සිංහල – දෙමළ අලුත් අවුරුද්ද අත ළඟ තිබියදී ගෑස් ඇතුළු පාරිභෝගික ද්‍රව්‍යවල අමුද්‍රව්‍යවල මිල ඉහළ දැමීමත් සමගම අවුරුදු කෑම මේසයට අවැසි රසකැවිලි මිල වෙන කවරදාකවක් නැති ඉහළ මට්ටමකට නැග ඇතැයි ජනතාව මැසිවිලි නගති.Sri Lanka Latest News
පවතින තත්ත්වය හමුවේ රසකැවිලි මිල වෙන වසරවලට වඩා ඉහළ දැමීමට සිදුව ඇතැයි රසකැවිලි නිෂ්පාදකයෝද පෙන්වා දෙති.
ඒ අනුව ආස්මී එකක නව මිල රුපියල් 180 සිට රු. 200 දක්වාද, කොණ්ඩ කැවුමක මිල රු. 90 සිට රු. 100 දක්වාද, පැණි වළල්ලක් රු. 100කටද, මුං කැවුමක් රු. 80කටද අලෙවි කිරීමට සිදුව ඇති බව රසකැවිලි වෙළෙන්සෝ පවසති.
මෙයට අමතරව කොකිස් එකක මිල රුපියල් 40කටද, අළුවා එකක් රුපියල් 70කටද, පොල් ටොෆියක් රුපියල් 20කට අලෙවි කෙරෙන බවද ඔවුහු පවසති .
මේ අතර වෙළෙඳ පොළේ පොල්තෙල් බෝතලයක් රු. 800 සිට රු. 960 – 1000 අතර මිලක් දක්වාද, බටර් කේක් කිලෝවක් රුපියල් 1000 සිට රු. 1,200ක් දක්වාද මිල ඉහළ නැග ඇති බව වෙළෙන්දෝ කියති .
කෙසේ වෙතත් සිංහල අවුරුදු සමයක සෙසු ද්‍රව්‍යවල ඉහළ නැගීමත්, රසකැවිලිවල මිල ඉහළ නැගීමත් දරාගත නොහැකි බව මහජනතාව කියති.
නන්දන ශ්‍රී දොරකුඹුර










