔවුන්ගේ සුඛවිහරණය සඳහා නාස්ති කරනවා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

‘හිල්ටන්’ අලුත් අධ්‍යක්ෂ මණ්ඩලය ඉහගෙනම කයි! ඇමැති පුතාලගෙන්-බෑනලාගෙන් පුරවයි! කෑම කෝටා එකත් ඉහළට දාගෙන! එක රාජ්‍ය ඇමැති කෙනෙක් දෙවැනි තට්ටුවේ පදිංචිම වෙලා! EXCLUSIVE I Sri Lanka Latest News

Next Post

කුරුණෑගල පෙම්වතුන් අපචාරවලට ලක්වීම වැඩිවෙළා! තරුණියන් රවටන වංචාකාරයෝ නගරය පුරාම! බේරගන්න පොලිසිය සීරුවෙන් I Sri Lanka Latest News

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.