එදිනෙදා භාවිතා වන වෛද්‍ය උපකරණ රැසක මිල සංශෝධිතයන් නියම කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. අක්ෂි කාච, ස්ටෙන්ට්ස්, රුධිර ග්ලූකෝස් නිරීක්ෂණ පද්ධති සහ ස්පන්දන ඔක්සිමීටර ඇතුළු උපකරණ කිහිපයක් සඳහා මෙම උපරිම සිල්ලර මිල සංශෝධිත නියම කර ඇති බව වාර්තා වෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රය.









