ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීම සිය ප්‍රමුඛතා ලැයිස්තුවේ පළමු වැන්න බව වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්වූ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.Sri Lanka Latest News
ඔහු මේ බව සඳහන් කළේ අද (29) කොළඹ ගංගාරාම විහාරස්ථානයේ ආගමික වතාවත් සඳහා එක්ව සිටි අවස්ථාවේදීය.
“මමත් අවුරුදු 25ක පමණ කාලයක් පොලීසියේ විවිධ තනතුරු දරපු නිලධාරියෙක්. ඉතින් අපිට අත්දැකීම් තිබෙනවා. ශ්‍රී ලංකා ජනතාවගේ යහපත සඳහා ශ්‍රී ලංකා පොලිස් සේවය ඉදිරියට ගෙනයනවා.”
“මගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ පළවෙන් එක තියෙන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අපි කරන කාර්යයන්.”
“දෙවැනි ප්‍රමුඛතාව මේ රටේ මත්ද්‍රව්‍ය තත්ත්වය තුරන් කිරීම. අද ගම්වල වගේම පාසල් දරුවන්ටත් මේක විශාල ගැටලුවක් වෙලා තිබෙනවා මේ හැමතැනම පැතිරිලා තිබෙන මත්ද්‍රව්‍ය.”
“ඒ සම්බන්ධයෙන් ලොකු ප්‍රමුඛතාවයක් සහ මගේ වැඩපිළිවෙළක් තිබෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.”
“ඒ වගේම සංවිධානාත්මක අපරාධවලින් ඇතිවෙලා තිබෙන තර්ජනය.. කප්පම් වගේ දේවල් සම්බන්ධව ක්‍රියාකරන්න බලාපොරොත්තු වෙනවා. ඒවා තමයි මගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම තිබෙන්නේ.”
“මගේ සේවා ලබාගත්තු අය දන්නවා මම කොහොමද ක්‍රියා කළේ කියලා. මා සමග වැඩ කළ නිලධාරීනුත් ඒක දන්නවා. දැන් මගේ ක්‍රියාවෙන් ඒක දැකගන්න පුළුවන් වෙයි.”










