• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උතුර දකුණ එකතු කරන්න ගෝඨා තීන්දුවක් අරන්! ජොනී කියයි! (PHOTO)

October 3, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
උතුර දකුණ එකතු කරන්න ගෝඨා තීන්දුවක් අරන්! ජොනී කියයි! (PHOTO)
Share on WhatsAppShare on Facebook

උතුර දකුණ නැගෙනහිර හා බටහිර අධිවේගී මාර්ග හරහා එකතු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බලාපොරොත්තුවක් තිබෙනවා යැයි ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමා (kenichi yokoyama) මහතාට පවසයි.

දකුණු ආසියාවේ හොදම අධිවේගී මාර්ගය දක්ෂිණ අධිවේගී මාර්ගය බව ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රීලංකා අධ්‍යක්ෂ ආචාර්‍ය චෙන් චෙන් (Dr Chen Chen) මෙම සාකච්ජාවේදී ඇමති ජොන්ස්ටන්ට කියා සිටියේය.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හා ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමා (Kenichi Yokoyama) මහතා සමග සාකච්ඡාවක් පසුගියදා මහාමාර්ග අමාත්‍යාංශදී පැවැත්විණි.

මෙහිදී ශ්‍රී ලංකාවේ ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති, මාර්ග ආරක්ෂාව,තදබදය කලමණාකරණ වැඩසටහනක් අළුතින් ආරම්භ කිරීම හා තවත් මහාමාර්ග සංවර්ධන ව්‍යාපෘති සංවර්ධනය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.අධිවේගී මාර්ග පිලිබදව ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විමසූ අවස්ථාවේදී ඊට පිලිතුරු ලබාදුන් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ උතුර දකුණ නැගෙනහිර හා බටහිර අධිවේගී මාර්ග හරහා එකතු කිරීම තුලින් රට තවදුරටත් සංවර්ධනයේ හිනිපෙත්තටම ගෙනයාම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ එක් බලාපොරොත්තුවක් බවයි.ඒ වගේම ග්‍රාමීය මාර්ග සංවර්ධන කටයුතු තුලින් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට පිටිබලයක් ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය

ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රීලංකා අධ්‍යක්ෂ ආචාර්‍ය චෙන් චෙන් (Chen Chen) මහතා මෙහිදී අදහස් පලකරමින් කියා සිටියේ දකුණු ආසියාවේ හොදම අධිවේගී මාර්ගය දක්ෂිණ අධිවේගී මාර්ගය බවයි.තවද මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ වර්තමාන ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතාගේ ඉල්ලීමකට අනුව ආරම්භ කල ප්‍රමුඛතා මාර්ග (I Road) ව්‍යාපෘතිය ඉතා සාර්ථක බවත් බංග්ලාදේශය හා ඉන්දියාවේ ග්‍රාමීය මාර්ග සදහා භාවිතා කරන්නේද එම( I Road) මොඩලය බවත් ආචාර්‍ය චෙන් චෙන් වැඩි දුරටත් පවසන ලදී.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව කිලෝමීටර් ලක්ෂයේ වැඩසටහනේ ප්‍රගතිය හා පැල මිලියනයක් සිටුවීමේ ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකු නිලධාරීන්ගේ පැසසුමට ලක්විය.

තවද ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ ඉදිකෙරෙන වරාය පිවිසුම් මාර්ගයේ ප්‍රමාදය පිලිබදව සාකච්ඡා කෙරුණු අතර එම ප්‍රමාදයන් වැලක්වීම සදහා අවශ්‍ය තීන්දු තීරණ හා කටයුතු සම්පාදනය කර ඇති බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමා (Kenichi Yokoyama) මහතාට පැවසීය.

ශ්‍රීලංකාවේ මාර්ග සංවර්ධන ප්‍රගතිය වර්තමානයේ ඉතාමත්ම ඉහළ බැවින් ඉදිරියේදී ආසියානු බැංකුවේ සහාය ලබාදීමට ඉතා කැමැත්තෙන් සිටින බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා අමාත්‍යවරයාට ප්‍රකාශ කරන ලදී.

මහාමාර්ග අමාත්‍යාංශයේදී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හා ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමා( Kenichi Yokayama) මහතා සමග පැවති සාකච්ඡාවට මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර් පේමසිරි මහතා හා ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රීලංකා අධ්‍යක්ෂ ආචාර්‍ය චෙන් චෙන් මහතා ඇතුළු නියෝජිතයින් සහභාගී විය.

SendShareShare
Previous Post

කලාපයේ ආරක්ෂාව තහවුරු කරන්න ඉන්දියාවයි අමෙරිකාවයි අලුත් ගිවිසුමක් ගහයි!

Next Post

මීරිගම රැස්වීමේ හිටපු ගණන ගැන පොහොට්ටු ලේකම්ට මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්නයක්!

MORE NEWS

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.