ලංකා විදුලිබල මණ්ඩලය ගල්අඟුරු ආනයනය කිරීමේදී සිදු වූ මෑතකාලීන පාඩුව, මෙරට විදුලි ගාස්තු ඉහළ දැමීමට බලපෑ එක් ප්‍රධාන සාධකයක් බව අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී ඉවාන් පපගියෝර්ජියෝ (Evan Papageorgiou) පවසනවා.Sri Lanka Latest News
ඊයේ (09) දින ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
එමෙන්ම, විදුලිබල මණ්ඩලයේ මූල්‍ය ස්ථාවරත්වය සහ පැවැත්ම තහවුරු කිරීම සඳහා ගාස්තු සංශෝධනය කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව ඔහු මෙහිදී අවධාරණය කරනු ලැබුවා.
ගල්අඟුරු නැව්ගත කිරීම්වලදී සිදුවූ පාඩුව විදුලිබල මණ්ඩලයේ ලාභයට සෘජු බලපෑමක් එල්ල කර ඇති බවත්, එය ගාස්තු ඉහළ නැංවීමට නිර්දේශ කිරීමට එක් හේතුවක් වූ බවත් සඳහන් කළ ඔහු, අනාගතයේදී මෙවැනි පාඩු වළක්වා ගැනීම සඳහා අදාළ පාර්ශ්වකරුවන් අතර මීට වඩා යහපත් සම්බන්ධීකරණයක් පැවතිය යුතු බවද පෙන්වා දෙනු ලැබුවා.










