ගැබිනි මව්වරුන්ගේ දරු ප්‍රසූතියන් නිවෙස්වලදීම සිදු කිරීමට අවශ්‍ය සූදානමින් පසුවන ලෙස රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය සිය සාමාජිකත්වය වෙත දන්වා තිබෙනවා.
මේ පිළිබඳව විමසීමේ දී සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු පවසන්නේ පවතින බරපතල ඉන්ධන අර්බුදය හමුවේ ගැබිනි මව්වරුන් රෝහල්ගත කළ නොහැකි අවස්ථාවල නිවසේදීම දරු ප්‍රසූතිය සිදුවිය හැකි බවයි.
පවතින වාතාවරණය යටතේ ප්‍රවාහන දුෂ්කරතා පවතින බැවින් ඕනෑම අවස්ථාවක දරු ප්‍රසූතියක් සඳහා මුහුණ දෙන මවකට පහසුකම් සැපයීමට තමන් නිලධාරිනියන් සූදානම් කරන බවද ඇය සඳහන් කළා.
දරු ප්‍රසූතිය සඳහා මැදිහත් වීමේ දී අවසරය හා බලය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තම සාමාජිකත්වය වෙත පවරා ඇති බැවින් මෙම දැනුම් දීම කරන ලද බවයි ඇය පවසන්නේ.











