විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඉන්දියාවේ ආර්ථික සමෘද්ධියේ නිර්මාණ ශිල්පියා වන මොන්ටෙක් සිං මහතා අතර සුවිශේෂී හමුවක් අද (29) විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය.Sri Lanka Latest News
මෙම හමුව දෙරට අතර නායකයන් අතර සිදුවූ වැදගත් හමුවක් ලෙස හැඳින්විය හැකි ය. මෙම සුවිශේෂී හමුව හුදෙක් සංවාදයකට පමණක් සීමා නොවූ අතර මෙරට ආර්ථිකය දියුණු කළ හැකි නව ක්‍රමෝපායන් සහ මාවත් රැසක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදු විය.
මොන්ටෙක් සිං මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර වූ දීර්ඝ සාකච්ඡාවෙන් අනතුරුව තම අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙන්ම විපක්ෂය නියෝජනය කරන සෙසු පක්ෂයන් හි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද අවස්ථාව ලැබුණි.
ඉන්දියානු ප්‍රධාන විධායක නිලධාරී සංසදයේ ගෞරවනීය සාමාජිකයන් පිරිසක් ද සමගි ජන බලවේග බුද්ධි මණ්ඩපයේ සාමාජිකයන් පිරිසක් ද මේ අවස්ථාවට එක්විය.




























