සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය හෙට (6) දිනයේ සිදුකිරීමට යෝජනා කර තිබූ දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.Sri Lanka Latest News
අයවැය යෝජනා හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දීමනා කප්පාදුව සිය වෘත්තියටද බලපාන බවට චෝදනා කරමින් ඔවුන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ක්‍රියාවට නැංවීමට තීරණය කර තිබුණි.
කෙසේ නමුත් අද (5) පස්වරුවේ දී සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගත්බව එම සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසීය.
ඒ අනුව තම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් ලැබෙන තෙක් මෙම වර්ජනය මාර්තු මස 17වනදා උදෑසන 8 දක්වා තාවකාලිකව අත්හිටුවා තිබේ.










