මෙවර තම පක්ෂය ජන පීඩක ආණ්ඩුවට එරෙහිව සටනට පිවිසෙන්නේ නැවත ආපසු හැරෙන්නට නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ සිය පක්ෂය මෙහෙයවන ආණ්ඩු විරෝධී මෙහෙයුම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (22) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේදී දිසානායක මහතා කියා සිටියේ, රනිල් වික්‍රමසිංහ, ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව මේ දක්වා අනුගමනය කළ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිමාවට පත්කර දුවා දරුවන් සඳහා නව රටක් බිහිකිරීමේ පාලනයක් වෙනුවෙන් උද්ඝෝෂණ ව්‍යාපාර ගෙනයන්න සැලසුම් කර තිබෙන බවයි.
එම උද්ඝෝෂණ මාලාව එළැඹෙන 26 වැනිදා අනුරාධපුරයෙන් ආරම්භ කරන බවද දිසානායක මහතා වැඩිදුරටත් සදහන් කළේය.










