සමස්ත ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 27ක් වන අතර,මෙයින් ඇමරිකානු ඩොලර් බිලියන 13ක් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හා ප්‍රාථමික බැඳුම්කර වන නමුත්, මේවා සම්බන්ධ කිසිදු එකඟතාවයක් මේ වන තුරු ලබා නැති බවත්, ප්‍රශස්තිකරණය හා ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ නාමයෙන් මෙතෙක් දුරට කොට ඇත්තේ,දේශීය ණය පියවා ගැනීම සඳහා සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල ආක්‍රමණය කිරීම පමණක් බවත් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කියා සිටියේය.Sri Lanka Latest News
අද(22) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අදහස් දැක්වූ ඒ මහතා පෙන්වා දුන්නේ විදේශීය පුද්ගලික ණය හිමිකරුවන් සමඟ අප්‍රේල් මාසයට පෙර එකඟතාවයකට පැමිණෙන බව රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රතිඥා දී ඇති නමුත්, එය කිරීමට නොහැකි වූ බවත්, එයට හේතුව මහා පරිමාණ වංචා-දූෂණ බවත්ය.
මෙම රජය ජනතාව රවටන ගමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබා දුන් පොරොන්දු පවා කඩ කරමින් සිටින බව කී ඒ මහතා ඉහ වහා ගිය වංචා- දූෂණ නිසා IMF ගිවිසුම ක්‍රියාත්මක කිරීමට නොහැකි බවද කියා සිටියේය.
IMF තුන්වන වාරික වන ඇමරිකානු ඩොලර් මිලියන 337 ලබා ගැනීමට පෙර වංචා දූෂණ වැළැක්වීම සඳහා පාර්ලිමේන්තුවෙන් ප්‍රබල පනතක් සම්මත කළ ගත යුතු බව IMF විසින් දන්වා ඇති බවත්, රටට ආයෝජන ගලා ඒමට ඇති එකම අවහිරතාවය වන්නේ, රටේ වංචා දූෂණ ඉහළ ගොස් ඇති නිසා බවත් මහාචාර්යවරයා කියා සිටියේය.
⛔ දින 86කට පසු මැතිවරණ කොමිෂන් සභාවට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ මූලික පියවර ගැනීමට බලය හිමිවනවා..
⛔ මෙම රජය යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් නිදහස් අධ්‍යාපනය මළගම සඳහා පාර කපනවා..
⛔මෙම යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි වන බවත්,අධ්‍යාපනය ව්‍යාපාරයක් බවට පත් වී අධ්‍යාපන ක්ෂේත්‍රයේ විකෘතියක් පිළිබිඹු වනවා..
⛔බාල ඖෂධ මගඩිය නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රය ප්‍රබල අවධානමකට ලක්වෙලා…
⛔ඖෂධ නියාමන අධිකාරියේ කාර්යභාරයේ සිදු කිරීමට අවශ්‍ය ප්‍රමාණවත් නිලධාරින් සපයා නෑ…
⛔බලයට පත්වන අභිනව රජයක් යටතේ ප්‍රමුඛ කාර්යභාරය වන්නේ වංචා- දුෂණ සොයා බලා ජනතාවට සාධාරණයක් ඉෂ්ට කිරීමයි…
⛔මොන මැතිවරණ කල් දැමුවත් ජනාධිපතිවරණය කල් දැමීමට කිසිදු බලවේගයකට බෑ…
⛔ජනතා වරමක් සහිත ආණ්ඩුවක් හැකි ඉක්මනින් ජනතාවට ලබාදීමට පොදු විපක්ෂය එකා මෙන් අත්වැල් බැඳගෙන සිටිනවා…
⛔පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලුම වැරදිකරුවන් නීතිය හමුවට හැකි ඉක්මනින් ඉදිරිපත් කළ යුතුයි…
⛔ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අර්බුදය රටට විහිළු සපයනවා…