නූතන තාක්ෂණය ජයගත්, දැනුමින් සන්නද්ධ රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සිය ඒකායන අරමුණ වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අනේකවිධ ප්‍රශ්න හමුවේ අපේ රට මේ වනවිට බරපතළ ඛේදවාචකයකට පත්ව ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා, එයින් රට ගොඩනැගීමේ අභියෝගය ඇති බවත් ඒ වෙනුවෙන් තිරසාර වැඩපිළිවෙළක් සමගි ජන බලවේගය සතු බවත් ඒ මහතා පැවසීය.
නූතන ලෝකය තුළ දීප්තිමත් ඩිජිටල් අනාගතයක් උදෙසා මෙරට සකලවිද දරු පරපුර, තාක්ෂණික කුසලතාවයෙන්ද, සුහුරු පරිගණක කුසලතාවයකින්ද, දැනුම පදනම් කරගත් නවීන තාක්ෂණික සන්නද්ධ බවකින්ද සුපරිපූර්ණ කිරීම අරමුණු කොටගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක පාසල් සඳහා ඩිජිටල් පරිගණක උපකරණ ලබාදීමේ ‘සක්වල’ 16වන පියවර ඊයේ (09) පැවැත්විණි. ඒ, ලෝක කාන්තා දිනයට සමගාමීව “සක්වල සුහුරු සවිය” වැඩසටහනට සමගාමීව ය.
ඒ අනුව රුපියල් අටලක්ෂ හතලිස් හයදාහක් (රු. 846,000) වටිනා සුහුරු පන්ති කාමර උපකරණ කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පරිත්‍යාග කරනු ලැබීය.
එම අවස්ථාවට, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නිත්‍ය සහකාර නියෝජිත මධුෂා දිසානායක සහ සමගි වනිතා බලවේගයේ නියෝජිත පිරිසක් ද එක්ව සිටියහ.















