• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පිට පිට 4 වැනි පාරටත් හෂීනා ඡන්දය දිනයි! ෂකීබ් අල් හසනුත් පාර්ලිමේන්තුවට රිංගයි! I Sri Lanka Latest News

January 8, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
බංග්ලාදේශය කවදාවත් ලංකාව වගේ තත්ත්වයකට ඇද වැටෙන්නේ නෑ! අගමැතිනි හෂීනා ‌රටට පොරොන්දුවක් දෙයි!
Share on WhatsAppShare on Facebook

විපක්ෂ දේශපාලන කණ්ඩායම් විසින් වර්ජනය කරනු ලැබූ බංග්ලාදේශ මහ මැතිවරණයෙන්, අගමැතිනී සීක් හසීනා සහ ඇගේ අවාමි ලීගය දේශපාලන පක්ෂයට පහසු ජයක් හිමිවිය. අගමැතිනී සීක් හසීනාට ජය හිමිවූයේ පිටපිට සිවුවැනි වරටය.Sri Lanka Latest News

බංග්ලාදේශ පාර්ලිමේන්තුවේ ආසන 350 කි. එයින් ආසන 50 ක් කාන්තා නියෝජිතයන් සඳහා වෙන් කර තිබේ. ඊයේ (7) පැවැත්වුණු මහ මැතිවරණයට, ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මිලියන 120 ක් සුදුසුකම් ලබා සිටි අතර, ඔවුන්ගෙන් හරි අඩක් කාන්තාවන් බව බංග්ලාදේශ මැතිවරණ කොමිසම පවසා තිබුණි.

ඊයේ (7) පැවැති මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙද්දී, ආසන 152 කට වඩා දිනා ගැනීමට අවාමි ලීගය පක්ෂය සහ ඊට හිතවත් දේශපාලන පක්ෂ සමත් වී සිටියේය. ඒ අනුව, 2009 වසරේ සිට බලයේ සිටින 76 හැවිරිදි සීක් හසීනා තවත් වසර පහක්, බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ධුරය හිමිවෙයි.ෙ

බංග්ලාදේශයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ බංග්ලාදේශ ජාතික පක්ෂයයි. බංග්ලාදේශ ජාතික පක්ෂය සහ ඊට හිතවත් විපක්ෂ දේශපාලන පක්ෂ මැතිවරණය වර්ජනය කළේ සීක් හසීනාගේ ආණ්ඩුවක් යටතේ සාධාරණ මැතිවරණයක් අපේක්ෂා කළ නොහැකි බව පෙන්වා දෙමිනි.

මැතිවරණයට පෙර, මාස ගණණාවක් තිස්සේ, බංග්ලාදේශයේ ප්‍රචණ්ඩකාරී විරෝධතා පැවැත්විණි. ඒ, සීක් හසීනා ධුරයෙන් ඉවත් වී, රජය විසුරුවා, භාරකාර රජයකට බලය පවරා දී, එම භාරකාර රජය යටතේ මහ මැතිවරණය පවත්වන්නැයි ඉල්ලමිනි. කෙසේ නමුත් සීක් හසීනා ඊට අකමැති වූවාය. විපක්ෂ දේශපාලන පක්ෂ නායකයන් ඇතුළු 10,000 කට වැඩි විපක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කෙරුණි.

බංග්ලාදේශ දේශපාලනයේ ප්‍රබල කාන්තාවෝ දෙදෙනෙකි. සීක් හසීනා සහ කලීඩා ෂියා යනු ඔවුන් දෙදෙනාය. 1991 සිට 1996 දක්වාත්, 2001 සිට 2006 දක්වාත් බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ කලීඩා ෂියා ය. ඇය බංග්ලාදේශයේ පළමු කාන්තා අග්‍රාමාත්‍යවරියයි. සීක් හසීනා, බංග්ලාදේශයේ නිර්මාතෘ මෙන්ම, එරට පළමු ජනාධිපතිවරයා ද වූ ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ දියණියයි.

විපක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂයේ නායිකාව ලෙස කටයුතු කළේ කලීඩා ෂියාය. 2018 පෙබරවාරි 8 වැනිදා දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන්, කලීඩා ෂියාට වසර 5 ක සිර දඩුවම් නියම විය. පසුව එය වසර 10 ක් දක්වා දීර්ඝ කෙරුණි. මේ වනවිට අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන කලීඩා ෂියා නිවාස අඩස්සියේ පසුවෙයි.

කලීඩා ෂියාගේ අනුප්‍රාප්තිකයා ලෙස පක්ෂයේ නායකත්වය බාර ගත් ඇගේ පුතා ටරීක් රෙහ්මාන්ට අපරාධ චෝදනා එල්ල විය. ඔහු අද ජීවත් වන්නේ බංග්ලාදේශයෙන් පිටුවහල් වී ලන්ඩන් නුවරය.ෙ

ඊයේ (7) මැතිවරණ කටයුතු ආරම්භ වීමටත් පෙර සිටම ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා විය. විපක්ෂ දේශපාලන කණ්ඩායම් නියෝජනය කළ කලහකාරී පිරිස් මගී දුම්රියකට පහර දී ඊට ගිනි තැබූහ. එයින් දුම්රියේ ගමන් කරමින් සිටි මගීන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

පාසල් සහ බෞද්ධ පන්සල්වල පිහිටුවා තිබූ ඡන්ද මධ්‍යස්ථාන කීපයකට කලහකාරී පිරිස් කඩා වැදී පහර දුන් බව ද වාර්තා විය. පොලිසියේත්, හමුදාවේත්, ලක්ෂ අටක පිරිසක්, මැතිවරණයේ ආරක්ෂාවට යොදවා තිබුණි.

මේ අතර මෙවර ඡන්දයට හිටපු ක්‍රිකට් නායක ෂකීබ් අල් හසන්ද ඉදිරිපත් වී සිටි අතර ඔහුද ඉන් ජය ගැනීමට සමත්ව තිබිණ.

SendShareShare
Previous Post

වළ දැමූ අවුරුදු 25ක තරුණියකගේ සිරුර ගොඩඅරගෙන නිරුවත් කරලා! මළසිරුරටත් අපරාධයක් කළාද? I Sri Lanka Latest News

Next Post

රනිල් IMF එක ගෙනාවා! හර්ෂ ‘හා’ කිව්වා! රනිල් EPF එකට හානි වෙන විදිහට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කළා! හර්ෂ ‘හා’ කිව්වා! රනිල් ජාතික සම්පත් විකුණන්න පිඹුරුපත් හැදුවා! හර්ෂ ‘හා’ කිව්වා! රනිල් අසීමිතව බදු ගහනවා! හර්ෂ ‘හා’ කිව්වා! හැබැයි දේශපාලනයේදී සජිත්ට පක්ෂයි රනිල්ට විරුද්ධයි! එක්කෝ ඒවා කියන කොට හර්ෂ ඔළුවෙන් හිටගෙන…! නැත්නම් දේශපාලනය කරන කොට ඔළුවෙන් හිටගෙන! අනුරගෙන් දැඩි ප්‍රහාරයක් එල්ල වෙයි! සජබෙටත් මේකට උත්තර දෙන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News
Exclusive

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News
Exclusive

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News
Exclusive

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News
Exclusive

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

ශ්‍රී ලාංකීය සමාජ දේහය සහමුලින්ම කලඹමින්, ආගමික සහ සංස්කෘතික පදනම් දැඩි ලෙස ප්‍රශ්න කිරීමකට ලක්කළ අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ...

Read more
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.