ප්‍රජාන්ත්‍රවාදය, සදාචාරය අමතක කර අශිෂ්ට ආකාරයට තීන්දු තීරණ ගත්තා නම් අද වන විට තමාට ජනාධිපති වුව විය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
එහෙත් ජනතා කැමැත්තෙන් තොරව කිසිඳු තනතුරක් තමා ලබා නොගන්නා බවත්, රටේ පවතින අසීරු තත්ත්වය තේරුම් ගෙන සියලු දෙනා රට ගොඩනැගීමට එක්විය යුතු බවත් හෙතෙම ප්‍රකාශ කරයි.
ජනතාව අසීමිත දුකකට වේදනාවකට පත්ව ඇති බවත්, 2019 ජනාධිපතිවරණයට පෙර කිසිඳු පෝලිමක් නොතිබූ බවත් පැවැසූ ප්‍රේමදාස මහතා, ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පරපුරේ අදූරදර්ශී පාලනය හේතුවෙන් රට අද වන විට ඩොලර් හිඟමනේ යමින් සිටින බවද පැවැසීය.
එසේම වර්තමාන රජය හදිසි නීතිය දමා වෘත්තීය සමිති නායකයන් දඩයම් කරන බවත්, ජෝසෆ් ස්ටාලින් අත්අඩංගුවට ගැනීම ජී.එස්.පී. නැති වීමටද හේතුවක් විය හැකි යැයි රනිල් වික්‍රමසිංහ මහතා වරක් පාර්ලිමේන්තුවේදී පැවසුවත් ඔහු ජනාධිපති වූ විගස ජෝසෆ් ස්ටාලින් අත්අඩංගුවට ගත් බවත් සඳහන් කළේය.
මේ වන විට රට තුළ පුද්ගල ඝාතන මෙන්ම ගෙවල් ගිනිතැබීම් රැසක් සිදුවෙමින් ඇති බවත්, ආණ්ඩුව ක්‍රියාත්මක කරන රාජ්‍ය මිලේච්ඡත්වය තමා ප්‍රතික්ෂේප කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියේය.
ඊයේ (06) අරනායක සමගි ජනබලවේගයේ බලමණ්ඩල රැස්වීම අමතමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.