• About us
  • Contact us
Sunday, June 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාසල් සිසුදරුවන් 12,000කට චීනයෙන් පාසල් උපකරණ සහ නිල ඇඳුම් නොමිලේ! ජනපති ‘සීතාවක සිසු අරුණලු’ වැඩසටහනට එක්වෙයි! චීන තානාපතිත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

September 25, 2023
in Exclusive
Reading Time: 7 mins read
A A
පාසල් සිසුදරුවන් 12,000කට චීනයෙන් පාසල් උපකරණ සහ නිල ඇඳුම් නොමිලේ! ජනපති ‘සීතාවක සිසු අරුණලු’ වැඩසටහනට එක්වෙයි! චීන තානාපතිත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එඩිතර සහ දේශප්‍රේමී රජවරයෙකු වූ සීතාවක රාජසිංහ රජතුමාගේ ජීවන චරිතය පිළිබඳ යළි විග්‍රහයක් සිදු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.Sri Lanka Latest News

රාජසිංහ රජතුමාගේ පාලන සමයෙන් ශත වර්ෂ දෙකකට පසුව චූලවංශයේ සඳහන් වූ කරුණක් හේතුවෙන් රාජසිංහ රජතුමා ඉතිහාසයෙන් අමතක කර තිබෙන බවත්, සටන් දිනු අය පසෙකලා සටන් පැරදුණ අය වීරයන් කළ ඉතිහාසය පිළිබඳ යළි සිතා බැලිය යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පාසල් සිසු දරුවන් 12,000කට පාසල් උපකරණ සහ නිල ඇඳුම් බෙදාදීම වෙනුවෙන් හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ අද (25) පෙරවරුවේ පැවති “සීතාවක – සිසු ඇරුණලු” වැඩසටහනට එක්වෙමිනි.

මෙම සියලූ පාසල් උපකරණ සහ නිල ඇඳුම් චීන රජය මගින් ලබා දී තිබීම ද විශේෂත්වයකි.

පාසල් උපකරණ සහ නිල ඇඳුම් බෙදාදීම සංකේතවත් කරමින් සිසු දරු දැරියන් කිහිප දෙනෙකු වෙත පාසල් උපකරණ පිළිගැන්විම ජනාධිපතිවරයා අතින් සිදු විය.
සීතාවක රාජධානියේ ඓතිහාසිකත්වය ඉස්මතු කරමින් එහි පුරාවිද්‍යාත්මක වටිනාකම් ගවේෂණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට තමා උපදෙස් දි ඇති බවත් සීතාවක ඓතිහාසිකත්වය පිළිඹිඹු කෙරෙන කෞතුකාගරයක් ඉදිකිරීමට තමන් අදහස් කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
සීතාවක රාජධානිය සහ සීතාවක රාජසිංහ රජතුමා පිළිබඳ කරුණු ලියා එවන ලෙස මෙහිදී ප්‍රදේශයේ පාසල් දරු දැරියන්ට ආරාධනා කළ ජනාධිපතිවරයා එහි හොඳම නිර්මාණයට තිළිණයක් ලබාදීමට කටයුතු කරන බව ද පැවසීය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය
පාසල් සිසුන් දොළොස් දහසකට පමණ පාසල් උපකරණ සහ නිල ඇඳුම් කට්ටල ලබාදීම අද සිදු කරනවා. මෙම ආධාර අගමැතිතුමා චීනයේ සිදු කළ සංචාරයේ ප්‍රතිඵලයක් බව කිවයුතුයි. හංවැල්ල අවිස්සාවේල්ල කියන්නේ බස්නාහිර පළාතේ දියුණු අධ්‍යාපන ක්‍රමයක් පවතින ප්‍රදේශයක්. ඒ සඳහා අගමැතිවරයා විශාල කැපවීමක් සිදු කරනවා.
පසුගිය වසරේ රට මුහුණ දී තිබූ ආර්ථික අභියෝගය නිසා අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කර ගැනීමට හැකියාවක් තිබුණේ නැහැ. නමුත් ලබන වසරේ සිට අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට වැඩි මුදලක් වෙන්කිරීමට ආණ්ඩුවක් හැටියට අප සැලසුම් කර තිබෙනවා.
අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පිළිබඳව කතා කිරීමේ දී පාසල් අධ්‍යාපන ක්‍රමයත්, ටියුෂන් අධ්‍යාපන ක්‍රමයත් ක්‍රියාත්මක වෙනවා. මෙහිදී රජය වියදම් කරන මුදල වගේම මුදලක් දෙමාපියන්ට ද දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් වෙනවා. මේ පිළිබඳ සොයා බලා නව අධ්‍යාපන ක්‍රමවේදයක් සකස් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එහිදී අධ්‍යාපනඥයින්ගේ සහ සිසුන්ගේ අදහස් ලබා ගැනීමට ද කටයුතු කරනවා.

ඒ වගේම දරුවන්ට අවශ්‍ය වෘත්තීය අධ්‍යාපනය ලබා දීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කළ යුතුය. වෘත්තීය අධ්‍යාපනය ප්‍රතිසංවිධානය කරමින් ශ්‍රී ලංකාව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට කටයුතු කළයුතුයි. එසේ කිරීමෙන් ශ්‍රී ලංකාවේ අනාගත දියුණුවට අවශ්‍ය වෘත්තීය දැනුමෙන් යුත් පුරවැසියෙකු නිර්මාණය කිරිමට අපට හැකියාව තිබෙනවා. ඕස්ට්‍රේලියාව වැනි රටවල් තමන්ගේ රටේ අනාගත පුරවැසියන් නිර්මාණය කරන්නේ රටේ දියුණුවට දායක වන ආකාරයටයි.
අද මෙතන රාජසිංහ රජතුමා ගැන කවි පෙළක් කියවුණා. රාජසිංහ රජතුමා එදා නොසිටියා නම් අද ශ්‍රී ලංකාව මොසැම්බික් රාජ්‍යයක් හෝ ඇංගෝලාවක් බවට පත්වෙලා. රාජසිංහ රජතුමා තමයි දකුණු ආසියාවේම පෘතුගීසින් පරාජයට පත් කළ එකම රජතුමා.
එසේ නම් සීතාවක රාජධානිය නිසා අපේ රටේ ස්වාධීනත්වය ආරක්ෂා වුණා. ඉදිරි පරම්පරාවටත් එම දැනුම ලබා දීමට සීතාවක ප්‍රදේශයේ කෞතුකාගාරයක් ඉදි කිරීමට මම අදහස් කර තිබෙනවා.
සීතාවක රාජධානිය පිළිබඳ ජනප්‍රවාදයේ බොහෝ කතා සඳහන් වෙනවා. විශේෂයෙන්ම මුල්ලේරියාව සටන පැවති ස්ථානයේ සහ දන්තුරේ සටන පැවති ස්ථානයේ ස්මාරක ඉදිකිරීමට ද මම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත උපදෙස් දී තිබෙනවා. මේ පිළිබඳව පියවර ගන්නා ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ද අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙනවා.
අප මෙම ඉතිහාසය අමතක නොකළ යුතුයි. ඒ වගේම මෙරට ශ්‍රේෂ්ඨ රජවරුන් රට වෙනුවෙන් ඉටුකළ සේවය අමතක නොකළ යුතුයි. රාජසිංහ රජතුමාගෙන් ශත වර්ෂ දෙකකට පසුව චූලවංශයේ සඳහන් වූ කරුණක් නිසා රාජසිංහ රජතුමාව නොසළකා හැර තිබෙනවා.අප මෙම ඉතිහාසය ගැන සිතන්නේ නැහැ. සටන් පැරදුන අය වීරයෝ කරනවා. සටන් දිනූ අය පසෙකට දමනවා. ඒ නිසා සීතාවක රාජසිංහ රජතුමාගේ ජීවන චරිතය පිළිබඳ යළි විග්‍රහයක් සිදු කළයුතුයි කියා මම සිතනවා.
විශේෂයෙන්ම සීතාවක පුරාවිද්‍යා වටිනාකම් පිළිබිඹු කිරීමේ වැඩකටයුතු ආරම්භ කරන ලෙස මම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා. මොකද තව වසර කිහිපයක් යන විට මෙය නගරයක් බවට පත් වෙනවා. කෝට්ටේ නගරයට වූ දේ සීතාවකටත් සිදුවීමට ඉඩ තිබෙනවා. ඒ නිසා ඊට පෙර අප මෙම වැඩකටයුතු ආරම්භ කළයුතුයි.
අනාගතය ගොඩනඟන අතරම අතීතය පිළිබඳව ද අප අවබෝධයක් ලබාගත යුතුයි. මේ සීතාවක සියලු පාසල්වල දරුවන්ට මම ආරාධනා කරනවා සීතාවක රාජධානිය සහ සිතාවක ඉතිහාසය පිළිබඳ කරුණු ලියා අපට එවන ලෙස. ඒ අතරින් හොඳම නිර්මාණය යොමුකළ පාසලට තිළිණයක් ලබා දීමට මම බලාපොරොත්තු වෙනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
අධ්‍යාපන යනු රටේ හොඳම ආයෝජනයයි. ඒ සදහා ආණ්ඩුව සෑමවිටම කැපවී කටයුතු කරනවා. අද මේ සිදු කරන්නෙ චීන රජය ලබා දී තිබෙන පාසල් උපකරණ කට්ටල බෙදාදීම යි. ඒ සඳහා ජනාධිපතිවරයා පැමිණ ම අගය කොට සලකනවා.
කැලණි මිටියාවතේ පළමු මධ්‍ය විද්‍යාලය ලෙස හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය බිහිවුණාට පසුව විශාල සිසු පිරිසකට අධ්‍යාපන වරම් හිමි වුණා. අද මෙම පාසලෙන් බිහි වී රටේ දියුණුවට දායකත්වය ලබාදෙන විශාල පිරිසක් සිටිනවා. සෑම ආණ්ඩුවක්ම හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය දියුණු කිරීම සඳහා විශාල දායකත්වයක් ලබා දුන් බව සිහිපත් කළයුතුයි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කියූ ෂැන්හෙං (Qi Zhenhong) මහතා
චීනය සහ ශ්‍රී ලංකාව සැමවිටම එකිනෙකාට ගරු කරන සහ විශ්වාසයෙන් කටයුතු කරන මිත්‍ර රාජ්‍යයන් බව කිවයුතුයි. ඒ වගේම මෙම රටවල් දෙකම සෑමවිටම ශක්තිමත් හවුල්කාරිත්වයෙන් එකිනෙකාට උදව් කරගන්නවා.
ශ්‍රී ලාංකික ජනතාව මේ වන විට තාවකාලික දුෂ්කරතාවකට මුහුණ දී සිටිනවා. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ නායකත්වය යටතේ එම සියලු අභියෝග ජයගෙන රටේ ජනතාවට හොඳ අනාගතයක් ගොඩනඟා දීමට හැකිවනු ඇතැයි විශ්වාස කරනවා.
ශ්‍රී ලංකාවට තිරසාර සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීමට මෙන්ම පවතින ආර්ථික ගැටලුකාරී තත්ත්වයෙන් අත්මිදීමට චීනයේ සහාය සෑමවිටම ලබා දෙනවා.

අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් කුමාර, යදාමිණී ගුණවර්ධන, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස් රොෂාන් ගුණතිලක, රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති ජගත් සූරසේන යන මහත්වරු සහ ගුරුවරුන්, දෙමාපියන්, සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-09-25

SendShareShare
Previous Post

ගම්පොළදී ලංගම බස් එක නවත්වා පැහැරගෙන ගිය රියැදුරා ඔරුගොඩවත්තෙන් මතුවෙයි! ඉපැරණි කඩුවක් ගැන අහමින් පිහිවලින් ඇන පහර දුන්නාලු! VIDEO I Sri Lanka Latest News

Next Post

වෙඩි තබා ඝාතනය කළ රාජ්‍ය ඇමති ඩී.වී. චානකගේ මාමාගේ සිරුරෙන් හමුවූ උණ්ඩ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යවයි! Sri Lanka Latest News

MORE NEWS

මේක භයානකයි! ජනාධිපති අධිකරණයට අත දාන්න පටන් අරන්! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර-සජිත් එක මතයකට ඇවිත්! I Sri Lanka Latest News

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News
Exclusive

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News

ජනතා දේපළ කොල්ලකෑවේ නෑ – ජීවිතයම ජනතාව වෙනුවෙන් කැපකළා…! අවස්ථාවාදී දේශපාලකයන් උගත යුතු සුකීගේ පාඩම!  Sri Lanka Latest News
Exclusive

ජනතා දේපළ කොල්ලකෑවේ නෑ – ජීවිතයම ජනතාව වෙනුවෙන් කැපකළා…! අවස්ථාවාදී දේශපාලකයන් උගත යුතු සුකීගේ පාඩම! Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

කලාපීය රටවල තෙල් මිල අඩු කරනවා! ලංකාවේ හැම මාසෙම තෙල් මිල වැඩි කරනවා! I Sri Lanka Latest News

ආණ්ඩුව කරන්නේ මාලිමාවෙන්ද-පැලවත්තෙන්ද? මාලිමාවේ ඇමැති කියනවා පළාත් සභා මේ අවුරුද්දේ තියනවා කියලා! ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් යාපනයටම ගිහින් කියනවා මේ අවුරුද්දේ පළාත් සභා නෑ කියලා..! ලබන අවුරුද්දෙත් තියන්න වෙන්නේ වෙන ප්‍රශ්න මොනවත් ආවෙ නැත්නම්ලු! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගමේ මාලිමාවෙන් රතු එළි පත්තු වෙයි! අනුර-ටිල්වින් අලුත් ගේමකට ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

වෙනදා ගියේ විපක්ෂයේ මන්ත්‍රීවරු! මාලිමා මන්ත්‍රීලාගේ CID පැමිණිලිවලට මොකද වුණේ? Sri Lanka Latest News

Load More
මේක භයානකයි! ජනාධිපති අධිකරණයට අත දාන්න පටන් අරන්! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර-සජිත් එක මතයකට ඇවිත්! I Sri Lanka Latest News

මේ දිනවල බොහෝ දෙනා මෙගා නාට්‍යයක් බලන ආකාරයට ඇස් කන් දල්වාගෙන බලා සිටින්නේ දිනපතාම පාහේ අත්අඩංගුවට පත්වන විපක්ෂයේ නියෝජිතයන් දෙසය....

Read more
තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I  Sri Lanka Latest News

තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I Sri Lanka Latest News

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News

ජනතා දේපළ කොල්ලකෑවේ නෑ – ජීවිතයම ජනතාව වෙනුවෙන් කැපකළා…! අවස්ථාවාදී දේශපාලකයන් උගත යුතු සුකීගේ පාඩම!  Sri Lanka Latest News

ජනතා දේපළ කොල්ලකෑවේ නෑ – ජීවිතයම ජනතාව වෙනුවෙන් කැපකළා…! අවස්ථාවාදී දේශපාලකයන් උගත යුතු සුකීගේ පාඩම! Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

කලාපීය රටවල තෙල් මිල අඩු කරනවා! ලංකාවේ හැම මාසෙම තෙල් මිල වැඩි කරනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.