• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තෙල් ගැන ආණ්ඩුවේ නිල මතය කියයි! සෙනසුරාදා වෙද්දි පෝලිම ඉවරයි! මිලත් වැඩි වන ලකුණු!

March 10, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
තෙල් ගැන ආණ්ඩුවේ නිල මතය කියයි! සෙනසුරාදා වෙද්දි පෝලිම ඉවරයි! මිලත් වැඩි වන ලකුණු!
Share on WhatsAppShare on Facebook

මේ වන විට රට පුරා පවතින ඉන්ධන සැපයීම සම්බන්ධ ගැටලු මෙම සෙනසුරාදා දිනය වන විට සමනය වී එළැඹෙන සඳුදා සිට යථාතත්වයට පත්වනු ඇති බව බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. ආර්. ඔල්ගා මහත්මිය පැවසුවාය.

“බලශක්තිය රටට ශක්තියක්” මැයෙන් අද (10) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කළ මාධ්‍ය හමුවේ දී ලේකම්තුමිය මෙම අදහස් පළ කළාය.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති, සුමිත් විජේසිංහ මහතා ද සහභාගී වූ මෙම මාධ්‍ය හමුව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා විසින් මෙහෙයවනු ලැබීය.

මේ වන විටත් කොළඹ වරායට ඩීසල් නැවක් පැමිණ ඇති බවත් මෙම මස තුළ ඉන්ධන නැව් තොග හතරකින් ඩීසල් මෙට්‍රික් ටොන් 172,000ක් ලැබීමට නියමිත බවත්, එසේ ලැබෙන ඉන්ධන බෙදාහැරීම වේගවත්ව සිදුකරන බවත් බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. ආර්. ඔල්ගා මහත්මිය පැවසුවාය.

විදුලි බලාගාර සඳහා අවශ්‍ය දැවි තෙල් නැව් තොග කිහිපයක් ද ලැබී ඇති බවත් (මෙට්‍රික් ටොන් 30,000) එමඟින් දැවී තෙල් භාවිතා කරන වෙස්ට් කෝස්ට් වැනි විදුලි බලාගාර සම්පුර්ණ ධාරිතාවයෙන් යුතුව ක්‍රියාත්මක කළහැකි බවත් ලේකම්තුමිය පෙන්වා දුන්නාය.

මාර්තු 20 වන දින තවත් දැවි තෙල් නැව් තොග ලැබීමට ද නියමිතය.

“ඉන්ධන තොග ලැබීමෙන් පසු දැනට පවතින ඉන්ධන සහ විදුලි බල ගැටලු ඉතා ඉක්මනින් පහව යනු ඇත. අපගේ සැළසුම් අනුව අවශ්‍ය ඩොලර් සපයාගැනීම පිළිබඳව ද අදාළ පාර්ශ්ව දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ. මේ සඳහා ජනාධිපති ලේකම්, භාණ්ඩාගාර ලේකම් සහ මහබැංකු අධිපතිතුමා ද නිරන්තරයෙන් සොයාබලා වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමට අවශ්‍ය සහයෝගය ලබාදෙමින් සිටී,” ලේකම්තුමිය තවදුරටත් සඳහන් කළාය.

බලශක්ති ක්ෂේත්‍රය හා සම්බන්ධ ඉදිරි සැලසුම් පිළිබඳවද පැහැදිලි කළ ලේකම් ඔල්ගා මහත්මිය, ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතු ත්‍රිකුණාමල තෙල් ටැංකි නවීකරණය කිරීමකින් පසු කොළඹ හරහා නොගොස් උතුර, උතුරු මැද සහ බදුල්ල වැනි ප්‍රදේශ වෙත තෙල් සැපයීම ත්‍රිකුණාමලය හරහා සිදුකළ හැකි බව පැවසුවාය.

එමගින් රුපියල් මිලියන 800ක් පමණ මාසිකව ඉතිරි කර ගැනීමට හැකි වන බව එතුමිය පෙන්වා දුන්නාය.

ඉන්ධන මිල නුදිරේදී ඉහළ යා හැකි ද යන ප්‍රශ්නයට පිළිතුරු දුන් ලේකම්තුමිය, ඒ හා සම්බන්ධ කතිකාවක් ඇතත් එවැනි තීරණයක් ගතයුත්තේ කල්පනාකාරීව බවත් කීවාය.

මෙරට ඉන්ධන හිඟයක් නොතිබූ බවත්, නිසි ලෙස ඉන්ධන සැපයීම බොහෝ අවස්ථාවන්වලදී සාමාන්‍ය පරිද සිදුකළ ද දෛනික ඉන්ධන පරිභෝජනය ඉහළ ගොස් ඇති බව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්, ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා ප්‍රකාශ කළේය.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ, දේශීය මිල ද ඉහළ යා හැකි බව ට බියෙන් බොහෝ පාරිභෝගිකයන් ඉන්ධන රැස්කිරීමට යොමුවීමේ ප්‍රවණතාවක් පැවතිණි.

ආනයනය කරන ඉන්ධන සඳහා ඉතා ඉහළ ඩොලර් ප්‍රමාණයක් ගෙවිය යුතු බවත්, ඉන්ධන පරිභෝජනය මේ අවස්ථාවේදී නිසි කළමනාකාරිත්වයකින් යුතුව සිදුකරන්නේ නම් එය රටට යහපතක් වන බවත් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසුවේය.

SendShareShare
Previous Post

දුප්පත් දරුවො යන කැස්බෑවේ පාසලක තිබ්බේ පරිගණක 4යි! සජිත් දරුවන්ට පරිගණක 5කුයි-ස්මාර්ට් බෝඩ් එකකුයි-ප්‍රින්ටරයකුයි අරන් පාසලට යයි! (VIDEO & PHOTOS)

Next Post

තෙල් මිල මහ රෑ ඉහළට! ඩීසල් 75කින්! පෙට්‍රල් 50කින්! දැන් පෙට්‍රල් 254යි! ඩීසල් 214යි!

MORE NEWS

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

Load More
රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට අදාළ යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති...

Read more
සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.