මීරිගමදී පොදුජන පෙරමුණේ සාමාජික හමුවකට සහභාගි වීමට පැමිණි පොදුජන පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතාට මාධ්‍යවේදීන් නිරෝධායන නීති සම්බන්ධයෙන් ප්‍රශ්නයක් යොමු කළේය.
ඒ රැස්වීමට සම්බන්ධ වී සිටි පිරිස් ප්‍රමාණය සම්බන්ධයෙන්ය.
ප්‍රශ්නය- නිරෝධායන නීති යටතේ රැස්වීමකට සහභාගිවිය හැක්කේ 25 පමණ බවට සීමාවක් තියෙනවා නේද?
ඊට කාරියවසම් මහතා ලබා දුන් පිළිතුර මෙසේය.
”මෙතන රැස්වීමක් පැවැත්වෙන්නේ නැහැ. ඉදිරි සංවර්ධන කටයුතු ගැන ජනතා නියෝජිතයන් හා සාකච්ඡාවක් පමණයි. මෙතැන 25ට වැඩිය නැතුව ඇති. මම දන්නේ නැහැ.”ලෙස කාරියවසම් මහතා එයට පිළිතුරු දී තිබිණ.










